අරණවිභංග සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

සතරවැනි විභඞ්ග (විභංග) වර්ගය

3.4.9

අරණවිභංග සූත්‍රය

 

 

 

මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬුමහසිටුහුගේ දෙව්රම් මහවෙහෙර වැඩ වාස කෙරෙති. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යිභික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන්වහන්සේ තෙල අරණවිභඞ්ගසූත්‍රය වදාළ සේක:

මහණෙනි, තොපට අරණවිභඞ්ගය දෙසමි. ඒ විභඞ්ගය අසව, මනා කොට මෙනෙහි කරව, කියමි’යිවදාළෝ.

‘වහන්ස, එසේ යැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහු. භාග්‍යවතුන් වහන්සේතෙල විභඞ්ගය වදාළසේක:

හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය වූ අනර්ථ සංහිත වූ කාම සුඛයෙහිනො යෙදෙන්නේ යැ. දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්ථසංහිත වූ ආත්මක්ලමථුයෙහි නො යෙදෙන්නේයැ. “මහණෙනි, මෙකී ඒ උභයාන්තයන් නො ගෙන තථාගතයන් වහන්සේ විසින් නුවණැස කරනඥානය කරන උපශමය පිණිස අභිඥා පිණිස සම්බොධිය පිණිස නිර්වාණය පිණිස වැටෙනමධ්‍යමප්‍රතිපදා තොමෝ අවබොධ කරනලදු. (කිසි පුඟුලකු) හුවාලීම ද දන්නේ යැ. හෙළාලීම දදන්නේ යැ. හුවාලනුදු දැන හෙළාලනුදු දැන (ගෙහසිත වශයෙන් කිසිපුඟුලක්හු) නො මැ හුවන්නේයැ නො හෙළන්නේ යැ. ස්වභාවය මැ කියන්නේ යැ. විනිශ්චිත සුඛය දන්නේ යැ. විනිශ්චිත සුඛයදැන අධ්‍යාත්මසුඛයෙහි යෙදෙන්නේයැ. නො හමුයෙහි අයුණු (පිසුනු) නො කියන්නේ යැ. හමියෙහිකිලිටිබස් නො බණන්නේ යැ. ත්වරිත නො වී බණන්නේ යැ. ත්වරිත වැ නො බණන්නේ යැ. ජනපද නිරුක්තියෙහි අභිනිවෙශ නො කරන්නේ යැ. ලෝක ප්‍රඥප්තිය නො ඉක්මවන්නේයැ. අරණවිභාගයාගේ මේ උද්දෙස යි.

‘හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුනන් කෙරෙහි වැටෙන (එහෙයින්) අනාර්‍ය්‍ය වූ අනර්ථසංහිත වූකාමසුඛයෙහි නො යෙදෙන්නේ යැ. දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්ථසංහිත වූ අත්තකිලමථානුයෝගයෙහි නො යෙදෙන්නේ යැ’යි මෙසෙයින් තෙල බසෙක් කියනලද ද, මෙබස් කුමක් පිණිසකියනලද යැ යත්: ‘කාමෝපසංහිතසුඛයෙන් සුඛිත වූවහුගේ හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුනන් කෙරෙහිවැටෙන අනාර්‍ය්‍ය වූ අනර්ථසංහිත වූ යම් සෞමනස්‍යානුයෝගයෙක් ඇද්ද, තෙල ධර්මය සදුඃඛ යැඋපඝාත සහිත යැ උපායාස සහිත යැ පරිදාහ සහිත යැ. මිථ්‍යාප්‍රතිපත් වෙයි. කාමප්‍රතිසන්ධිසුඛඇත්තහුගේ හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය වූ අනර්ථසංහිත වූ යම්සෞමනස්‍යානුයෝගයක නො යෙදීමෙක් වේ ද තෙල දහම දුඃඛ රහිත යැ උපඝාත රහිත යැ උපායාසරහිත යැ පරිදාහ රහිත යැ සම්‍යක් ප්‍රතිපත්ති වෙයි. දුඃඛ වූ අනාර්‍ය්‍ය අනර්ථසංහිත වූ යම්අත්තකිලමථානුයෝගයෙක් ඇද්ද, තෙල දහම දුඃඛ සහිත යැ උපඝාත සහිත යැ උපායාස සහිත යැපරිදාහ සහිත යැ මිථ්‍යාප්‍රතිපත් වෙයි. දුඃඛ වූ අනාර්‍ය්‍ය අනර්ථසංහිත වූ යම්අත්තකිලමථානුයෝගයෙක නො යෙදීමෙක් ඇද්ද, තෙල දහම අදුඃඛ යැ අනුපඝාත යැ අනුපායාස යැඅපරිදාහ යැ සම්‍යක්ප්‍රතිපත්ති වෙයි. ‘හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුනන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය වූඅනර්ථ සංහිත වූ කාමසුඛයෙහි නො යෙදෙන්නේ යැ’ දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්ථසංහිත වූ යම්අත්තකිලමථානුයෝගයෙහි නො යෙදෙන්නේ යැ’ යි මෙසෙයින් යම් බසෙක් කියන ලද ද මෙබසතෙල පිණිස කියනලදි.

තෙල උභයාන්තයන්ට නො පැමිණ තථාගතයන් විසින් නුවණැස ඇති කරන නුවණ ඇති කරනක්ලේශෝපශමය පිණිස අභිඥාව පිණිස සත්‍යාවබෝධය පිණිස වැටෙන මධ්‍යම ප්‍රතිපදාවඅවබෝධ කරනලදැ’යි. මෙසේ තෙල බසෙක් වදාරනලද ද තෙල කුමක් සඳහා වදාරනලද යැ යත්: මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්ගය යි. හෙමෙසේ යැ: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග්වචනයැ සම්‍යක්කර්මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යැ යි. තෙල උභයාන්තයන්ට නො පැමිණ තථාගතයන් විසින් අභිසම්බුද්ධ වූ මධ්‍යමප්‍රතිපදාව නුවණැසඇති කරන්නී යැ මාර්ගඥානය ඇති කරන්නී යැ ක්ලේශෝපශමය පිණිස අභිඥාව පිණිස සම්බොධියපිණිස නිර්‍වාණය පිණිස පවත්නී යැ යි. මෙසේ යමක් වදාරනලද ද මෙය තෙල සඳහා වදාරන ලදි.

උස්සාදනය ද දන්නේ යැ අපසාදනය ද දන්නේ යැ උස්සාදනයත් දැන අපසාදනයත් දැන (ගෘහශ්‍රිතවිසින් කිසි පුඟුලක්හු) හුවා නො දක්නේ යැ හෙළා නො දක්නේ යැ ස්වභාවධර්මය මැ කියන්නේයයි. මෙසේ තෙල කියන ලද. තෙලබස් කුමක් සඳහා කියනලද යැ යත්: මහණෙනි, හුවා දැක්වීමුදුහෙළාදැක්වීමුදු ස්වභාවධර්මය දෙසුමුදු කිසෙයින් වෙයි යත්:

‘හීන වූ ග්‍රාම්‍ය වූ පොථුජ්ජනික වූ අනාර්‍ය්‍ය වූ අනර්ථ සංහිත වූ සෞමනස්‍යානුයෝගයෙහි යෙදුණුකාමප්‍රතිසන්ධිසුඛ ඇත්තාහු ඇද්ද එහැම දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යාප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින් කිසි කෙනකුන් හෙළාදක්නේ වෙයි. ‘හීන වූ ග්‍රාම්‍ය වූ පොථුජ්ජනික වූ අනාර්‍ය්‍ය වූ අනර්ථ සංහිත වූසෞමනස්‍යානුයෝගයෙහි නො යෙදුණු කාමප්‍රතිසන්ධි සුඛයෙන් සුඛිත වූවෝ ඇද්ද එහැමඅදුඃඛයහ, උපඝාත රහිතයහ, උපායාස රහිතයහ පරිදාහ රහිතයහ, සම්‍යක්ප්‍රතිපන්නයහ’ යි මෙසේකියනුයේ මෙසේ කිසිවකුත් හුවන්නේ වෙයි.

‘යම් කෙනෙක් දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්ථ සංහිත වූ අත්තකිලමථානුයෝගයෙහි යෙදුණාහු දඑහැමදෙන දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යාප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින් ඇතැමකුන් හෙළා දක්නේ වෙයි. ‘යම් කෙනෙක්දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්ථ සංහිත වූ අත්තකිලමථානුයෝගයෙහි යෙදුණාහු ද එහැමදෙන දුඃඛරහිතයහ, උපඝාත රහිතයහ, උපායාස රහිතයහ, පරිදාහ රහිතයහ, සම්‍යක් ප්‍රතිපන්නයහ’ යි මෙසේකියනුයේ මෙසෙයින් ඇතැමකුන් හුවන්නේ වෙයි.

‘යම් කෙනෙකුන්ට භවසංයෝජන අප්‍රහීණ වේ ද එහැමදෙන දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යා ප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින්ඇතැමකුන් හෙළා දක්නේ වෙයි. ‘යම් කෙනෙකුන්ට විභවසංයෝජන ප්‍රහීණ වේ ද එහැමදෙන දුඃඛරහිතයහ, උපඝාත රහිතයහ, උපායාස රහිතයහ, පරිදාහ රහිතයහ, සම්‍යක්ප්‍රතිපන්නයහ’ යි මෙසේකියනුයේ මෙසෙයින් ඇතැමකුන් හුවන්නේ වෙයි. මහණෙනි, මෙසේ උස්සාදන ද වෙයි, අපසාදන දවෙයි, ධර්මදේශනා නො ද වෙයි.

මහණෙනි, කෙසේ උස්සාදන නො මැ වේ ද, අපසාදන නො වේ ද, ධර්මදේශනා වේ ද යත්: කාමප්‍රතිසන්ධියෙන් සුඛිත වූ යම් කෙනෙක් හීන වූ ග්‍රාම්‍ය වූ පොථුජ්ජනික වූ අනාර්‍ය්‍ය වූ අනර්ථසංහිත වූ සෞමනස්‍යානුයෝගයෙහි නො යෙදුණාහු ද එහැමදෙන දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යා ප්‍රතිපන්නයහ’ යි මෙසේ නො කියයි. ‘අනුයෝගසංඛ්‍යාත තෙල දහම දුඃඛ සහිත ය, උපඝාත සහිත ය, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යාප්‍රතිපත්ති’ යයි මෙසේ කියනුයේ දහම් මැ කියයි.

කාමප්‍රතිසන්ධිසුඛයෙන් සුඛිත වූ යම් කෙනෙක් හීන වූ ග්‍රාම්‍ය වූ පෝථුජ්ජනික වූ අනාර්‍ය්‍ය වූඅනර්ථ සංහිත වූ සෞමනස්‍යානුයෝගයෙහි යෙදුණාහු ද එහැමදෙන දුඃඛ රහිතයහ, උපඝාතරහිතයහ, උපායාස රහිතයහ, පරිදාහ රහිතයහ, සම්‍යක්ප්‍රතිපන්නයහ’ යි මෙසේ නො කියයි. (ඒසෞමනස්‍යානුයෝගයෙහි) නො යෙදීමෙක් ඇද්ද තෙල දහම දුඃඛ රහිත යැ, උපඝාත රහිත යැ, උපායාස රහිත යැ, පරිදාහ රහිත යැ, සම්‍යක් ප්‍රතිපදා යැ’යි මෙසේ කියනුයේ ධර්මය මැ දෙසන්නේවෙයි.

යම් කෙනෙක් දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්ථ සංහිත වූ අත්තකිලමථානුයෝගයෙහි යෙදුණාහු දඑහැමදෙන දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහමිථ්‍යාප්‍රතිපන්නයහ’ යි මෙසේ නො කියයි. එහි අනුයෝගයෙක් ඇද්ද, තෙල දහම දුඃඛ සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යා ප්‍රතිපදා යැ’යි මෙසේ කියනුයේධර්මය මැ දෙසන්නේ වෙයි.

යම් කෙනෙක් දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්ථ සංහිත වූ අත්තකිලමථානුයෝගයෙහි නො යෙදුණාහු දඑහැමදෙන දුඃඛ රහිත, උපඝාත රහිත, උපායාස රහිත, පරිදාහ රහිත වූ මනාව පිළිපන්හු යයි මෙසේනො කියයි. එහි අනනුයෝගය යන තෙල දහම දුක් නැත්තේ යැ, උපඝාත නැත්තේ යැ, උපායාසනැත්තේ යැ, පරිදාහ නැත්තේ යැ, මනා පිළිවෙතකි යි මෙසේ කියනුයේ දහම මැ දෙසන්නේ වෙයි.

යම් කෙනෙකුන්ට භවසංයෝජන අප්‍රහීණ වැ ඇද්ද, එහැමදෙන දුක් ඇත්තෝ යැ, උපඝාතඇත්තෝ යැ, උපායාස ඇත්තෝ යැ, පරිදාහ ඇත්තෝ යැ, මිථ්‍යාප්‍රතිපන්නයහ’ යි මෙසේ නොකියයි. භවසංයෝජනය අප්‍රහීණ වත් මැ භවය ද අප්‍රහීණ වේ යයි මෙසේ කියනුයේ ධර්මය මැදෙසන්නේ වේ.

යම් කෙනෙකුන්ට භවසංයෝජන ප්‍රහීණ වැ ඇද්ද, එහැමදෙන දුක් නැත්තාහ, උපඝාත නැත්තාහ, උපායාස නැත්තාහ, පරිදාහ නැත්තාහ, සම්‍යක්ප්‍රතිපන්නයහ’ යි මෙසේ නො කියයි. භවසංයෝජනය ප්‍රහීණ වත් මැ භවය ද ප්‍රහීණ වේ යයි මෙසේ කියනුයේ ධර්මය මැ දෙසන්නේවෙයි. මහණෙනි, මෙසේ හුවාලීම් නො වෙයි, හෙළාලීම් නො වෙයි, දහම්දෙසුමුදු වෙයි.

‘හුවාලීමුදු දන්නේ යැ, හෙළාලීමුදු දන්නේ යැ, හුවාලීමුදු දැන හෙළාලීමුදු දැන නො හුවන්නේ යැ, නො හෙළන්නේ යැ, දහම් මැ දෙසන්නේ’ යයි යම් බසෙක් කියන ලද ද මෙය තෙල් බස් පිණිසකියන ලදි.

‘විනිශ්චිතසුඛය දන්නේ යැ, විනිශ්චිතසුඛය දැන අධ්‍යාත්මසුඛයෙහි යෙදෙන්නේ යයි මෙසේ තෙලබසෙක් කියනලද ද තෙල කුමක් පිණිස කියන ලද යැ යත්: මහණෙනි, මේ කාමගුණයෝපස්දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමොපසංහිත වූසිත් අලවන චක්ෂුර්විඥෙය රූපයෝ යැ, ශ්‍රොතවිඥෙය ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥෙය වූ ගන්ධයෝයැ ... ජිහ්වාවිඥෙය වූ රසයෝ යැ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමොපසංහිත වූ සිත්අලවන කායවිඥෙය ස්පර්ෂ්ටව්‍යයෝ යැ. මහණෙනි, මොහු පඤ්චකාමගුණයෝ යි. මහණෙනි, මේපස්කම් ගුණයන් නිසා යම් සුඛසෞමනස්‍යයෙක් උපදනේ වේ ද මේ කාමසුඛය ‘මීඪසුඛ’ යයි‘පෘථග්ජනසුඛ’ යයි කියනු ලැබේ. ආසේවන නො කළයුතු යැ, නො හැවියයුතු යැ, නො බිහිලිකළයුතු යැ මේ සුඛයෙන් බිය වියයුතු යැ යි කියමි.

මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසලදහමින් වෙන් වැ මැ විතර්ක සහිතවිචාර සහිත විවෙකයෙන් හටගත් ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. විතර්කවිචාරයන්ගේසන්හිඳීමෙන් තමා තුළ පැහැදීම් කරන සිත පිළිබඳ එකඟ බැව් ඇති විතර්ක රහිත විචාර රහිතසමාධියෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ද්වීතියධ්‍යානයට ... චතුර්ථධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මේ නෛෂ්ක්‍රම්‍යසුඛ යයි කියනු ලැබේ. ප්‍රවිවෙකසුඛ වූ උපශමසුඛ වූ සම්බොධසුඛ වූමේ නෛෂ්ක්‍රම්‍යසුඛය ආසේවන කළයුතු යැ, හැවියයුතු යැ, බිහිලි කළයුතු යි. තෙල සුඛයෙන්නො බානේ යැයි කියමි. ‘විනිශ්චිතසුඛය දන්නේ යැ, විනිශ්චිතසුඛය දැන අධ්‍යාත්මසුඛයෙහියෙදෙන්නේ යැ’ යි, මෙසේ යම් බසෙක් කියනලද ද මෙය තෙල බස් පිණිස කියන ලදි.

‘පිසුනුබස් නො බණන්නේ යැ, හමියෙහිදු කිළිටිබස් නො බණන්නේ යැ’ යි, මෙසේ තෙල කියනලද. තෙල කුමක් සඳහා කියනලද යැ යත්: මහණෙනි, එහිලා යම් රහෝවාදයක් අභූත යැ, අතථ්‍ය යැ, අනර්ථ සංහිත යැ’ යි ඒකාන්තයෙන් දන්නේ ද ඒ රහෝවාදය නො කියන්නේ යැ. යම්රහෝවාදයෙකුත් භූත යැ තථ්‍ය යැ, අනර්ථසංහිත යැ’ යි දන්නේ ද එ ද නො කියනු සඳහාහික්මෙන්නේ යැ, යළි යම් රහෝවාදයක් භූත යැ තථ්‍ය යැ, අර්ථසංහිත යැ’ යි දන්නේ ද එහිලා ඒරහෝවාදය කියනු සඳහා කල් දන්නේ වන්නේ යැ. මහණෙනි, යම් තැනෙක්හි හමුයෙහි කියනකිලිටි බසක් අභූත යැ, අතථ්‍ය යැ, අනර්ථසංහිත යැ’ යි එකැතින් දන්නේ ද ඒ කිලිටිබස හමුයෙහිනො බණන්නේ යැ, හමුයෙහි කියන යම් ඛීණවාදයෙකුත් භූත යැ, තථ්‍ය යැ, අනර්‍ථසංහිත යැ යිදන්නේ ද එබස ද නො කියනු සඳහා හික්මෙන්නේ යැ, තවද හමුයෙහි කියන යම් කිලිටි බසක් භූතයැ තථ්‍ය යැ, අර්‍ථසංහිත යැ’ යි දන්නේ ද එහිලා ඒ ක්ෂීණවාදය ප්‍රකාශ කරනු පිණිස කල් දන්නේවන්නේ යැ. පිසුනුබස් නො බණන්නේ යැ, හමුයෙහි ගුණ තැන නො බණන්නේ යැ’ යි මෙසේ යම්බසෙක් කියනලද ද මේ තෙල බස් සඳහා කියනලදි.

‘ත්වරිත නො වැ බණන්නේ යැ, ත්වරිත වැ නො බණන්නේ යැ’ යි මෙසේ තෙල කියන ලද. තෙලබස් කුමක් සඳහා කියනලද යැ යත්: මහණෙනි, එහිලා ත්වරමාන වැ බණන්නහුගේ කය දක්ලාන්ත වෙයි, සිත ද පෙළෙයි, ශබ්දය ද බිඳෙයි, ගෙල ද ගිලන් වෙයි. ත්වරමනයාගේ භාෂිතයඅවිඍෂ්ට ද අවිඥෙය ද වෙයි. අහනෙනි, එහිලා ත්වරිත නො වී බණන්නහුගේ කය ද නොවෙහෙසෙයි, සිත ද නො පෙළෙයි, හඬ ද නො බිඳෙයි, ගෙල ද නො ගිලන් වෙයි. ත්වරිත නොවූවහුගේ භාෂිතය විඍෂ්ට වූයේ විඥෙය ද වෙයි. ‘අතුරිත ව බණන්නේ ය, තුරිත වැ නො බණන්නේයැ’ යි යමක් කියනලද ද තෙල බස් මේ සඳහා කියන ලදි.

ජනපද නිරුක්තියෙහි අභිනිවෙශ නො කරන්නේ යැ, ලෝක ප්‍රඥප්තිය නො ඉක්මවන්නේ යැ’ යිමෙසේ තෙල කියනලද තෙල බස් කුමක් සඳහා කියනලද යැ යත්: මහණෙනි, කිසෙයින් ජනපදනිරුක්තියෙහි අභිනිවෙශත් වේ ද ලොකව්‍යවහාරයාගේ ඉක්මීමත් වේ ද යත්: මහණෙනි, මෙහි එ මැබඳුන ඇතැම් ජනපදයෙක්හි ‘පාති’ යයි හඳුනති, ‘පත්ත’ යයි හඳුනති, ‘විත්ථ’ යයි හඳුනති, ‘සරාව’ යයිහඳුනති, ‘ධාරොප’ යයි හඳුනති, ‘පොණ’ යයි හඳුනති, ‘පිසීලව’ යයි හඳුනති. මෙසේ ඒ බඳුන ඒ ඒජනවියෙහි යම් යම් සෙයෙකින් හඳුනත් ද ඒ ඒ පරිද්දෙන් දැඩි වැ පරාමර්ශ කොට අභිනිවෙශ කොට‘මෙ මැ සැබව, සෙස්ස සිසැ’ යි ව්‍යවහාර කෙරෙයි. මහණෙනි, මෙසෙයින් ජනපද නිරුක්තියෙහිඅනභිනිවේශ ද ලොකව්‍යවහාරයාගේ ඉක්ම යෑමද වෙයි. තවද මහණෙනි, ජනපද නිරුක්තියෙහිඅනභිනිවේශ ද ලොකව්‍යවහාරය නො ඉක්මවීම ද කිසෙයින් වෙයි යත්: මහණෙනි, මෙහි එ මැබඳුන ඇතැම් ජනපදයෙක්හි ‘පාති’ යයි හඳුනති, ‘පත්ත’ යයි හඳුනති, ‘විත්ථ’ යයි හඳුනති, ‘සරාව’ යයිහඳුනති, ‘ධාරොප’ යයි හඳුනති, ‘පොණ’ යයි හඳුනති, ‘පිසීලව’ යයි හඳුනති. මෙසේ එ බඳුන ඒ ඒජනවියෙහි යම් යම් පරිද්දෙකින් හඳුනත් ද ‘මෙ අයුෂ්මත්හු මෙ සඳහා ව්‍යවහාර කෙරෙති’ යි ඒ ඒපරිද්දෙන් ව්‍යවහාර කෙරෙයි. දැඩි කොට නො ගනී. මහණෙනි, මෙසෙයින් ජනපද නිරුක්තියෙහිඅනභිනිවේශ ද ලෝකව්‍යවහාරය නො ඉක්මවීම ද වෙයි. ‘ජනපද නිරුක්තියෙහි අභිනිවේශ නොකරන්නේ යැ, ලෝකව්‍යවහාරය නො ඉක්මවන්නෙ යැ’ යි මෙසේ යමක් කියනලද ද තෙල මේසඳහා කියන ලදී.

මහණෙනි, එහි කාමප්‍රතිසන්ධිසුඛයෙන් සුඛිත වූවහුගේ හීන වූ ග්‍රාමීණ වූ පුහුදුනන් කෙරෙහි වූඅනාර්‍ය්‍ය වූ අනර්‍ථකර වූ යම් සෞමනස්‍යානුයෝගයෙක් වේ ද තෙල දහම දුඃඛ සහිත යැ, උපඝාතසහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම ක්ලෙශරණසහිත යැ.

මහණෙනි, එහි කාමප්‍රතිසන්ධීන් සුඛිත වූවහුගේ හීන වූ ග්‍රාමීණ වූ පුහුදුනන් කෙරෙහි වූ අනාර්‍ය්‍යවූ අනර්‍ථ නිඃශ්‍රිත වූ සෞමනස්‍යානුයෝගයෙහි නො යෙදීමෙක් ඇද්ද තෙල දහම දුඃඛ රහිත යැ, උපඝාත රහිත යැ, උපායාස රහිත යැ, පරිදාහ රහිත යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එයින් තෙල දහමකෙලෙස්රණ රහිත යැ.

මහණෙනි, එහි දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ථාවහ වූ යම් අත්තකිලමථානුයෝගයෙක් වේ ද තෙල දහමදුඃඛ සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එයින්තෙල දහම කෙලෙස්රණ සහිත යැ.

මහණෙනි, එහි දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ථාවහ වූ අත්තකිලමථානුයෝගයෙහි යම් නොයෙදීමෙක්වේ ද තෙල දහම දුක් රහිත යැ, උපඝාත රහිත යැ, උපායාස රහිත යැ, පරිදාහ රහිත යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ රහිත යැ.

මහණෙනි, එහි නුවණැස කරන මාර්ගඥාන කරන යම් මධ්‍යමප්‍රතිපදායෙක් තථාගතයන් විසින්අවබෝධ කරනලද ද උපශමය පිණිස අභිඥා පිණිස සම්බොධය පිණිස නිවන් පිණිස පවත්නේ වේ දතෙල දහම දුඃඛ රහිත යැ, උපඝාත රහිත යැ, උපායාස රහිත යැ, පරිදාහ රහිත යැ, සම්‍යක්ප්‍රතිපත්වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ රහිත යැ.

මහණෙනි, එහි යම් උස්සාදනයෙක් අපයාදනායෙක් ඇද්ද, ධර්මදේශනායෙක් නැද්ද තෙල දහම දුක්සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එයින් තෙලදහම කෙලෙස්රණ සහිත යැ.

මහණෙනි, එහි යම් උස්සාදනයෙක් නැද්ද අපයාදනායෙක් නැද්ද ධර්මදේශනායෙක් ඇද්ද තෙලදහම දුක් රහිත යැ, උපඝාත රහිත යැ, උපායාස රහිත යැ, පරිදාහ රහිත යැ, එයින් තෙල දහමකෙලෙස් රණ රහිත යැ.

මහණෙනි, එහි මීඪසුඛ වූ පෘථග්ජනසුඛ වූ අනාර්‍ය්‍යසුඛ වූ යම් කාමසුඛයෙක් ඇද්ද තෙල දහම දුඃඛසහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එයින්තෙල දහම කෙලෙස්රණ සහිත යැ.

මහණෙනි, එහි යම් නෛෂ්ක්‍රම්‍යසුඛයෙක් ප්‍රවිවෙකසුඛයෙක් උපශමසුඛයෙක් සම්බොධිසුඛයෙක්ඇද්ද (යම් හෙයෙකින්) තෙල දහම නො දුක් වූයේ පීඩා රහිත වූයේ උපායාස රහිත වූයේ පරිදාහරහිත වූයේ සම්‍යක්ප්‍රතිපත් වී ද එහෙයින් තෙල දහම් කෙලෙසේරණ රහිත යැ.

මහණෙනි, එහි යම් රහෝවාදයෙක් අභූත වූයේ අතථ්‍ය වූයේ අනර්‍ථ සංහිත වූයේ ද තෙල දහම දුක්සහිත යැ, පීඩා සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත්වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ සහිත වෙයි.

මහණෙනි, එහි යම් රහෝවාදයෙක් භූත වූයේ තථ්‍ය වූයේ අනර්‍ථ සංහිත ද තෙල දහම දුක් සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලසරණධර්ම වෙයි.

මහණෙනි, එහි යම් රහෝවාදයෙක් භූත තථ්‍ය අර්‍ථසංහිත වේ ද තෙල දහම අදුඃඛ යැ, අනුපඝාත යැ, අනුපායාස යැ, අපරිදාහ යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එහෙයින් තෙල අරණධර්ම වෙයි.

මහණෙනි, එහි යම් හමුයෙහි අයුණු බිණීමෙක් අභූත අතථ්‍ය අනර්‍ථසංහිත වේ ද තෙල දහම සදුක්ඛ, සඋපඝාත, සඋපායාස, සපරිදාහ වූයේ මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙල සරණධර්ම වෙයි.

මහණෙනි, එහි යම් හමුයෙහි අයුණු බිණීමෙක් භූත තථ්‍ය අනර්‍ථසංහිත වේ ද තෙල දහම සදුක්ඛ යැ, සඋපඝාත යැ, සඋපායාස යැ, සපරිදාහ යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ සරණධර්මවෙයි.

මහණෙනි, එහි යම් හමුයෙහි අයුණු බිණීමෙක් භූත තථ්‍ය අර්‍ථසංහිත වේ ද තෙල දහම අදුඃඛ යැ, අනුපඝාත යැ, අනුපායාස යැ, අපරිදාහ යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එහෙයින් තෙල අරණධර්ම වෙයි.

මහණෙනි, තුරිත වුවහුගේ යම් භාෂිතයෙක් දුක් සහිත වූයේ ද තෙල දහම සඋපඝාත යැ, සඋපායාසයැ, සපරිදාහ යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ සරණධර්ම වෙයි.

මහණෙනි, එහි අතුරිත වුවහුගේ යම් භාෂිතයෙක් නො දුක් වූයේ ද තෙල දහම අනුපඝාත, අනුපායාස, අපරිදාහ වූයේ සම්‍යක්ප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ අරණධර්ම වේ.

මහණෙනි, එහි යම් ජනපදනිරුක්තියෙහි අභිනිවෙශයෙකුත් ලෝකව්‍යවහාරයෙහි අතිධාවනයෙකුත්දුක් සහිත වේ ද, තෙල දහම සඋපඝාත, සඋපායාස, සපරිදාහ වූයේ මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින්තෙලෙ සරණධර්ම වෙයි.

මහණෙනි, එහි යම් ජනපදනිරුක්තියෙහි අභිනිවෙශයෙක් ලෝකව්‍යවහාරයෙහි අනතිධාවනයෙක්ඇද්ද තෙල දහම අදුඃඛ යැ, අනුපඝාත යැ, අනුපායාස යැ, අපරිදාහ යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ අරණධර්ම නම් වේ යයි.

මහණෙනි, එහෙයින් මෙහි ලා සරණධර්මයත් දැනගනුම්හ, අරණධර්මයත් දැනගනුම්හ. සරණධර්මයත් දැන අරණධර්මයත් දැන අරණප්‍රතිපදායෙහි පිළිපදුම්හ’ යි. මහණෙනි, තොප විසින්මෙසේ මැ හික්මියයුතු. තවද මහණෙනි, සුභූති කුලපුත්‍ර අරණ ප්‍රතිපදාවට පිළිපන්නේ යයි.

භාග්‍යවතුන් වහන්සේ මේ අරණවිභඞ්ගය වදාළසේක. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන්වහන්සේගේ භාෂිතය පිළිගත්තාහ’ යයි.

නව වැනි අරණවිභඞ්ග සූත්‍රය නිමියේ ය.