උද්දේසවිභංග සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

සතරවැනි විභඞ්ග (විභංග) වර්ගය

3.4.8

උද්දේසවිභංග සූත්‍රය

 

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේදෙව්රම්වෙහෙර වැඩ වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ මහණෙනි’යි භික්ෂූන් අඬගාවදාළසේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවත්හුතෙල උද්දේසවිභඞ්ගය වදාළ සේක.

මහණෙනි, තොපට උද්දේස හා විභඞ්ග හා දෙසමි. එය අසව, මොනවට මෙනෙහි කරව. කියමි’යිවදාළහ.

එසේ යැ වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. බුදුහු තෙල වදාළහ:

යම් යම් පරිදි තුලනා කරන ඒ මහණහට බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නොවිසුරුණේ ගෝචර අධ්‍යාත්මයෙහි නො පිහිටියේ උපාදාන වශයෙන් නො ගෙන තෘෂ්ණා වශයෙන්පරිතස්සනා නො කරන්නේ ද එපරිද්දෙන් මහණ තුලනා කරන්නේ යැ. මහණෙනි, බාහිරඅරමුණෙහි විඥානය අවික්ෂිප්ත කල්හි නො විසිරුණු කල්හි ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටි කල්හිඋපාදාන වශයෙන් නො ගෙන තෘෂ්ණාපරිතස්සනා නො කරන්නාහට මත්තෙහි ජාතිජරාමරණ හාසෙසු දුක්ඛසමුදයාගේ සම්භවයෙක් නො වේ යයි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරාසුගතයන් වහන්සේ හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නික්මගිය නොබෝ කල්හි ඒ වහන්දෑට තෙල සිත විය: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය උදෙසා විස්තර විසින් අර්ථවිභාග නො කොටහුනස්නෙන් නැඟී විහාරයට පිවිසිසේක. යම් යම් පරිද්දෙකින් විමසනුවහට බාහිර අරමුණෙහිවිඥානය අවික්ෂිප්ත වූයේ නො විසුරුණේ ගෝචරාධ්‍යාත්මයෙහි නිකාන්ති වශයෙන් නො පිහිටියේඋපාදාන නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නො සැලෙන්නේ ද මහණ ඒ ඒ පරිද්දෙන් තුලනයකරන්නේ යැ. මහණෙනි, බාහ්‍යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත කල්හි නො විසුරුණු කල්හිගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටි කල්හි උපාදානය නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නොසැලෙන්නහුට මතුයෙහි ජාතිජරාමරණයාගේ ද අවශෙෂ දුඃඛයාගේ ද සම්භවයෙක් නො වේ යයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරාර්ථ විභාග නො කළ මේ උද්දේසයාගේවිස්තරාර්ථය කවරෙක් විභාග කරන්නේ දෝහෝ’යි.

ඉක්බිති ඒ වහන්දෑට තෙල සිත විය: මේ ආයුෂ්මත් මහකසයින් තෙරණුවෝ බුදුන් විසිනුදුසංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහකසයින් තෙරණුවෝභාග්‍යවතුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්ථ විභාග නොකළ මේ උද්දේසයාගේවිස්තර විසින් අර්ථය විභාග කරන්නට පොහොනාහු ද වෙති. ඇපි ආයුෂ්මත් මහකසයින් තෙරණුවන්කරා එළඹෙන්නමෝ නම් එළැඹ ආයුෂ්මත් මහකසයින් තෙරුන් අතින් තෙල අර්ථය පුළුවුස්නමෝනම් මැනැවැ’යි. ඉක්බිති ඒ වහන්දෑ ආයුෂ්මත් මහකසයින් තෙරුන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත්මහකසයින් තෙරුන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැහුන්හ. එකත්පස් වැ හුන් ඒ වහන්දෑ ආයුෂ්මත් මහකසයින් තෙරණුවනට තෙල සැලකළහු:

ඇවැත් කසයින් තෙරණුවෙනි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය උදෙසා විස්තරවිසින් අර්ථ විභාග නො කොට විහාරයට පිවිසියහ. මහණෙනි, යම් යම් පරිද්දෙකින් තුලනයකරනුවහට බාහිර ආලම්බනයෙහි අවික්ෂිප්ත වැ නො විසිරැ විඥානය ගෝචරාධ්‍යාත්මයෙහි නොපිහිටියේ උපාදානය නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නො සැලෙන්නේ ද මහණ ඒ ඒපරිද්දෙන් තුලනය කරන්නේ යැ. මහණෙනි, වාහ්‍යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත කල්හිඅවිඍෂ්ට කල්හි ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටි කල්හි උපාදානය නො කොට තෘෂ්ණාපරිතස්සනායෙන් නොසැලෙන්නහුට මත්තෙහි ජාතිජරාමරණයාගේ හා ශෙෂ දුඃඛ සමුදයාගේසම්භවය නො වේ යයි. ආයුෂ්මත් කසයින් තෙරණුවෙනි, භාග්‍යවතුන් වහන්සේ නික්මගිය නොබෝකාලයෙහි ඒ අපට තෙල සිත විය:

ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තර විසින් අර්ථ විභාගනො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක. මහණෙනි, යම් යම් පරිද්දෙකින් තුලනය කරනඔහුට වාහ්‍යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත අවිඍෂ්ට වූයේ ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටියේඋපාදානය නො කොට තෘෂ්ණාපරිතස්සනායෙන් නො සැලේ ද, ඒ ඒ පරිද්දෙන් මහණ තුලනයකරන්නේ යැ. මහණෙනි, වාහ්‍යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත කල්හි නො විසිරැ සිටි කල්හිගෝචරාධ්‍යාත්මයෙහි නිකාන්ති වශයෙන් නො පිහිටි කල්හි උපාදානය නො කොට නිකාන්තිවශයෙන් තණ්හා පරිතස්සනායෙන් නො සැලෙන්නහුට මත්තෙහි ජාති ජරාමරණයාගේ දදුඃඛසමුදයාගේ ද සම්භවය නො වේ යයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලදවිස්තර විසින් අර්ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්ථය කවරෙක් විස්තර විසින් විභාගකරන්නේ දෝ හො’ යි.

ඇවැත්නි, කාත්‍යායනයෙනි, ඒ අපට තෙල සිත විය: ‘මේ ආයුෂ්මත් මහා කාත්‍යායනයෝ ශාස්තෘන්වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත්මහාකාත්‍යායනයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්ථයවිභාග නො කළ මේ උද්දේසයාගේ අර්ථය විස්තරයෙන් විභාග කරන්නට පොහොනාහු ද වෙති. ඇපි ආයුෂ්මත් කාත්‍යායන තෙරණුවන් කරා එළැඹෙන්නමෝ නම් එළැඹ ආයුෂ්මත් මහාකාත්‍යායනතෙරණුවන් අතින් තෙල කරුණ පුළුවුස්නමෝ නම් යෙහෙකැ’ යි කියායි, ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ (එය) විභාග කෙරෙත්ව’යි.

ඇවැත්නි, යම් පරිදි හරයෙන් ප්‍රයෝජන ඇති හරය සොයන පුරුෂයෙක් හර පර්‍ය්‍යෙෂණ කරනුයේස්ථිර වැ සිටි සාරවත් වූ මහත් වෘක්ෂයක්හුගේ මුල ඉක්මවා මැ කඳ ඉක්මවා මැ පලාසයෙහි හරසෙවියයුතු කොට සිතා නම් මෙකරුණ එබඳු යැ. ආයුෂ්මත්නට ශාස්තෘන් වහන්සේ හමු වූ කල්හි ඒභාග්‍යවතුන් ඉක්මවාපියා තෙල කරුණ අප අතින් පිළිවිස්සයුතු කොට සිතව, ඇවැත්නි, ඒභාග්‍යවතුන් වහන්සේ වනාහි දතයුතු ඥෙයධර්මය නුවණින් දනිති, දැක්කයුතු දැය නුවණැසින් දකිති, ඇසක් මෙන් වූහ, ඥානමය වූහ, ධර්මය වූහ, ශ්‍රේෂ්ඨ වූහ, ධර්මය පවසනුවහ, නන් අයුරින්පවසනුවහ, අර්ථය එළවා දක්වනුවහ, අමෘතය දෙනුවහ. ධර්මස්වාමීහ, තථාගතයහ. යම්කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ මැ තෙල අර්ථය පුළුවුස්නවු නම්, මෙයට එ මැ කල්වෙයි. යම්පරිදි අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනසේක් නම් එසෙයින් එය ධරන්නහු යයි.

ඇවැත්නි, කාත්‍යායනයෙනි, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දතයුතු නුවණින් දන්නාහ, දැක්කයුතු නුවණැසින් දක්නාහ, ඇසක් මෙන් වූහ, ඥානමය වූහ, ධර්මය වූහ, ශ්‍රේෂ්ඨ වූහ, වක්තෘවූහ, ප්‍රවකෘත් වූහ, අර්ථය එළවා දක්වනුවහ, අමා දෙනුවහ, ධර්මස්වාමීහ, තථාගතයහ. යම්කරුණෙකින් තෙල අර්ථය භාග්‍යවතුන් වහන්සේ මැ පුළුවුස්නමෝ නම් යම් පරිද්දෙකින්භාග්‍යවතුන් වහන්සේට අප ප්‍රකාශ කරනසේක් ද, එසෙයින් එය ධරන්නමෝ නම් මෙයට එ මැකල් වෙයි. එතෙකුදුවත් ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ භාග්‍යවතුන් විසින්සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්ථය විස්තරයෙන්විභාග කරන්නට පොහොනාහු ද වෙති. ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ නො බර කොට විභාගකෙරෙත්වා’ යි.

එසේ වී නම් ඇවැත්නි, අසව. මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි’යි.

‘එසේ යැ ඇවැත්නි’යි ඒ වහන්දෑ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ තෙල වදාළහ:

ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ යම් යම් පරිදි තුලනා කරන ඒ මහණහුගේ බැහැර අරමුණෙහිවිඥානය අවික්ෂිප්ත වූයේ නො විසුරුණේ ගෝචරාධ්‍යාත්මයෙහි නිකාන්ති වශයෙන් නො පිහිටියේඋපාදාන වශයෙන් නො ගෙන තෘෂ්ණා වශයෙන් පරිතස්සනාවට නො පැමිණේ ද, මහණ ඒ ඒ පරිදිතුලනා කරන්නේ යැ. මහණෙනි, බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වත් මැ නො විසිරෙත් මැගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටත් මැ උපාදාන වශයෙන් නො හෙන පරිතස්සනා නො කරන ඒමහණහට මතුයෙහි ජාතිජරා මරණ හා දුඃඛසුමුදය සම්භවය නො වේ’යි. යම් උද්දේසයක් සැකෙවින්උදෙසා විස්තරයෙන් අර්ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසිසේක් ද ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අර්ථ විභාග නො කරනලදමේ උද්දේසයාගේ මෙසේ විස්තර අර්ථ අවබොධ කොට දන්මි.

ඇවැත්නි, කෙසේ නම් ‘බැහැර අරමුණෙහි විඥානය වික්ෂිප්ත වූයේ විසිරගියේ යැ’යි කියනු ලැබේ ද: ඇවැත්නි, මෙසස්නෙහි මහණක්හට ඇසින් රූ දැක රූ නිමිති අනුව ගිය විඥානය වේ දරූපනිමිත්තාස්වාදයෙන් ග්‍රථිත වූ රූපනිමිත්තාස්වාදයෙන් වෙලීගිය රූපනිමිත්තාස්වාදසංයෝජනයෙන් සංයුක්ත වූ බැහැර අරමුණෙහි වැටුණු විඥානය වික්ෂිප්ත යැ’යි විසුරුණේ යැ’යිකියනු ලැබේ. කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්ධ අඝ්‍රාණය කොට ... දිවින් රස ආස්වාදකොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්ශ කොට … මනසින් ධර්මය දැන ධර්මනිමිත්ත අනුව ගියවිඥානය වේ ද ධර්මනිමිත්තාස්වාදයෙන් ග්‍රථිත වූ ධර්මනිමිත්තාස්වාදයෙන් වෙළුණුධර්මනිමිත්තාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූ බැහැර අරමුණෙහි වැටුණු විඥානය වික්ෂිප්ත යැ’යිවිසිරිණැ’යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ බැහැර අරමුණෙහි වූ විඥානය වික්ෂිප්ත යැ විසිරිණැ’යිකියනු ලැබේ.

ඇවැත්නි, කෙසේ නම් ‘බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසිරිණැ’ යි කියනු ලැබේයැ යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණක්හට ඇසින් රූ දැක විඥානය රූපනිමිත්ත අනුව යන්නේනො වේ ද රූපනිමිත්තාස්වාදයෙන් ග්‍රථිත වූයේ නො වේ ද රූපනිමිත්තාස්වාදයෙන් වෙළුණේ නොවේ ද, රූපනිමිත්තාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූයේ නො වේ ද බැහැර අරමුණෙහි විඥානයඅවික්ෂිප්ත වූයේ නො විසුරිණැ’යි කියනු ලැබේ. කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්ධ අඝ්‍රාණයකොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්ශ කොට ... සිතින් දහම් දැනවිඥානය ධර්මනිමිත්ත අනුව යන්නේ නො වේ ද ධර්මනිමිත්තාස්වාදයෙන් ග්‍රථිත වූයේ නො වේ දධර්මනිමිත්තාස්වාදයෙන් වෙළුණේ නො වේ ද ධර්මනිමිත්තාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූයේනො වේ ද බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසිරිණැ’යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසිරිණැ යි කියනු ලැබේ.

ඇවැත්නි, කෙසේ නම් ගෝචරාධ්‍යාත්මයෙහි සිත පිහිටියේ යැ’යි කියනු ලැබේ යැ යත්: ඇවැත්නි, මේ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසලදහමින් වෙන් වැ විතර්ක සහිත විචාර සහිතවිවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහුට විවේකයෙන් හටගත්ප්‍රීතිසුඛය අනුව යන විඥානය වෙයි. විවේකජ ප්‍රීතිසුඛාස්වාදයෙන් ග්‍රථිත වූ විවේකජප්‍රීතිසුඛාස්වාදයෙන් වෙළුණු විවේකජ ප්‍රීතිසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වෙයි. සිතගෝචරාධ්‍යාත්මයෙහි පිහිටියේ යැ’යි කියනු ලැබේ.

තවද ඇවැත්නි, මහණ විතර්කවිචාරයන් සන්හිඳීමෙන් සිතෙහි පැහැදීම් ඇති චිත්තෛකාග්‍රතා ඇතිවිතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහුට විඥානය සමාධිජ ප්‍රීතිසුඛය අනුව යන්නේ වේ. සමාධිජ ප්‍රීතිසුඛාස්වාදයෙන් ග්‍රථිත වූයේසමාධිජ ප්‍රීතිසුඛාස්වාදයෙන් වෙළුණේ සමාධිජ ප්‍රීතිසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූයේවෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත පිහිටියේ යැ’යි කියනු ලැබේ.

තවද ඇවැත්නි, මහණ ප්‍රීතියගේ ද විරාගයෙන් උපෙක්ෂක වැ ස්මෘතිමත් වැ සම්ප්‍රඥාන ඇති වැවාස කෙරෙයි. සුඛය ද කයින් විඳියි . ආර්‍ය්‍යයෝ ‘උපෙක්ෂක යැ ස්මෘතිමත් යැ සුඛවිහරණ ඇති’යියම් ධ්‍යානයක් කියත් ද ඒ තෘතීය ධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහුට විඥානය උපෙක්ෂා සුඛයඅනුව යන්නේ වෙයි. උපෙක්ෂා සුඛාස්වාදයෙන් ග්‍රථිත වූයේ උපෙක්ෂා සුඛාස්වාදයෙන් වෙළුණේඋපෙක්ෂා සුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි පිහිටියේ යැ යිකියනු ලැබේ.

තවද ඇවැත්නි, මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැල මැ සොම්නස්දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නො දුක් නො සුඛ වූ උපෙක්ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇතිචතුර්ථධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහුට අදුඃඛාසුඛවේදනා අනුව යන විඥානය වෙයි. අදුඃඛාසුඛාස්වාදයෙන් ග්‍රථිත වූයේ අදුඃඛාසුඛාස්වාදයෙන් වෙළුණේ අදුඃඛාසුඛාස්වාදසංයෝජනයෙන් සංයුක්ත වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත පිහිටියේ යැ’යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසෙයින් ගෝචරාධ්‍යාත්මයෙහි සිත පිහිටියේ යැ’යි කියනු ලැබේ.

ඇවැත්නි, කිසෙයින් ‘ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’යි කියනු ලැබේ යැ යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යානය උපයා වාස කෙරෙයි. ඕහට විවේකයෙන් උපන් ප්‍රීතිසුඛය අනුව යන විඥානය නො වෙයි. විවේකයෙන් උපන්ප්‍රීතිසුඛාස්වාදයෙන් ග්‍රථිත නො වූයේ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛාස්වාදයෙන් නො වෙළුණේවිවේකයෙන් උපන් ප්‍රීතිසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත නො වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’යි කියනු ලැබේ.

තවද ඇවැත්නි, මහණ විතර්කවිචාරයන් සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහටසමාධියෙන් උපන් ප්‍රීතිසුඛය අනුව යන විඥානය නො වෙයි. සමාධියෙන් උපන්ප්‍රීතිසුඛාස්වාදයෙන් ග්‍රථිත නො වූයේ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛාස්වාදයෙන් නො වෙළුණේසමාධියෙන් උපන් ප්‍රීතිසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත නො වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’යි කියනු ලැබේ.

තවද ඇවැත්නි, මහණ ප්‍රීතියගේ ද විරාගයෙන් ... තෘතීය ධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහුටඋපෙක්ෂා සුඛය අනුව යන විඥානය නො වෙයි. උපෙක්ෂා සුඛාස්වාදයෙන් ග්‍රථිත නො වූයේඋපෙක්ෂා සුඛාස්වාදයෙන් නො වෙළුණේ උපෙක්ෂාසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත නො වූයේවෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’ යි කියනු ලැබේ.

තවද ඇවැත්නි, මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්ථධ්‍යානය උපයා වාස කෙරෙයි. ඕහටඅදුඃඛාසුඛය අනුව යන විඥානය නො වෙයි. අදුඃඛාසුඛාස්වාදයෙන් ග්‍රථිත නො වූයේඅදුඃඛාසුඛාස්වාදයෙන් නො වෙළුණේ අදුඃඛාසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත නො වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසෙයින්ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’යි කියනු ලැබේ.

ඇවැත්නි, කිසෙයින් උපාදානය නො කොට පරිතස්සනා වෙයි යත්: ඇවැත්නි, මෙලො වැඅශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යයන් නො දක්නාසුලු වූයේ ආර්‍ය්‍යධර්මයට අදක්ෂ වූයේආර්‍ය්‍යධර්මයෙහි අවිනීත වූයේ සත්පුරුෂයන් නො දක්නාසුලු වූයේ සත්පුරුෂධර්මයට අදක්ෂ වූයේසත්පුරුෂ ධර්මයෙහි අවිනීත වූයේ රූපය ආත්ම හෙයින් විපර්‍ය්‍යාසයෙන් දකියි. තමා රූපවත් කොටද දකියි. තමා කෙරෙහි රූපය ද රූපය කෙරෙහි තමා ද දකියි. ඔහුගේ ඒ රූපය පෙරළෙයි. අන්‍යථාත්ව ඇති වෙයි. ඔහුට රූපවිපරිණාම අන්‍යථාභාව හේතුයෙන් රූපවිපරිණාම අනුව වැටෙනවිඥාන වෙයි. ඔහුගේ රූපවිපරිණාමානු පරිවර්තනයෙන් උපන් පරිතස්සනා සඞ්ඛ්‍යාතධර්මසමුත්පාදයෝ කුසල් සිත ගෙන සිටිත්. චිත්තපරියාදාන හේතුයෙන් උත්‍රාස ඇතියේ ද වෙයි. දුක් ඇතියේ ද වෙයි. ස්පෘහා ඇතියේ ද වෙයි, උපාදාන වශයෙන් නො ගෙන ද පරිතස්සනා කෙරෙයි. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥානය ආත්ම විසින් විපර්‍ය්‍යාස වශයෙන් දකියි. ආත්මයවිඥානවත් කොට ද ආත්මයෙහි විඥානය ද විඥානයෙහි ආත්මය ද දකියි. ඔහුගේ ඒ විඥානපෙරළෙයි. අන්‍යථාභාව ඇති වෙයි. ඔහුට විඥානවිපරිණාම හා අන්‍යථාභාව හේතුයෙන්විඥානවිපරිණාමය අනුව වැටෙන විඥාන වෙයි. ඔහුගේ විඥානවිපරිණාමානු පරිවර්තනයෙන් උපන්පරිතස්සනා සඞ්ඛ්‍යාත ධර්මසමුත්පාදයෝ සිත ක්ෂය කොට සිටිත්. චිත්තපරියාදාන හේතුයෙන්උත්‍රාස ඇතියේ ද වෙයි. දුක් ඇතියේ ද වෙයි. ස්පෘහා ඇත්තේ ද වෙයි. නො ගෙනත් පරිතස්සනාකෙරෙයි. ඇවැත්නි, මෙසේ අනුපාදා පරිතස්සනා වෙයි.

ඇවැත්නි, කෙසේ නම් ‘අනුපාදා පරිතස්සනා වේ යැ යත්: ඇවැත්නි, මෙසස්නෙහි ආර්‍ය්‍යයන්දක්නාසුලු ආර්‍ය්‍යධර්මය පිලිබඳ කෝවිද වූ ආර්‍ය්‍යධර්මයෙහි සුවිනීත වූ සත්පුරුෂයන් දක්නාසුලුසත්පුරුෂධර්මය පිලිබඳ කෝවිද වූ සත්පුරුෂ ධර්මයෙහි සුවිනීත වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමරූපය ආත්ම වශයෙන් ගෙන විපර්‍ය්‍යාස විසින් නො දක්නේ යැ. ආත්මය රූපවත් කොට ද නොදක්නේ යැ. ආත්මයෙහි රූපය ද නො දක්නේ යැ. රූපයෙහි ආත්මය ද නො දක්නේ යැ. ඔහුට ඒරූපය පෙරැළෙයි. අන්‍යථාභාව ඇති වෙයි. ඔහුට රූප විපරිණාම හා අන්‍යථාභාව හේතුවින් රූපවිපරිණාමය අනුව වැටෙන විඥාන නො වෙයි. ඔහුට රූප විපරිණාමය අනුව වැටීමෙන් උපදනාපරිතස්සනා සඞ්ඛ්‍යාත ධර්මසමුත්පාදයෝ සිත නො ගෙන සිටිත්. චිත්තපරියාදාන හේතුවින් උත්‍රාසඇතියේ ද නො වෙයි. දුක් ඇතියේ ද නො වෙයි. ස්පෘහා ඇතියේ ද නො වෙයි. උපාදාන වශයෙන්නො ගෙන ද පරිතස්සනා නො කෙරෙයි. වේදනා ආත්ම වශයෙන් නො දක්නේ යැ... සංඥා ආත්මවශයෙන් නො දක්නේ යැ ... සංස්කාර ආත්ම වශයෙන් නො දක්නේ යැ... විඥාන ආත්ම වශයෙන්නො දක්නේ යැ. ආත්මය විඥානවත් කොට ද නො දක්නේ යැ. ආත්මයෙහි විඥානය ද නො දක්නේයැ. විඥානයෙහි ආත්මය ද නො දක්නේ යැ. ඔහුගේ විඥානය පෙරළෙයි. අන්‍යථාභාව ඇති වෙයි. ඔහුට විඥානවිපරිණාම හා අන්‍යථාභාව හේතුවින් විඥාන විපරිණාමය අනුව යන විඥාන නො දවෙයි. ඔහුට විඥාන විපරිණාමය අනුව වැටීමෙන් උපන් පරිතස්සනා සඞ්ඛ්‍යාත ධර්මසමුත්පාදයෝසිත පැහැරගෙන නො සිටිත්. චිත්තපරියාදාන හේතුයෙන් උත්‍රාස ඇතියේ ද නො වෙයි. දුක්ඇතියේ ද නො වෙයි. ස්පෘහා ඇතියේ නො ද වෙයි. උපාදාන වශයෙන් නො ගෙන ද පරිතස්සනානො කෙරෙයි. ඇවැත්නි, මෙසෙයින් ‘අනුපාදා අපරිතස්සනා’ වෙයි.

ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් යම් උද්දේසයක් උදෙසා විස්තර විසින් අර්ථය විභාගනො කොට හුනස්නෙන් නැඟී වැඩිසේක් ද මහණෙනි, යම් යම් පරිදි තුලනා කරන ඔහුගේ බැහැරඅරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසුරුණේ ගෝචරාධ්‍යාත්මයෙහි උපාදාන වශයෙන්නො ගෙන තෘෂ්ණා වශයෙන් පරිතස්සනා නො කෙරේ ද, මහණ ඒ ඒ පරිදි තුලනා කරන්නේ යැ. මහණෙනි, බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත කල්හි නො විසිරුණු කල්හිගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටි කල්හි උපාදාන වශයෙන් නො ගෙන පරිතස්සනා නොකරන්නහුට ජාතිජරාමරණ දුඃඛයන්ගේ පහළවීම නො වේ යයි. ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේවිසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අර්ථ විභාග නො කරන ලද මේ උද්දෙසයාගේ විස්තරවශයෙන් මෙසේ අර්ථ අවබෝධ කොට දන්මි. ඇවැත්නි, තෙපි කැමැත්තහු නම් බුදුන් කරා මැඑළැඹ තෙල කරුණ පුළුවුස්ව. භාග්‍යවතුන් වහන්සේ තොපට යම්සේ විභාග කොට වදාරනසේක් දඑසේ එය ධරව.

ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් භාෂිතය සතුටින් පිලිගෙන අනුමෝදන් වැහුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳඑකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට යම් උද්දේසයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අර්ථ විභාගනො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක් ද ‘මහණෙනි, යම් යම් පරිද්දෙකින් තුලනා කරනඒ මහණහුගේ බාහය්‍යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසිරුණේගෝචරාධ්‍යාත්මයෙහි නිකාන්ති වශයෙන් නො පිහිටියේ උපාදාන වශයෙන් නො ගෙන තෘෂ්ණාවශයෙන් පරිතස්සනාවට නො පැමිණේ ද මහණ තෙමේ ඒ ඒ පරිදි තුලනා කරන්නේ යැ. බාහය්‍යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත වත් මැ නො විසිරෙත් මැ ගෝචරාධ්‍යාත්මයෙහි නොපිහිටත් මැ උපාදාන වශයෙන් නො ගෙන පරිතස්සනා නො කරන ඒ මහණහට මතුයෙහිජාතිජරාමරණ හා දුඃඛසමුදය සම්භවය නො වේ’ යයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නික්මගියනොබෝ කල්හි මැ අපට මේ සිත විය.

ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තර විසින් අර්ථය විභාගනො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක. “මහණෙනි, යම් යම් පරිද්දෙකින් තුලනය කරනඔහුට වාහය්‍යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත වූයේ අවිඍෂ්ට වූයේ ගෝචරාධ්‍යාත්මයෙහි නොපිහිටියේ උපාදානය නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නො සැලේ ද මහණ ඒ ඒ පරිද්දෙන්තුලනය කරන්නේ යැ. මහණෙනි, වාහය්‍යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත කල්හි නො විසිරු සිටිකල්හි ගෝචරාධ්‍යාත්මයෙහි නිකාන්ති වශයෙන් නො පිහිටි කල්හි උපාදානය නො කොට තෘෂ්ණාපරිතස්සනායෙන් නො සැලෙන්නහුට මත්තෙහි ජාතිජරාමරණයාගේ ද දුඃඛසමුදයාගේ දසම්භවයෙක් නො වේ” යයි.

භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තර විසින් අර්ථය විභාග නො කළ මේඋද්දේසයාගේ අර්ථය කවරෙක් විස්තර විසින් විභාග කරන්නේ දෝහො’ යි. වහන්ස, ඒ අපට තෙලසිත විය. මේ ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූසබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ භාග්‍යවතුන් වහන්සේ විසින්සැකෙවින් උදෙසන ලද විස්තරාර්ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්ථය විස්තර විසින්විභාග කරන්නට පොහොනාහු ද වෙති. ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් කරාඑළැඹෙන්නමෝ නම් එළැඹ තෙල අර්ථය ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් පුළුවුස්නමෝ නම්මැනැවැයි.

වහන්ස, ඉක්බිති ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් කරා එළැඹියම්හ. එළැඹ තෙල අර්ථයආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් පුළුවුසුම්හ. වහන්ස, අපට ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන්විසින් මේ අයුරින් මේ පෙදෙන් මේ බ්‍යඤ්ජනයෙන් අර්ථය විභාග කරන ලද්දේ යයි.

මහණෙනි, මහාකාත්‍යායන පණ්ඩිත යැ, මහණෙනි, මහාකාත්‍යායන මහාප්‍රාඥ යැ, ඉදින්මහණෙනි, තෙපි තෙල අර්ථය මයිදු පුළුවුස්නහු නම් මම ද එය එපරිදි මැ ප්‍රකාශ කරන්නෙමි. යම්සේ මහාකාත්‍යායනයන් විසින් එය ප්‍රකාශ කරනලද ද තෙල උද්දේසයාගේ තෙලෙ මැ අර්ථවෙයි, එය එසේ මැ ධරන්නහු යයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේභාෂිතය සතුටින් පිළිගත්තාහු යයි.

අට වැනි උදේදසවිභඞ්ග සූත්‍රය නිමියේ ය.