ප්‍රධාන කතෘ / සම්පාදක

මෙම මනස්කාන්ත වෙබ් අඩවිය, සෑම සූත්‍ර දේශනාවකට ම වෙබ් පිටුවක් සහිත අන්තර්ජාල සංස්කරණයක් කීරීමේ මා තුල වූ පරම පවිත්‍ර චේතනාවේ එළිදැක්වීමකි. මෙයින් ත්‍රිපිටකාගත සුත්‍ර දේශනාවන් හා විනය හා අභිධර්ම දේශනාවන්ගේ පරිවර්ථනයන් වෙබ් අවකාශය තුල සැරිසරන්නන් ට පහසුවෙන් සොයා ගත හැකි අයුරින් ගැනීම කළ හැකි වන අතර ඉතාමත් ඉක්මනට තමන්ට අවශ්‍ය වන කරුණු සහිත සූත්‍ර දේශනාවන් හෝ විනයාගත අභිධර්මාගත කරුණු සම්බන්ධව සොයා ගැනීමට ද මහත් පහසුවක් ඇති කරවීම අපගේ අරමුණ යි.

මෙම වෙබ් අඩවියේ අන්තර්ගත වන්නේ බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ එන සිංහල පරිවර්ථනයන් ය. ඒවා ඒ අයුරින් ම සුනිඛේත කරනයට ලක් කර ඇති අතර පෙය්‍යාල ක්‍රමයෙන් ආ කොටස් නිසි පරිදි පූරණය කොට අන්තර්ජාල පරීශීලකයන්ට පහසුවක් වන අයුරින් සකස් කර ඇත. මේ සියල්ලම හුදු ශ්‍රද්ධා අබිලාසයෙන් සද්ධර්ම උන්නතිය පිණිස කරන ලද බවත්, පෞද්ගලික ලාභ, කීර්ති ප්‍රසංසාවන් පිණිස නිර්මාණය නොකර ලද්දක් බවත්, මෙහි දී අප විසින් යම් නීතියක් උල්ලංඝණය කර ඇති බවක් වේ නම්, කාරුණා පෙරදැරිව අප වෙත දන්වා සිටීනු ඇතැයි අප බලාපොරොත්තු වන බවත් මෙයින් මෙත් සිත් පෙරටුව දන්වා සිටිමි. එසේම යම් අකුරක හෝ වරදක් දුටුව හොත් ඒ බව අප වෙත කියා එවීම මෙම සත්ක්‍රියාව එවන් පුංචි දෝෂයකුදු නොමැතිව පවත්වා ගෙන යනු පිණිස ඔබ විසින් අපට කරන මහත් උපකාරයක් බවත් සිහපත් කරනු කැමැත්තෙමි. ්‍

මේ තුලින් උපදින්නා වූ කුසලය, ලෝක සාසනික සේවාවන්හී නියුතු ව වැඩ සිටියා වූද, ත්‍රිපිටක ධර්මය සංරක්ෂණය කරමින් අතීතයේ පටන් වෙහස වූවා වූ, හා වර්ථමානයෙහි ද වැඩ සිටින්වා වූ සංඝපීතෘන් වහන්සේලා කෙරෙහි කෘතවේදී සිතින් යුතුව පුණ්‍යාණු මෝදනා කරම්හ. මේ මා හැඟී පුණ්‍යය ඒ උතුමන් වහන්සේලාගේ සියළු අභිමතාර්ථයන් ප්‍රාර්ථනාවන් මුදුන් පමුණුවා ගැනීම පිණිස වේවා. සැම දෙනා වහන්සේට ම උතුම් පරම පවිත්‍ර වූ ශාන්තප්පවර වූ අමා නිවනින් සැනසීම පිණිස ම වේවා යි පතන අතර අපගේ මේ කටයුතු වලිට එතුමන් වහන්සේලාගේ මෛත්‍රී පූර්වාගම ආශිර්වාදය ද නිරතුරුව ලැබේවායි ද පතමි.

එසේ ම සම්බුදු සසුන තුල සනාථන රැකවරණය ලබන්නට පෙරට විත්, බුදු සසුන් ගුණ පුරණ මහා සඟරුවනට සිව්පසයෙන් උපස්ථාන සලසන්නා වූ ද, සාසනික සියළු දේට රැකවරණයත්, දියුණුවත් පිණිස පවතින්නා වූ ද, සියළු සැදැහැවත් සීල් මැණිවරු, උපාසක උපාසිකා යන පිංවතුන්ට ද මේ පිණ එකසේ ම අනුමෝදනාවෙන්, සියළු යහපත සැපත හා අභිවෘද්ධිය වේවා. අමා නිවන් මඟ පාරමී ගුණ මුදුන් පමුණුවා ගන්නට වාසනා වේවා.

අවසාන වසයෙන් මේ මහනීය කුසලය මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් අපට සහයෝගය ලබා දෙමින් කයුතු කරන සැම දෙනාට ද මේ පුණ්‍ය බලයෙන් සියළු යහපත් පැතුමන් සාකල්‍යය යෙන් ම සමෘද්ධ වේවා. යි මෙත් සිතින් පතන අතර අප හට ද මේ සියළු දුක් නිමාකර ලබන අමා නිවන පිණිස මේ පිණ උපකාර වේවා !!!
සතං සමාගමෝ හෝතු යාවනිබ්බාණ පත්තියා.

පූජනීය එප්පාවල සාගරසුමන ස්වාමීන් වහන්සේ.
ශ්‍රි සූමේධ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය
ගෝමරේ පාර ,
තවලන්තැන්න.