ජනවසභ සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

දික්සඟිය

(ද්විතීය භාගය)

මහාවර්‍ගය

______

ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.

_____

5

ජනවසභ සූත්‍රය

 

1.         මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ඥාතිකා ගමැ ගෙඩිගෙහි වැඩ වසන සේක. එ සෙමෙහි භාග්‍යවතුන් වහන්සේ කාසි කෝසල වජ්ජිමල්ල චේති වංස කුරු පඤචාල මච්ඡ සුරසේන යන වටා වටා දනවුහි ඉකුත් කලැ වුසු කලුරිය කළ උවසුවන් ඇරැබැ ‘අසෝ තැනැත්තේ අසෝ තැනැ උපන, අසෝ තැනැත්තේ අසෝ තැනැ උපනැ” යි ඔවුන් ගේ උපපත්ති විෂයයෙහි කරුණු හෙළි කැරැ වදාරන සේක.  ඥාතිකාවාසී වු ද පනසකට වැඩි තරම් වු, ඉකුත් කලැ වු, කලුරිය කළ උපසුවෝ අවරභාගික සංයෝජන පස නැසු හෙයින් ඒ ශුද්ධාවාසයෙහි උපන්නාහු, එහි ම පිරිනිවෙන සුලු වුවාහු.  එ ලෙවින් වටාලා නො එන සුලු වෙත්.  ඉකුත් කැලැ සිටි, කලුරිය කළ, ඥාතිකාග්‍රාමවාසී අධිකයක් සහිත අනුවක් (අනුවකට වැඩි) උවසුවෝ, තුන් සංයෝජනයන් නැසු හෙයින් රාග ද්වේශ මෝහ තුනී වු හෙයින්, සොදැගැමි වුවාහු, එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ.  අතිරේකයක් සහිත පන්සීයක් ඥාතිකාග්‍රාමවාසී උපාසකයෝ ඉකුත් කලැ සිට  කලුරිය කළාහු, තුන් සංයෝජනයන් නැසු හෙයින් සෝවාන් වුවාහු, අපායට නොවැටෙන සුලු වුවාහු, රහත්බවට නියත වුවාහු, රහත් බව පිහිට කොටුත්තාහු වෙත්” යි ද වදාළ සේක.

2,         භාග්‍යවතුන් වහන්සේ කාසි කෝසල දෙරටෙහි ද වජ්ජි මල්ල දෙරටෙහි ද චේති වංස දෙරටෙහි ද කුරු පංචාල දෙරටෙහි ද මච්ඡ සුරසේන දෙරටෙහි ද යන වටා වටා දනවුහි ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ උපසුවන් ‘අසෝ තැනැත්තේ අසෝ තැනැ උපන, අසෝ තැනැත්තේ අසෝ තැනැ උපනැ යි උපපත්ති නිමිත්තෙන් ඔවුන් (මරනින් පසු තතු) හෙළි කරන සේක.  ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ, ඥාතිකාවාසී පනසකට වැඩි ගණනක් උවසුවෝ, අවරභාගික සංයෝජන පස නැසු හෙයින් ශුද්ධාවාසයෙහි උපන්නාහු, එහිදී පිරිනිවෙන සුලු වුවාහු.   වටාල එයින් මෙහි නො එන සුලු වෙත්.  ඉකුත් කැලැ සිටි, කලුරිය කළ, ශුද්ධාවාසී අනුවකට වැඩි ගණනක් උවසුවෝ තුන් සංයෝජන නැසුයෙන්, රාග ද්වේෂ මොහ තුනි වුයෙන්, දෙ ගැමි වුවාහු, එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ.  ඉකුත් කලැ සිටි, කලුරිය කල පන්සියකට වැඩි ගණනන් ඥාතිකාවාසී උවසුවෝ, තුන් සංයෝජන නැසුයෙන්, සෝවාන් වුවාහු. අපායට නොවැටෙන සුදු වුවාහු, රහත් බවට නියත වුවාහු, රහත්ඵලය ප්‍රතිෂ්ඨා කොටුත්තාහු වෙත් යැ යි වදාරන සේකැ යි ඥාතිකාග්‍රාමවාසී උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ ගේ ප්‍රශ්නව්‍යාකරණය අසා එයින් ද ගන්නා ලද සිතැත්තාහු, සතුටු වුවාහු. හටගත් ප්‍රීති හා සොම්නස් හා ඇත්තෝ වුහ.

3.         භාග්‍යවතුන් වහන්සේ කාසි කෝසල දෙරටෙහි ද වජ්ජි මල්ල දෙරටෙහි ද චේති වංස දෙරටෙහි ද කුරු පංචාල දෙරටෙහි ද මච්ඡ සුරසේන දෙරටෙහි ද යන වටා වටා දනවුහි ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ උපසුවන් ‘අසෝ තැනැත්තේ අසෝ තැනැ උපන, අසෝ තැනැත්තේ අසෝ තැනැ උපනැ යි ද උපපත්ති නිමිත්තෙන් ඔවුන්ගේ මරණින් පසු ගතිය) හෙළි කරන සේක.  ඉකුත් කලැ සිටි, කලුරිය කළ, ඥාතිකාවාසී වු පනසකට වැඩි ගණනක් උවසුවෝ, අවරභාගික සංයෝජන පස නැසු හෙයින් ශුද්ධාවාසයෙහි උපන්නාහු, එහිදී පිරිනිවෙන සුලු වුවාහු.   වටාල එයින් මෙහි නො එන සුලු වෙතැයි ද, ඉකුත් කැලැ සිටි, කලුරිය කළ, ඥාතිකාවාසී අනුවකට වැඩි ගණනක් උවසුවෝ තුන් සංයෝජන නැසු හෙයින්, රාග ද්වේෂ මොහ තුනි වු හෙයින් සෙදැගැමි වුවාහු, එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ” යි ද,  ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කල පන්සියකට වැඩි ගණනන් ඥාතිකාවාසී උවසුවෝ, තුන් සංයෝජන නැසු හෙයින් සෝවාන් වුවාහු. අපායට නොවැටෙන සුදු වුවාහු, රහත් බවට නියත වුවාහු, රහත්ඵලය ප්‍රතිෂ්ඨා කොටැති යැහු වෙතැ යි ද වදාරන සේක් ල, භාග්‍යවතුන් වහන්සේ ගේ ප්‍රශ්නව්‍යාකරණය අසා එයින් ඥාතිකාවාසී උවසුවෝ ආරාධිත සිතැන්තාහු, සතුටු වුවාහු, හටගත් ප්‍රීති හා සොම්නස් හා ඇත්තාහු ද වෙත් ලැ” යි අනඳ තෙරණුවෝ ඇසුහ.

ආනන්ද පරිකථාව

4.         එ කල්හි වනාහි අනඳ තෙරුනට මේ සිත විය: ‘ළඟ ඉකුත් කැලැ සිටි, කලුරිය කළ, මගද රටැ වැසි චිරරාත්‍රඥ බොහෝ උවසුවෝ ද වුහ. ‘ළඟ ඉකුත් කැලැ සිට, කලුරිය කළ, අඟු මගද දෙරටැ වුසු (අරීසවු) උවසුවන් ලෙන් මෙ දෙ රට හිස් වු නායි යැ (හිස් වුවාක් මෙන් අන්‍යයනට පෙනෙයි).  ඒ අඟු මගද දෙරටැ වැසියෝ ද බුදුරජුන් කෙරෙහි පහන් ද දහම්හි පහන් ද සඟුන් කෙරෙහි පහන් ද සිල් පුරන සුලුද වුහ. ළඟ ඉකුත් කළ ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් නො ම හෙළි කරන ලදුහ.  ඔවුන් ගේ ද උපපත්තිය හෙළි කරනු මනා ය.  බොහෝ දෙනා පහදිනු ඇත.  එයින් සුගතියට යනු ඇත.  මේ මගධාධිපති ශ්‍රෙණික බිම්බිසාර රජ ධාර්මික ද ධර්මරාජ ද බමුණු ගැහැවියනටත් නිගසවාසී ජනපදවාසී ජනයාටත් හිතකාමී ද වීය.  මිනිස්සුද දැහැමි වු, දැහැමින් රැජැයු අපේ රජ රට සුවපත් කොට මෙසේ කලුරිය කෙළේ යැ” යි ‘ මෙසේ අපි දැහැමි වු සැහැමෙන් රජ වු ඔබේ රටැ සුව සේ වුසුම්හ යි ද, එ රජුහු ගුණ වණන්නාහු ද වෙසෙත්.  ඒ රජ ද බුදුරජුන් කෙරෙහි පහන් ද දහම්හි පහන් ද සඟුන් කෙරෙහි පහන් ද සිල් පුරන සුලු ද වීය.  කලුරිය කරන තෙක් දු මගධාධිපති ශ්‍රෙණික බිම්බිසාර රජ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වණන සුලු වැ වැස කලුරිය කෙළෙ යැ” යි මිනිස්සු ද මෙසේ කියත්. හේ ළඟ ඉකුත් කල්හි කලුරිය කෙළේ, භාග්‍යවතුන් වහන්සේ විසින්  (මොහුගේ උපප්තතිය මෙසේ යැ යි) නො ම හෙළි කරන ලද්දේ ය.  ඔහුගේ  උපප්තතිය ද හෙළි කරනු මානා යැ.  බොහෝ දෙනා පහදිනු ඇත.  එයින් සුගතියට යනු ඇත.  භාග්‍යවතුන් වහන්සේගේ සම්බොධිය මගද රටෙහි වීය.  යම් මගද රටෙක භාග්‍යවතුන් වහන්සේගේ සම්බොධිය වීද, එහි සමීපාතීත වු කලුරිය කළ උවසුවන් කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේගේ (ඔවුනගේ) උපපත්තීන් නිමිත්තෙන් නො ම හෙළි කළ යුතු වන සේක් ද?  භාග්‍යවතුන් වහන්සේ වනාහි සමීපාතීතයෙහි කලුරිය කළ මගද රට වැසි උවසුවන් ඔවුන්ගේ උපපත්ති නිමිත්තෙන් නො හෙළි කරන සේක් වු නම්, එයින් මගද රට උවසුවෝ බැගෑපත් සිතැති වන්නාහ.  මගද රටැ වැසි උවසුවෝ යම් කරුණෙකින් බැගෑපත් සිතැති වන්නාහු ද, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් ඒ (උප්පත්ති නිමිත්තෙන්)හෙළි නො කරන සේක් ද? යනු යැ.

5,         අනඳ තෙරණුවෝ මගද රටැ වැසි උවසුවන් ඇරැබැ හුදෙකලා වැ රහසිගත වැ මෙසේ පුනපුනා සිතා, රෑ අලු යමැ නැඟීසිට, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ.  එළැඹ ඔබ වැඳ, පසෙකැ හිඳගත්හ.  පසෙකැ හිඳ ම  භාග්‍යවතුන් වහන්සේට මෙ බස් පැවැසුහ:

            ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කාසි කෝසල දෙරටෙහි ද වජ්ජි මල්ල දෙරටෙහි ද චේති වංස දෙරටෙහි ද කුරු පංචාල දෙරටෙහි ද මච්ඡ සුරසේන දෙරටෙහි ද යන වටා වටා දනවුහි ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ උපසුවන් ‘අසෝ තැනැත්තේ අසෝ තැනැ උපන, අසෝ තැනැත්තේ අසෝ තැනැ උපනැ” යි උපපත්ති නිමිත්තෙන් (ඔවුන් මරණින් පසු තතු) හෙළි කරන සේක.  ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ, ඥාතිකාවාසී පනසකට වැඩි ගණනක් උවසුවෝ, අවරභාගික සංයෝජන පස නැසුයෙන් ශුද්ධාවාසයෙහි උපන්නාහු, එහිදී පිරිනිවෙන සුලු වුවාහු.  වටාල එයින් මෙහි නො එන සුලු වෙත්. ඉකුත් කැලැ සිටි, කලුරිය කළ, ඥාතිකාවාසී අනුවකට වැඩි ගණනක් උවසුවෝ තුන් සංයෝජන නැසුයෙන්, රාග ද්වේෂ මොහ තුනි වුයෙන්, සෙදැගැමි වුවාහු, එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ. ඉකුත් කලැ සිටි, කලුරිය කල පන්සියකට වැඩි ගණනන් ඥාතිකාවාසී උවසුවෝ, තුන් සංයෝජන නැසුයෙන්, සෝවාන් වුවාහු. රහත්ඵලය ප්‍රතිෂ්ඨා කොටැත්තාහු වෙත්” යැයි වදාරන සේක.  එයින් ඥාතිකාවාසී උවසුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්නව්‍යාකරණය අසා ආරාධිත සිතැත්තෝ ප්‍රමුදිතයෝ උපන් ප්‍රීති හා සොම්නස් හා ඇත්තෝ වුහ.  වහන්ස, ළඟ ඉකුත් කලැ කලුරිය කල මගද රට වැසි චීරරාත්‍රඥ වු මේ බොහෝ උවසුවෝ වුහ.  අඟු මගද දෙරට ළඟ ඉකුත් කලැ කලුරිය කල අඟුමගද වැසි උවසුවන් ගෙන් හිස් වු සේක.  වහන්ස, ඔහු ද බුදු රජු කෙරෙහි පැහැදුණා වු, දහම්හි පැහැසුණාහු, සඟුන් කෙරෙහි පැහැසුණාහු, සිල් පුරන්නාහු වුහ.  ළඟ ඉකුත් කලැ කලුරිය කළ ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් නො හෙළි කරන ලදහ.

ඔවුන්ගේ ද (උපපත්තිය) හෙළි කිරිම වේවා යි යදිම්.  එයින් බොහෝ දෙනා පහදිනු ඇත.  සුගතියට යනු ඇත.  වහන්ස, මගධාධිපති වු මේ ශ්‍රේණික බිම්බිසාර රජ දැහැමි විය, දැහැමෙන් රජයන්නේ වීය.  බමුණනට ද ගැහැවියනට ද නියම්ගම්වැසියනට ද දනවු වැසියනට ද වැඩ කැමැති වීය.  තව ද ‘මිනිස්සු මෙසේ ඒ දැහැමි වු දැහැමෙන් රැජුයු බිම්බිසාර රජ අප සුව පත් කොට කලුරිය කළේය. මෙසේ අපි දැහැමෙන් රැජැයු ඒ දැහැමි රජුගේ රටෙහි පහසුවෙන් වුසුම්හ” යි ඔහු ගුණ වණන සුලු ව වෙසෙත්.  වහන්ස, තව ද එ රජ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණෙක, දහමෙහි පැහැසුණෙක, සඟුන් කෙරෙහි පැහැඳුණෙන, සිල් පිරූයෙක.  තව ද මිනිස්සු මියැ යන තාක් ම මගධාධිපති වු ශ්‍රේණික බිම්බිසාර රජ භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන සුලු වැ වැස කලුරිය කෙළේයැ යි මෙසේ කියත්.  ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ හෙ තෙමෙ භාග්‍යවතුන් වහන්සේ විසින් හෙළි නො කරන ලදි. ඔහුගේ ද උපපත්තිය හෙළි කිරිම වේව යි යදිම්. බොහෝ දෙනා පහදිනු ඇත.  එයින් සුගතියට යනු ඇත.  වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සම්බොධිය (බුදු බව ලැබීම) වූයේ මගද රටෙහි ය.  වහන්ස, යම් මගද රයෙක භාග්‍යවතුන් වහන්සේගේ සම්බොධිය වී නම්, එ මගද රටැ වුසු, ළඟ ඉකුත් කල්හි වු, කලුරිය කළ අවසුවන් කෙසේ නම් උපපත්තිය නිමිත්තෙන් හෙළි නො කරන සේක් ද? වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ළඟ ඉකුත් කල්යු වු, කලුරිය කළ මගද රටැ විසු උවසුවන් උපපත්ති නිමිත්තෙන් හෙළි නො කරන සේක් වී නම්, මගද රටැ විසු උවසුවෝ එයින් බැගෑපත් සිතැත්තෝ වන්නාහ.  වහන්ස, යම් හෙයකින් , මගද රටැ වැසි උවසුවෝ බැගෑපත් සිතැත්තෝ වන්නාහු නම්, කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ ඔවුන් (උපපත්ති නිමිත්තෙන්) හෙළි නො කරන සේක් ද?

අනඳ තෙරුණුවෝ මගද රටැ වැසි උවසුවන් ඇරැබැ භාග්‍යවතුන් වහන්සේ,  හමුයෙහි මේ විස්තර කථාව කොට, හුනස්නෙන් නැඟී ඔබ වැඳ පැදකුණු කොට නික්මියාහ. 

6.         එ කලැ භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුණ් නික්මැ ගිය නොබෝ කල්හි, පෙර වරු සමයෙහි හැඳැ පෙරෙ වැ පා සිවුරු ගෙන, ඥාතික ගමට පිඬු පිණිස හැසිර, පසුබත්හි පිඬු පා ගමනින් පෙරළා ඇක්මුණ සේක්, පා සෝදා ගිඤ්ජකාවසථයට (ගඩොළු ගෙට) වැඩ, මගද රට වැසි උවසුන් ඇරැබ, කරුණු සලකා මෙනෙහි කොට, සියල්ල සිතින් එක් කොට ගෙන, ඒ භවත්හු යම්බඳු පරලොව් ගතියක් ඇත්තාහු ද, ඔවුන්ගේ ඒ ඥානගතිය, ඒ පරලොව ගතිය දැනගන්නෙමි” යි සිතා පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක.  ඒ භවත්හු යම් ඥානගතියක් ඇත්තාහු ද, යම් පරලොව් ගතියක් ඇත්තාහු ද, එසේ වු මගද රටැ වුසු ඒ උවසුවන් භාග්‍යවතුන් වහන්සේ දුටු සේක.  එයින් පසු සවස් වේලේ සමවතින් නැඟී සිටි සේක්, ගඩොළු ගෙයින් නික් මැ වෙහෙරැ ඉදිරි පසැ සෙවණෙහි පන වන ලද අස්නෙහි වැඩ හුන් සේක.  

7.         එ කලැ අනඳ තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ.  එළැඹ ඔබ වැඳ එක් පසෙක හුන්හ.  අනඳ තෙරුණුවෝ එක් පසෙක හුන්නාහු ම භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ උපශාන්ත වු දැකුම් ඇති සේක.  ඉඳුරන් වෙසෙසින් පහන් බැවින් භාග්‍යවතුන් වහන්සේගේ  මුඛවර්ණය බබළන සේ ය.  වහන්ස, අද භාග්‍යවතුන් වහන්සේ ශාන්ත විහරණයෙකින් වුසු සේකැ යි හභිම්” යැ යි කීහ.  එ විට භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්, ‘අනඳයෙනි, යම් විටෙක තෙපි මගද රටු වුසු උවසුවන් ඇරැබැ මා හමුයෙහි වර්ණනා කථාව කොට හුනස්නෙන් නැභි නික්මුණහු ද, එ විට ම මම් ඥාතික ගමැ පිඬු පිණිස හැසිර පසු බතැ පිණ්ඩපාතයෙන් පෙරළා ඇක්මුණෙම්, පා දෙවැ ගඩොළු ගෙට වැද මගද රටැ වුසු උවසුවන් ඇරැබැ, කරුණු සලකා බලා මෙනෙහි කොට, සියල්ල සිතින් එක් කොට ගෙන, ඒ භවත්හු යම්බඳු ඥානගති ඇත්තෝ වුහු ද, යම්බඳු  පරලොව් ඇත්තෝ වුහුද, ඔවුන්ගේ ඒ ඥානගතිය, ඒ පරලොව් ගතිය දැන ගන්නෙමි” යි සිතා, පනවන ලද අස්නැ හිඳැ ගතිමි.  අනඳයෙනි, ඒ භවත්හු යම්බඳු ඥානගති ඇත්තෝ වුහු ද, යම්බඳු  පරලොව් ගති ඇත්තෝ වුහු ද, එසේ වු ගති ඇති මගද රටැ වු ඒ උවසුවන් මම් දුටු යෙම් ම ය.

ජනවසභයා පැමිණිම

8, අනඳයෙනි, එ කලැ අතුරුදහන් වු යක්ෂයෙක් භාග්‍යවතුන් වහන්ස මම් ජනවසභයෙමි.  සුගතයන් වහන්ස, මම් ජනවසභයෙමි” යි හඬ ඇස්වී ය (ශබ්දයක් පැවැත් වීය).  අනඳයෙනි, ජනවසභ යන මේ නම තොප මෙයින් පෙරැ ඇසුවා දනිවු ද?” යි අසා වදාළ සේක.  ‘වහන්ස, ජනවසභ යන මේ නම මෙයින් පෙරැ ඇසුවා නො ම දනිමි.  එහෙත් වහන්ස, ජනවසභ යන නම ඇසිමෙන් මා ලොමුදහ ගත.  වහන්ස, එ මට ‘ජනවසභ යන මෙබඳු නමෙක් යමකුහට පනවන ලද්දේ නම් හේ එසේ මෙසේ යකෙක් නො වන්නේ යැ” යි අනඳ කෙරුනුවෝ කිවු ය.

            ‘අනඳයෙනි, හඬ නැඟෙන්නා හා ම උදාර වු සිරුරු පැහැ ඇති යක්ෂයෙක් මා ඉදිරියෙහි පහළ වීය.  දෙවනු වරැ ද හෙ තෙම ‘භාග්‍යවතුන් වහන්ස, මම බිම්බිසාර වෙමි, සුගතයන් වහන්ස, මම බිම්බිසාර වෙමි” යි හඬ ඇස්වී ය.  ‘වහන්ස, මේ සත්වන වර වෙසවුණු මහරජු ගේ සහභාවයට පැමැණියෙමි.  ඒ මම් මෙයින් සැව මිනිස් රජක්හු වන්නට හැක්කෙමි.  මේ දෙව්ලොවින් සැවැ සත් වරක් ද, ඒ මිනිස් ලොවින් සැවැ සත් වරක් දැ යි මෙසේ යම් දෙව් මිනිස් දෙ ලොව්හි පෙරැ මා වුසුයේ ද, ඒ දෙ තන්හි ම හැම ලෙසින් කඳ පිළිවෙළ තුදුසක් විසීම දනිමි.  වහන්ස, දික් කලක් ම අපායකට නො වැටුණෙම්, අපායට මාගේ නොවැටීම දනිමි.  සෙදැගැමි බව පිණිස ද මගේ අපේන්ෂාව පවති” යැයි ද හේ කීය.

 

            තවද ජනවසභ තෙම මතු දැක්වෙන කථාවත් කීය:

9. ‘වහන්ස, මම දික් කලක් ම අපායට වැටිමක් නැත්තෙම්, අපායෙන් මිදුණු බව හඳුදැනමි යි ද තෙපි කියහු, සෙදැගැමි බව පිණිස මගේ අපේක්ෂාව ද පවත්නේ යැ යි ද කියහු.  ආයුස්මත් ජනවසභ යක්ෂයාණන්ගේ මේ වචනය ආශ්චර්‍ය්‍ය ය, ආයුෂ්මත් ජනවසභ යක්ෂයාණන් ගේ මේ වචනය අද්භූත ය. ආයුෂ්මත් ජන වසභයෝ කවර හේතුවකින් මෙබඳු මහත් අධිගම විශේෂයක් වු නියා හඳුනත් ද?” යි මම් ඇසීමි, එ විට ජනවසභ තෙම මෙය කී ය:

            ‘භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගේ සස්නෙන් බැහැරෙහි නො වේ, සුගතයන් වහන්ස, ඔබ වහන්සේ ගේ සස්නෙන් බැහැරෙහි නො වේ, වහන්ස, යම් දවසෙක (යෂ්ටිවනෝද්‍යානයෙහි දී පළමුවෙන් ම බණ අසා සෝවාන් වැ) භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒකාන්ත වශයෙන් පැහැදිණිම්ද, වහන්ස, එතැන් පටන් කොට මම් දික් කලක් අපායයෙන් මිදුනෙම් විමී  අපායට නොවැටීම හඳුනමි. සකෘදාගාමී පිණිස මගේ අපේක්ෂාව ද ඇත.  වහන්ස, මෙහි මම් වෙසනුණු මහරජුහු විසින් කිසි කටයුත්තන් සදහා විරූඪක මහරජු වෙත එවන ලදුයෙමි, මඟ අතුරෙහි දී භාග්‍යවතුන් වහන්සේ ගිඤ්ජකාවසථයට වැද මගද රටැ වුසු උවසුවන් ඇරැබැ, වැඩ ඇතියක් කොට සලකා, මෙනෙහි කොට, සියල්ල සිතින් එක් තැන් කොට ගෙන, ඒ භවත්හු යම්බදු ඥානගති ඇතියෝ ද යම්බදු පරලොව් ගති ඇතියො ද, ඔවුන් ගේ ඒ ඥානගති හා පරලොව් ගති දැනගනිමි යි වැඩ හුන්නවුන් දිටිමි.  වහන්ස, ඒ භවත්හු යම් ඥානගති ඇතියෝ යම් අභිසම්පරාය ගති ඇතියෝ වුහු ද එපවත් ඒ පිරිසෙහි දී පවසන වෙසවුණු මහරජු ගේ වචනය ඔහු හමුයෙහි මා ඇසුවා,  ඔහු හමුයෙහි මා පිළිගත්තා පුදුම නොවේ.  වහන්ස, ඒ මට ‘භාග්‍යවතුන් වහන්සේ ද දකින්නෙමි, මෙය ද භාග්‍යවතුන් වහන්සේට සැළ කරන්නෙමි යි මේ සිත වීය.  වහන්ස, මේ භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස මා එළැඹෙනුවට කරුණු දෙක ය.

දෙව් සබය

10. වහන්ස, පෙර දවසැ, බොහෝ දවසකට  පෙරැ, ඒ පසොළොස්වක් පොහෝ දා, වැසි සෘතුව එළැඹි, පුරා සඳ ඇති රැයෙහි, සියලු තව්තිසා වැසි දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වුවාහු වෙත්. මහත් දෙව් පිරිස්හු ද එක් වැ හුන්නාහු.  එක්රැස් වුවුහු ද වෙත්.  සිවුවරම්මහ රජදරුවෝ ද සිවු දිගැ හුන්නාහු වෙත්.  පෙර දිගැ ධෘතරාෂ්ට්‍ර මහරජ පැසිම් දිගට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේ වෙයි.  දකුණු දිගැ විරූඪක මහරජ උතුරු දෙසට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේ වෙයි. පැසීම්දිගැ විරූපාක්ෂ මහරජ පෙර දිගට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේ වෙයි.  උතුරු දිගැ වෙසවුණු මහරජ දකුණු දෙසට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේ වෙයි.  වහන්ස, යම් විටෙක සියලු තව්තිසාවැසි දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වුවාහු වෙත් ද, මහත් දෙව්පිරිස්හු වටා එක් වැ හුන්නාහු, එක් රැස් වුවාහු වෙත් ද, එකල් හි සතර වරම් මහ රජ දරුවෝ සතර දිගැ හුන්නාහු වෙත්.

            මේ ඔවුන්ගේ අසුන් ගැන්ම වේ.  ඉක්බිති අපගේ අසුන් වෙයි.  වහන්ස, යම් දෙව් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර හැසිරැ, තව්තිසා දෙව්මුළුවට  අළුත පැමිණියාහු වෙත් ද, ඔහු වර්ණයෙන් ද යසසින් ද සෙසු දෙවියන් ඉක්මැ බබළත්, වහන්ස, එයින් තව්තිසාවැසි දෙවියෝ, ‘ප්‍රීතියෙක! දෙව් පිරිස් පිරේ. අසුර පිරිස් පිරිහේ “ යැයි ආරාධිත සිතැත්තෝ සතුටු වුවෝ, උපන් ප්‍රීති හා සොම්නස් හා ඇත්තෝ වෙත්.  වහන්ස, එ කල්හි සක්දෙවිඳු තව්තිසාවැසි දෙවියන්ගේ පැහැදීම දැන,

            ‘ප්‍රීතියෙක! භවත්නි, ඉන්ඳ්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් පහන්සේ ද ධර්මයා ගේ සුධර්මත්වය ද නමදනාහු,

            ‘සුගතයන් වහන්සේ වෙත බඹසර හැසිර මෙහි පැමිණි, වර්ණවත්, යශස් ඇති, අළුත් දෙවියන් දන්නාහු සතුටු වෙත් “ යැ යි ද,

            ‘මහ නුවණැති බුදුරජුන් ගේ සවු වූ, විශෙෂාධිගමයට පැමැණි ඔහු මෙහි පැහැයෙන්ද යශසින් ද ආයුෂයෙන් ද අන් දෙවියන් ඉක්මැ බබළත් “ යැයි ද,

            ‘ඉන්ඳ්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ මේ  දැක, තථාගතයන් වහන්සේ ද, ධර්මය ගේ සුධර්මත්වය ද (සංඝයා ගේ සුපිළිවෙත ද) නමද නාහු සතුටු වෙති” යි ද කියා මේ ගාථාවලින් අනුමොදන් විය ( ඔවුන් අනුව සතුටු විය).

11. වහන්සී ‘ප්‍රීතියෙක! භවත්නි, දෙව්මුළුහු පිරෙත්, අසුරමුළුහු පිරිහෙති” යි යන එ කරුණින් තව්තිසාවැසි දෙවියෝ බෙහෙවින් ආරාධිත සිතැත්තාහු, සතුටු වුවාහු, උපන් ප්‍රීති හා සොම්නස් හා ඇත්තාහු වෙත්.

            වහන්සී ඉක්බිත්තෙන් යම් කරුණෙකින් තව්තිසා වැසි දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු එක්රැස් වුවාහු වෙත් ද, එ කරුණ සිතා, එ කරුණ සාකච්ඡා කොට, සිවුවරම් මහ රජදරුවෝ සිය සිය අසුන්හි සිටියාහු, එයින් නැඟී නොගියාහු, (තෙතිස් දෙව් පුතුන් විසින්) එ කරුණෙහි කියන ලද වචන ඇත්තාහු ද වෙත්, සිවුවරම් මහ රජ දරුවෝ එ කරුණෙහි යලි යලිත් අනුශාසිත වචන ඇත්තාහු, නැඟී  නො ගියාහු සිය සිය අසුන්හි හුන්නාහු වෙත්.

            ‘තෙතිස් දෙව් පුතුන් විසින් කියන ලද වචන ඇති ඒ සිවු වරම් රජුහු ඔවුන් ගේ අනුශාසනීය පිළිගෙන වෙසෙසින් පහන් වු සිතැත්තෝ ම සිය අසුන්හි රැඳුණය.”

13. වහන්ස, ඉක්බිත්තෙන් දෙවියන් ගේ දෙවානුභාවය ද මැඩ ගෙන උතුරු දිග්හි මහත් එළියෙක්   උපන, මහත් දීප්තියෙක් පහළ වීය. වහන්ස, එ කල්හි සක්දෙවිඳු තව්තිසාවැසි දෙවියන් බණවා, ‘ නිදූක්වරුනි, යම් හෙයකින් පෙර නිමිති දක්නා ලැබේ ද, එළියෙක් හටගනී ද, දීප්තියෙක් පහළ වෙයි ද, එ හෙයින් බ්‍රහ්ම තෙමේ පහළ වන්නේ ය. ‘මේ එළියෙක් හට ගනි, දීප්තියෙක් පහළ වෙයි” යන යමෙක් ඇද්ද, මෙය බඹහු ගේ පහළ වීමට පෙර නිමිත්ත යැ”යි කී ය.

‘යම් සේ පෙරනිමිතිහු දක්නා ලැබෙත් ද එසේ එයට අනතුරු වැ බ්‍රහ්මයා පහළ වන්නේ ය. විපුල වු මහත් වු එළිය යන මෙය බඹහු ගේ පහළ වීමට පෙරනිමිත්ත ය.”

සනත්කුමාර කථාව

14. වහන්ස, ඉක්බිති තව්තිසාවැසි දෙවියෝ ‘ මේ එළිය කිමෙක්දැදැයි දැනගන්නමු, මෙහි යම් ඵලයෙක් වන්නේ නම් එය පසක් කොට ම යන්නමු” යි කියා තම තමන් ගේ අසුන්හි හුන්හ. සිවුවරම් මහරජුහු ද ‘මේ එළිය කිමෙක් දැ යි දැනගන්නමු. මෙහි යම් ඵලයෙක් වන්නේ නම් එය සියැසින් දැක ම යන්නමු”යි කියා තම තමන් ගේ අසුන්හි හුන්හ. මෙය අසා තව්තිසා වැසි දෙවියෝ ‘මේ එළිය දැනගන්නමු, මෙහි යම් විපාකයෙක් වන්නේ නම් එය පසක් කොට ම යන්නමු” යි එකග’ සිතැති වුහ.

වහන්ස, යම් කලෙක සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසා වැසි දෙවියන් ඉදිරියෙහි පහළ වන්නේ ද, එ කලැ හේ දළ අත්බවක් මවා ගෙන පහළ වෙයි. වහන්ස, බඹහු ගේ යම් පියෙවි පැහැ සටහනෙක් ඇද්ද, එය තව්තිසා වැසි දෙවියන් ගේ චක්ෂුස්පථයෙහි නො පැමිණියැ හැකි වෙයි. (ඇසින් දැක්ක නො හෙයි). වහන්ස, යම් කලෙක සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසා වැසි දෙවියන් ඉදිරියේ පහළ වන්නේ ද, එ කලැ හේ පැහැයෙන් ද යසසින් ද අන් දෙවියන් ඉක්මැ බබළයි. වහන්ස, යම්සේ රන්රුවෙක් මිනිස්රුව ඉක්මැ බබළන්නේ ද, වහන්ස, එසේ ම යම් කලෙක සනත් කුමාර බ්‍රහ්ම තෙම තව්තිසාවැසි දෙවියන් හමුයෙහි පහළ වන්නේ ද, එ කල්හි හේ පැහැයෙන් ද යසසින් ද අන් දෙවියන් ඉක්මැ බබළයි. වහන්ස, යම් විටෙක සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසා වැසි දෙවියන් හමුයෙහි පහළ වන්නේ ද, එ කල්හි එ පිරිසෙහි කිසිදූ දෙවියෙක් ඔහු නමදනේ හෝ දැක හුනස්නෙන් නැඟනැඟී සිටුනේ හෝ අස්නෙන් නිමතන්නේ නො වෙයි. සියල්ලෝ  ම ‘දැන් සනත්කුමාර බ්‍රහ්ම තෙම යම් දෙවියකු ගේ පළඟෙක ඉඳ ගනු කැමැති වන්නේ ද, එහි ඉඳගන්නේ යැ”යි සිතා නිහඬවැ දොහොත් නඟා පළඟින් හිඳිත්. වහන්ස, යම් දෙවියකු ගේ පළඟෙහි  (පුටුවෙහි) සනත්කුමාර බ්‍රහ්මයා ඉඳගන්නේ ද, ඒ දෙවි තෙම මහත් සතුට විඳියි, මහත් සොම්නස විඳියි. වහන්ස, රාජ්‍යයෙන් අළුත අභිෂේක ලැබු, මුර්ධාවසික්ත වු කැත් රජෙක් යම්සේ මහත් ප්‍රීතියක් විඳි ද, මහත් සොම්නසක් ලබා ද, වහන්ස, එසේ ම යම් දෙවියකු ගේ පළඟෙහි සනත්කුමාර බ්‍රහ්ම තෙම ඉඳගන්නේ ද, හේ දෙවි මහත් ප්‍රීතියක් ලබයි, මහත් සොම්නසක් ලබයි,

15. වහන්ස, ඉක්බිති සනත්කුමාර බ්‍රහ්ම තෙම දළ අත්බවක් මවා ගෙන සීඛා පසක් කොට බැඳි හිසකෙහෙ ඇත්තේ පන්සිඵ’ ගඳෙවු පුතු සෙයින් කුමරවෙස් ඇත්තේ තව්තිසා වැසි දෙවියන් අතරැ පහළ වීය. හේ අහස් නැඟ ඈත අහසෙහි පළක් බැඳ හුන්නේ ය. වහන්ස, ශක්තිමත් පුරුෂයෙක් මොනොවට පසතුරුණෙන් වසන ලද පළඟෙක හෝ සම වු බිම් පෙදෙසෙක හෝ යම්සේ පළක් බැඳ හිඳ ගන්නේ ද, වහන්ස, එසේ ම සනත්කුමාර බ්‍රහ්ම තෙම අහස් නැඟ ඈත අහසැ පළඟින්  හිඳ තව්තිසා වැසි දෙවියන් ගේ පැහැදීම දැන, මේ ගාථාවලින් අනුමෝදනා කෙළේ ය: ‘මොදන්තිවත -පෙ- සුධම්මතන්ති” ගාථාවල අදහස:

‘භවත්නි ප්‍රීතියෙක ඉන්ඳ්‍රයා  සහිත තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේට ද, ධර්මයා ගේ සුධර්මත්වයට ද නමස්කාර කරමින්,

සුගතයන් වහන්සේ වෙත බඹසර හැසිරැ මෙහි ආ වර්ණවත් වු යශස් ඇති අළුත් දෙවියන් ද දකිමින් ප්‍රමුදිත වෙත්.

මහත් නුවණ ඇති බුදූරජුන් ගේ ශ්‍රාවක වු විශේෂාධිගමයට පැමිණි ඒ දෙවියෝ වර්ණයෙන් ද යශසින් ද ආයුෂයෙන් ද අන් දෙවියන් ඉක්මැ බබළත්.

මෙය දැක, ඉන්ද්‍රයා සහිත වු තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේ ද ධර්ම සුධර්මත්වය ද නමඳනාහු සතුටු වෙත්.

16. වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම මේ කාරණය කී ය. වහන්ස, මේ කරුන පවසන සනත්කුමාර බඹහු ගේ, සුවසේ නික්මෙන්නාවු ද අරුත් වහාම හෙළි කරන්නාවු ද මිහිරි වු ද කනට සුව එළවන්නාවු ද එකට කැටි වු ද නොවිසිරැ පවත්නා වු ද ගැඹුරු වු ද රැව් දෙන්නා වු දැ යි මෙ කී අංග අටින් සමන්විත හඬෙක් වෙයි. වහන්ස, පිරිසේ පමණට ම සනත්කුමාර බ්‍රහ්ම තෙම හඬින් දන්වයි. ඔහු ගේ හඬ පිරිසෙන් පිටතට නො ද නික්මෙයි. වහන්ස, යමකුට මෙසේ වු අංග අටින් යුත් හඬෙක් වේ ද හේ බ්‍රහ්මස්වරය ඇත්තේ යැ යි කියනු ලැබේ. වහන්ස, ඉක්බිති සනත්කුමාර බ්‍රහ්ම තෙම අත්බව් තෙතිසක් මවා ගෙන තව්තිසා වැසි දෙවියන් ගේ එකි එකී පළඟෙක වෙන වෙන ම පළක් බැඳ හිඳ ඒ දෙවියන් බණවා මෙසේ කීය: “පින්වත් තව්තිසාවැසි දෙවියෝ එය කිමැ යි සිතන් ද? ඒ භාග්‍යවතුන් වහන්සේ කොතරම් මහත් ලෙස බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිසා දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස පිළිපන් සේක් ද? භවත්නි, යම් කිසි කෙනෙක් බුදූරජුන් සරණ ගියෝ ද දහම් සරණ ගියෝ ද සඟ සරණ ගියෝ ද, සිල් පිරිපුන් කරන සුල්ලෝ ද, ඔහු ඇතැම් කෙනෙක් කාබුන් මරණින් මතු පරනිර්මිතවශවර්තී දෙවියන් ගේ සහභාවයට පැමිණෙත්, ඇතැම් කෙනෙක් නිර්මාණරතී දෙවියන් ගේ සහභාවයට පැමිණෙත්, ඇතැම් කෙනෙක් තුෂිත දෙවියන් ගේ සහභාවයට පැමිණෙත්, ඇතැම් කෙනෙක් යාම දෙවියන් ගේ සහභාවයට පැමිණෙත්, ඇතැම් කෙනෙක් ත්‍රායස්ත්‍රිංශත් දෙවියන් ගේ සහභාවයට පැමිණෙත්, ඇතැම් කෙනෙක් චාතුර්මහාරාජික දෙවියන් ගේ සහභාවයට පැමිණෙත්,

යම් කෙනෙක් හැමට ම පහත් දෙවිමුළුවක් සපුරන්නාහු නම් (දෙව් පිරිසෙක උපදින්නාහු නම්) ඔහු ගඳෙවු මුළුව පිරිපුන් කෙරෙත් (ගන්ධර්ව නිකායයෙහි උපදිත්) යැ”යි (කී ය.) වහන්ස, මෙ කරුණ සනත්කුමාර බ්‍රහ්ම තෙමේ පැවසී ය. වහන්ස, මෙ කරුණ පවසන සනත්කුමාර බඹහුගේ ඝොෂය පමණෙකි. යමෙක් මගේ පළඟෙහි වේ ද හේ එකලා ව ම කථා කෙරේ යැ යි දෙවියෝ හඟිත්.

‘එකක්හු කථා කරන කල්හි නිර්මිත වු සියල්ලෝ කථා කෙරෙත්. එකක්හු නිහඬ වැ හුන් කල්හි එ සියල්ලෝ නිහඬ වෙත්. එද්‍ර ඉන්ඳ්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ ‘යමෙක් මගේ පළෙඟහි වේ ද හේ ම හුදෙකලා වැ කථා කෙරේ යැ”යි සිතත්.

17. වහන්ස, ඉක්බිත්තෙන් සනත්කුමාර බ්‍රහ්ම තෙම තමා එකත්වයෙන් එළැවී ය (බොහෝ බව හැර එක් සිරුරෙකින් පෙනී සිටියේ ය). තමා එකත්වයෙන් එළවා (එකෙක් ව ම පෙනී) සක්දෙවිඳු ගේ පළඟෙහි පළක් බැඳ හිඳ තව්තිසාවැසි දෙවියන් අමතා මෙය කී ය:

ඍද්ධිපාද භාවනා

18. භවත් තව්තිසාවැසි දෙවියෝ එය කිමැ යි සිතත් ද? දන්නා වු දක්නා වු ඒ රහත් සම්මාසම්බුදු රජුන් විසින් ඍද්ධිප්‍රභුතාව පිණිස (ඍද්ධි ඉපැදැවීමෙහි සමත් බව පිණිස), ඍද්ධියෙහි පුහුණු වු වශීභාවය පිණිස, ඍද්ධිවිකුර්ණතාව පිණිස (ඍද්ධියෙන් විවිධ රූප මවනු පිණිස) මේ සතර ඍද්ධිපාදයෝ ඉතා මනා කොට පණවන ලද්දාහු ය. ඒ කවර සතර ඍද්ධිපාදයෝ ද? යත්: භවත්නි, මෙහි මහණ තෙම කර්තුකාමතා ඡන්දය අධිපති කොට ලත් සමාධියෙන් ද ප්‍රධානවීය්‍ර්‍යයෙන් ද සමන්වාගත ඍද්ධිපාදය වඩයි. වීය්‍ර්‍යය අධිපති කොට ලැබු සමාධියෙන් ද ප්‍රධානවීය්‍ර්‍යයෙන් ද සමන්වාගත ඍද්ධිපාදය වඩයි. චිත්තය අධිපති කොට ලැබු සමාධියෙන් ද ප්‍රධාන වීය්‍ර්‍යයෙන් ද සමන්වාගත ඍද්ධිපාදය වඩයි. වීමංසාව අධිපති කොට ලත් සමාධියෙන් ද ප්‍රධාන වීය්‍ර්‍යයෙන් ද සමන්වාගත ඍද්ධිපාදය වඩයි. භවත්නි, මොහු වනාහි දන්නා දක්නා ඒ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් ඍද්ධිප්‍රභුතාව පිණිස ඍද්ධියෙහි ප්‍රගුණ වශිභාවය පිණිස, ඍද්ධිවිකුර්වණතාව පිණිස, පණවන ලද සතර ඍද්ධිපාදයෝ ය. භවත්නි, අතීත කාලයෙහි යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් නොඑක්වැදෑරුම් ඍද්ධිවිධ ලැබුහු ද, ඒ සියල්ලෝ මේ සතර ඍද්ධිපාදයන් ම වැඩු බැවින් බහුලී කෘත බැවින්, එය ලැබුහ. අනාගත කාලයෙහිත් යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නොයෙක් වැදෑරුම් ඍද්ධිවිධ ලබන්නාහු ද, ඒ සියල්ලෝ ම මේ සතර ඍද්ධිපාදයන් ම වැඩු බැවින්, බහුලවශයෙන් කළ බැවින් එය ලබන්නාහ. භවත්නි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දැන් නොයෙක් වැදෑරුම් ඍද්ධිවිධ ලබත් ද, ඒ සියල්ලෝ ම මේ සතර ඍද්ධිපාද වැඩු බැවින් බහුල වශයෙන් කළ බැවින් එය ලබත්.

භවත් තව්තිසාවැසි දෙවියෝ මගේ ද එ බඳු වු මේ ඍද්ධ්‍යනුභාවය දකිත් දැ? “ යි (සනත් කුමාර ඇසී ය.)

‘එසේ ය, මහාබ්‍රහ්මයෙනි” යි. දෙව්හු කීහ.

‘භවත්නි, මම් ද මේ සතර ඍද්ධිපාදයන් වැඩු බැවින්, බහුල වශයෙන් කළ බැවින් මෙසේ මහර්ද්ධි ඇති යෙම්, මෙසේ මහානුභාව ඇතියෙම් වෙමි”යි ( සනත්කුමාර කී ය).

වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම මෙ කරුණ කී ය. වහන්ස, සනත්කුමාර බඹ තෙම මෙ කරුණ කියා තව්තිසාවැසි දෙවියන් අමතා මෙය පැවැසී ය:

අවකාශාධිගමයෝ

19. භවත් තව්තිසාවැසි දෙවියෝ එය කිමෙකැ යි සිතත් ද? දන්නා දක්නා ඒ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධොත්තමයන් වහන්සේ විසින් සුව ලබනු පිණිස මේ අවකාශාධිගම (ඉඩ ලැබෙන මාර්ග) තුනෙක් ම දැන වදාරනවදාරන ලදි. කවර තුනෙක් ද? යත්: භවත්නි, මෙහි එක්තරා පුරුෂයෙක් කාමයන් හා යෙදුණු සිතැත්තේ අකුසල් දහමුන් හා යෙදුණ සිතැත්තේ වෙසෙයි. හේ පසු කලෙක ආර්ය ධර්මය (බුදූරජුන් වදාළ බණ) අසයි, එය (ධර්මානුධර්ම ප්‍රතිපත්තියට) උපාය (මාර්ගය) වශයෙන් මෙනෙහි කෙරෙයි, නවලොවුතුරා දහමට අනුලොම් දහම් වු පුර්වභාග ප්‍රතිපත්තිය පිළිපදීපිළිපදී හේ ආර්‍යය ධර්මය ඇසීම ද යොනිසොමනස්කාරය ද ධර්මානුධර්මප්‍රතිපත්තිය ද නිසා කාමයන් හා නොයෙදූණු සිතැති ව  අකුශලධර්මයන් හා නොයෙදූණු සිතැති වැ වෙසෙයි. කාමයන් හා නොයෙදූණු සිතැති, අකුශල ධර්මයන් හා නො යෙදූණු සිතැති ඔහුට පළමු දහන් සුව පහළ වෙයි. පළමු දහන්සුව හෙතුයෙන් (දහන් සමවත්හි යෙදී ඉඳීමෙන්) වඩාත් සොම්නස උපදී භවත්නි, යම් සේ සතුටින් බලවත් සොම්නස උපදනේ ද, එසේ ම කාමයන් හා නොයෙදූණු, අකුසල් දහමුන් හා නොයෙදූණු තැනැත්තහු ට සුවයෙක් උපදී, සුවයෙන් වඩාත් සොම්නස උපදී භවත්නි, දන්නා දක්නා ඒ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් සුව ලබනු පිණිස මේ පළමු වන අවකාශාධිගමය දැන වදාරන ලද්දේය.

භවත්නි, තව ද මෙහි එක්තරා කෙනෙකු ගේ ඖදාරික වු කායසංස්කාරයෝ නොසංසිඳුණාහු වෙත් ද, ඖදාරික වු වාක්සංස්කාරයෝ නොසංසිඳුනාහු වෙත් ද, ඖදාරික චිත්ත සංස්කාරයෝ නො සංසිඳුනාහු වෙත් ද හේ පසු කාලයෙහි ආර්‍යයධර්මය අසයි, එය ධර්මානුධර්මප්‍රතිපත්තියට උපාය වශයෙන් මෙනෙහි කරයි. ධර්මානුධර්මය (නව ලොවුතුරා දහමට අනුලොම් දහම් වු පුර්වභාගප්‍රත්තිය) පිළිපදී ආර්‍යයධර්මශ්‍රවණය ද යොනිසොමනස්කාරය ද ධර්මානුධර්මප්‍රතිපත්තිය ද නිසා ඔහු ගේ ඖදාරික වු කායසංස්කාරයෝ සංසිඳෙත්, ඖදාරික වු වාක්සංස්කාරයෝ සංසිඳෙත්, ඖදාරික වු චිත්තසංස්කාරයෝ සංසිඳෙත්, ඖදාරික කායසංස්කාරයන් සංසිඳීමෙන් ඖදාරික වාක්සංස්කාරයන් සංසිඳීමෙන්, ඖදාරික චිත්තසංස්කාරයන් සංසිඳීමෙන්, (නිරොධ සමාපත්තියෙන් නැඟිසිටුනා) ඔහුට (චතුර්ථධයානික ඵලසමාපත්ති) සැපය උපදී (එයින් නැඟනැඟී සිටි ඔහුට) මතු මත්තෙහි, සොම්නස උපදීභවත්නි, දන්නා දක්නා ඒ භගවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සුව ලබනු පිණිස දැන වදාරන ලද මේ දෙවෙනි අවකාශාධිගමය යි.

භවත්නි, තව ද මෙහි එක්තරා පුහඟුලෙක් ‘මේ කුසල යැ”යි තත් වු  පරිදි නො දනී: ‘මේ අකුසලැ”යි තත් වු  පරිදි නො දනී මේ නිවැරදිය මේ වැරදිය, මේ සෙවියැ යුතුය මේ නොසෙවිය යුතුය, මේ පහත් ය මේ උතුම් ය, මේ කුශලාකුශල සප්‍රතිභාගධර්ම යැ යි තත්ත්වාකරයෙන් නො දනී හේ පසු කාලයෙහි ආර්යධර්මය අසයි, එය ධර්මානුධර්ම ප්‍රතිපත්තියට උපාය වශයෙන් මෙනෙහි කරයි නවලොවුතුරා ද මට අනුලොම් වු ධර්මය පිළිපදී හෙ තෙම ආර්‍යය ධර්මය ඇසීම ද, යොනිසොමනස්කාරය ද ධර්මානුධර්මප්‍රතිපත්තිය ද නිසා ‘මේ කුසලැ”යි තත් වු පරිදි දැන ගනී, ‘මේ අකුසලැ”යි තත් වු පරිදි දැනගනී ‘මේ වරද සහිත යැ”යි ‘මේ වරද රහිත යැ”යි ‘මේ සෙවිය යුතු යැ”යි . . ‘මේ නො සෙවිය යුතු යැ”යි . . ‘මේ හීන යැ”යි . . ‘මේ ප්‍රණිත යැ”යි ‘මේ කුශලාකුශල සප්‍රතිභාග ධර්ම යැ”යි තත් වු පරිදි දැන ගනී මෙසේ දන්නා, මෙසේ දක්නා ඔහුගේ අවිද්‍යාව ප්‍රභීණ වේ, විද්‍යාව උපදී අවිද්‍යාව පහ වීමෙන් විද්‍යාව ඉපැදීමෙන් සුවය පහළ වේ. සුවය පහළ වීමෙන් වඩාත් (මතු මත්තෙහි) සොම්නස උපදී.  භවත්නි, යම් සේ සතුටින් බලවත් සොම්නස උපදී ද, එසේ ම අවිද්‍යාව පහ වීමෙන් විද්‍යාව (රහත්මඟනුවණ පහළ වීමෙන්)රහත්මඟ පල සුව පහළ වේ. ඒ සුවය පහළ වීමෙන් (සමවතින් නැඟී සිටියාහට) මතු මත්තෙහි සොම්නස උපදී භවත්නි, මේ වනාහි දන්නා දක්නා ඒ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් සුව ලබනු පිණිස දැන වදාරන ලද තෙවනි අවකාශාධිගමය යි.

භවත්නි, මේ වනාහි දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සුව ලබනු පිණිස දැන වදාරන ලද අවකාශාධිගම තුන යැ. වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම මෙ කරුණ පැවසී ය. හේ මෙ කරුණ පවසා, තව්තිසා වැසි දෙවියන් බණවා මෙසේ කී ය:

සිහිවටන්

භවත්  තව්තිසාවැසි දෙවියෝ එය කිමැ යි සිතත් ද? දන්නා දක්නා ඒ භගවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් (මාර්ගඵල) කුශල ප්‍රතිලාභය පිණිස මේ සතර සීවටන්හු කොතරම් මැනවින් පණවා වදාරන ලදහු ද! ඒ කවර සතර දෙනෙක් ද? යත්: භවත්නි, මෙහි මහණ තෙම තමා ගේ කයෙහි කායානුපස්සනාව කරන සුලු වුයේ කෙලෙස් තවන වැර ඇතියේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ සිහි ඇත්තේ, (කාය සංඛ්‍යාත) ලොකය කෙරෙහි අභිධ්‍යාව ද දොම්නස ද මැඩ වෙසෙයි. ආධ්‍යාත්මික කයෙහි කායානුපස්සී ව වසනුයේ එහි මොනොවට සිත පිහිටුවයි (සිත එකඟ කෙරෙයි). (එසේ වු ඔහු) සිත මොනොවට පහදී.  හේ එහි මොනොවට සමාධිගත වුයේ මොනොවට පහන් වුයේ බැහැර අනුන්ගේ කයෙහි (අනුන්ගේ කය අරමුණු කොට) දර්ශනඥානය උපදවයි.

තමා කෙරෙහි වු වෙදනාවන්හි වෙදනානුපස්සී ව වසනුයේ එහි මොනොවට සිත පිහිටුවයි (සිත එකඟ කෙරෙයි). (එසේ වු ඔහු) සිත මොනොවට පහදී.  හේ එහි මොනොවට සමාධිගත වුයේ මොනොවට පහන් වුයේ බැහැර අනුන්ගේ වේදනාවන්හි (අනුන්ගේ වේදනා අරමුණු කොට) දර්ශනඥානය උපදවයි. තමා ගේ සිතෙහි චිත්තානුපස්සී වැ වසනුයේ එහි මොනොවට සිත පිහිටුවයි (සිත එකඟ කෙරෙයි). (එසේ වු ඔහු) සිත මොනොවට පහදී.  හේ එහි මොනොවට සමාධිගත වුයේ මොනොවට පහන් වුයේ බැහැර අනුන්ගේ චිත්තයන්හි (අනුන්ගේ සිත අරමුණු කොට) දර්ශනඥානය උපදවයි.

            අධ්‍යාත්මයෙහි (නාමසන්තානගත) ධර්මයන්හි ධර්මානුපස්සී ව කෙලෙස් තවන වැ ඇත්තේ සාම්‍යක්ප්‍රඥායෙන් දන්නේ, සිහි ඇත්තේ ධර්ම සංඛ්‍යාත ලොකයෙහි අභිධ්‍යා ද දොම්නස් ද බැහැර කොට වෙසෙයි.  අධ්‍යාත්මයෙහි ධර්මයන්හි ධර්මානුදර්ශී ව වසන්නේ එහි මොනොවට සිත පිහිටුවයි.  (එයින්) එහි මොනොවට සිත පහදි.  හේ එහි මෙනොවට සමාහිත (එක, සිතැති) වූයේ  මෙනොවට  පහන්වූයේ පිටත් හි අනුන් ගේ (නාමසන්තානගත) ධර්මයන් කෙරෙහි දර්ශනඥානය උපදවයි.  භවත්නි, මොහු වනාහි දන්නා දක්නා ඒ භගවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කුසල් දහම් පිළිලබනු පිණිස පණවන ලද සතර සීවටන්හු ය.

            වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම මෙ කරුණ සැළ කෙළේය.  වහන්ස, සනත් කුමාර බ්‍රහ්ම මේ කරුණ සැළ කොට, තව්තිසාවැසි දෙවියන් බණවා මෙය කී ය.

සමාධිපරිෂ්කාරධර්ම

21. භවත් තව්තිසාවැසි දෙවියෝ එය කිමැ යි සිතත් ද? දන්නා දක්නා ඒ භගවත් අර්මත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සම්‍යක් සමාධිය වඩනු පිණිස සම්‍යක්සමාධිය පිරිපුන් කරනු පිණිස, මේ සම්‍යක් සමාධිපරිෂ්කාර ධර්මයෝ (පරිවාර ධර්මයෝ) සත් දෙනෙක් කොතරම් මනා කොට පණවන ලද්දා හු ද? ඒ කවර සත් දෙනෙක් ද? යත්: සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක්සංකල්පය සම්‍යග්වචනය, සම්‍යක්කර්මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘතිය යන මොහු ය.

            භවත්නි, මේ සත් අංගයන් විසින් යම් සිත එකඟ බවෙක් පිරිවරන ලද ද, භවත්නි, ඒ මේ ආර්‍යය සම්‍යක් සාමාධිය උපනිඃශ්‍රය සහිත යැ යි ද පරිවාර සහිත යැ යි ද කියනු ලැබේ. භවත්නි,  සම්‍යක්දෘෂ්ටිය පිහිටියාහට සම්‍යක්සංකල්පය පවති. සම්‍යක් සංකල්පය ඇත්තාහට සම්‍යක්වචනය පවතී  සම්‍යක්වචනය ඇත්තාහුට සම්‍යක්කර්මාන්ත පවතී සම්‍යක්කර්මාන්ත ඇත්තාහුට සම්‍යගාජීවය පවතී   සම්‍යගාජීවය ඇත්තාහුට සම්‍යග්ව්‍යායාම පවතී සම්‍යග්ව්‍යායාම ඇත්තාහුට සම්‍යක්ස්මෘතිය පවතී  සම්‍යක්ස්මෘතිය ඇත්තාහුට සම්‍යක් සාමාධිය පවතී  සම්‍යක් සාමාධිය ඇත්තාහුට සම්‍යග්ඥානය පවතී. සම්‍යග්ඥානය ඇත්තාහුට සම්‍යගවිමුක්තිය පවතී, භවත්නි, යමක් පිළිබද වැ මනා කොට කියන තැනැත්තේ, මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද්දේ ය.  සාන්දෘෂ්ටික ය, අකාලික ය, ‘එව බලව’ යි දැක්විය යුත්තේ ය.  සිය සතන්හි එළැවිය යුත්තේ  ය, නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුත්තේ ය, අමා දොරවල් අරනා ලදුහ” යි කියන්නේ නම් හේ මේ දහම පිළිබද වැ ම ය.  ‘භවත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මොනොවට වදාරන ලද්දේ ය. එය සාන්දෘෂ්ටික ය, අකාලිකය, එව බලව යි දැක්විය යුත්තේ ය, සිය සතන් හි එළැවිය යුත්තේ ය, නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුත්තේ ය, අමා දොරවල් අරනා ලදුහ “ යි මනා කොට කියන තැනැත්තේ මෙය කියන්නේ ය.

            භවත්නි, යම් කෙනෙක් බුදුරජුන් කෙරෙහි දැන පැහැදීමෙන් යුක්ත ද, දහම් කෙරෙහි දැන පැහැදීමෙන් යුක්ත ද, සඟුන් කෙරෙහි දැන පැහැදීමෙන් යුක්ත ද, ආර්‍යයකාන්ත ( ආර්‍යයයන් විසින් මැනැවැ යි සම්මත වු)ශිලයන් ගෙන් සමන්විත ද, තව ද යම් කෙනෙක් ආර්‍යය මාර්ගධර්මයෙහි හික්මුණාහු ඕපපාතික උත්පත්තිය ලැබු, මගධ රට  වුසු, තුන් සංයෝජනයන් නසා ලීමෙන් සෝවාන් වු, අපායකට නෙවැටෙන සුලු රහත් බවට නියත වු, රහත්ඵලය පිහිට කොටැති, සමීප අතීතයෙහි කලුරිය කළ උවසුවෝ අතිරේකයක් සහිත සුවිසි ලක්ෂයෙක් වෙත්, මෙහි සෙදගැමිහු ද, ඇත.

            ‘ශුද්ධාවාසයෙහි උපදානට හේතු වු පුණ්‍ය භාග (පින් කොටස්) ඇති බැවින් එහි උපන් අනාගාමීහු දැයි යන මේ තවත් සත්ත්ව කෙනෙක් ද ඇත යනු මගේ හැභිම යි.  මුසවා කෙරෙන් බිය වන්නෙම් ඔවුන් ගණනින් නියම කොට නියන්නට නොහැක්කෙමි.”

22. වහන්ස, මෙ කරුණ සනත්කුමාර බ්‍රහ්ම පැවැසී වහන්ස, මෙ කරුන පවසන සනත්කුමාර බඹහු ගේ වචනය අසා වෙසමුණු මහරජුට ‘භවත්නි, ආශ්චර්‍යයයෙක! භවත්නි, පුදුමයෙක!  මෙ බඳු වුත් උදාර ශාස්තෘවරයෙක් වේද? මෙබඳු වුත් උදාර ධර්මකථාවෙක් වේ ද”? මෙබඳු මහත් විශේෂාධිගම කෙනෙක් පැණෙත් දැ!” යි මෙසේ චිත්තසංකල්පනා වෙන් උපන.  වහන්ස, ඉක්බිත්තෙන් සනත්කුමාර බ්‍රහ්ම තෙම සිය සිතින් වෙසමුණු මහරජුගේ චිත්තපරිවිතර්කය දැන ඔහුට ‘පින්වත් වෙසවුණු මහරජාණෝ එය නිමා යි සිතත් ද? ඉකුත් කල්හිත් මෙ බදු උදාර ශාස්තෘවරයෙක්, මෙබදු උදාර ධර්මකථාවෙක් වී ය.  මෙබදු උදාර විශේෂාධිගම කෙනෙක් පැනුනාහු ය, මතු කල්හිත් මෙබදු උදාර ශාස්තෘවරයෙක්, මෙබදු උදාර ධර්මකථා වෙක් වන්නේය. මෙබදු උදාර විශේෂාධිගම කෙනෙක් පැනෙන්නාහු යැ” යි මෙ බස් පැවැසී ය.

23. වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසාවැසි දෙවියනට මෙ කරුණ පැවැසී ය. වෙසමුණු මහරජු තව්තිසා වැසි දෙවියනට මෙ කරුණ කියන සනත්කුමාර බඹුහු ගේ වචනය අසා, ඔහු හමුයෙහි අසන ලද්ද, ඔහු හමුයෙන් අසා පිළිගන්නා ලද්ද තෙමේ සිය පිරිසෙහි දැන්වී ය.  තම පිරිසෙහි මෙ කරුණ කියන වෙසමුණු මහරජු ගේ වචනය ඔහු හමුයෙහි අසන ලද්ද, ඔහු හමුයෙන් පිළිගන්නා ලද්ද ජනවසභ යක් තෙමේ භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේය.  භාග්‍යවතුන් වහන්සේ මෙ කරුන නියන ජනවසභ යක්ෂයා ගේ වචනය අසා, ඔහු වචනය පිළිගෙන, තමන් වහන්සේ ද (සිය නුවණින් බලා) වෙසෙසින් දැන, අනඳ කෙරුනට දැන්වු සේක.  අනඳ තෙරණුවෝ මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ ගේ හමුයෙන් අසා, හමුයෙහි දී පිළිගෙන, ඒ මේ ශාසන බ්‍රහ්මචය්‍ර්‍යය යම්තාක් කල් දෙව් මිනිසුන් විසින් මොනොවට ප්‍රකාශිත වන්නේ ද, ඒ තාක් ම වැඩුණේ ද සමෘද්ධ ද පතළේ ද බොහෝ දෙනා අතරැ ප්‍රසිද්ද ද ස්ථීර ද වේ යැ යි මහණුනට මෙහෙණිනට උවසුවනට උවැසියනට සැළ කළහ.  

පස්වන ජනවසභ සූත්‍රය නිමියේ ය.