ධාතුවිභංග සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

සතරවැනි විභඞ්ග (විභංග) වර්ගය

3.4.10

ධාතුවිභංග සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධදනවියෙහි සැරිසරනසේක්රජගහනුවර කරා වැඩිසේක. වැඩ භග්ගව කුම්භකාරයා කරා එළැඹිසේක. එළැඹ භග්ගවකුම්භකාරයාහට තෙල වදාළෝ: භාර්ගවය, ඉදින් තොපට නො බර වී නම් එක් රැයක් කුඹල්හලෙහිවසම්හ’යි.

වහන්ස, මට නො බර වෙයි, වැළි එකෙක් ඇත, මෙහි කැල මැ වාසොපගත වූ පැවිද්දෙක් ඇත. ඉදින් හේ අනුදන්නේ වී නම් වහන්ස, යථාසුඛ විහරණ කළ මැනැවැ’ යි.

එසමයෙහි පුක්කුසාති නම් කුලපුත් බුදුන් උදෙසා සැදැහැයෙන් ගෙන් නික්ම සසුන් වන්නේ වෙයි. හේ ඒ කුම්භකාරාවෙසනයෙහි කැල මැ වාසොපගත වෙයි. එසඳ බුදුහු පුක්කුසාති කුලපුතු කරාවැඩිසේක, වැඩ ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්හට තෙල වදාළෝ: ඉදින් මහණ, තොපට නො බර වීනම් එක් රැයක් සිප්හලෙහි වසම්හ’යි. ඇවැත්නි, කුම්භකාරාවෙසනය සම්බාධ රහිත යැ. ආයුෂ්මත්යථාසුඛයෙන් වසන්නේ මැනැවැ.

එසඳ භාග්‍යවතුන් වහන්සේ කුඹල්සිප්හල් වැද එකත්පසෙක තණඇතිරිය පනවා පලක් අවුළුවාඋපරිම කය ඍජු කොට තබා පරිමුඛ කොට සිහි එළවා වැඩ හුන්හු. එසඳ බුදුහු රැය බොහෝවේලාවක් නිෂද්‍යායෙන් කල් ගැළවූසේක. ආයුෂ්මත් පුක්කුසාති කුලපුත් හු ද රැය බොහෝවේලාවක් නිෂද්‍යායෙන් කල් ගැළවූහ. එසඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී. මේ කුලපුත්ප්‍රසාද එළවනසුලු ඉරියවු කෙරෙයි, මම පුළුවුස්නෙම් මැනැවැ’ යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේආයුෂ්මත් පුක්කුසාති කුලපුත්හට තෙල වදාළෝ. මහණ තෝ කවරක්හු උදෙසා පැවිදි වූයෙහි? තාගේ ශාස්තෘ කවරෙක හො? කවරක්හුගේ දහම් තෝ රුස්ව? යි.

ඇවැත්නි, සැහැකුලෙන් නික්ම පැවිදි වූ සැහැකුලපුත් මහණගොයුම් ඇත. ඒ භගවත් ගෞතමයන්වහන්සේගේ මෙසේ කල්‍යාණ වූ කීර්ති ශබ්දයෙක් උස්ව නැඟිණි: “මෙකරුණිනුදු භාග්‍යවතුන්වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලොකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථියහ, දෙව්මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ’ යි. මම ඒභාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූයෙමි. මට ඒ භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘයහ. මම ඒභාග්‍යවතුන් වහන්සේගේ දහම් රුස්මි යි.

මහණ, ඒ භගවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයෝ මෙකල කොහි වෙසෙත්දැ? යි.

ඇවැත්නි, උතුරු දනවියෙහි ශ්‍රාවස්ති නම් නගරයෙක් ඇත. එහි ඒ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයෝ මෙකල්හි වාස කරන සේකැ’ යි.

මහණ, තොප විසින් ඒ භාග්‍යවත්හු දුටුවිරූහු ද? යළි දැක හඳුනන්නහු දැ? යි.

ඇවැත්නි, මා විසින් ඒ භාග්‍යවත්හු නුදුටුවිරූහ. මම් දැක ද නො හඳුනමි’ යි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී: ‘ මේ කුලපුත් මා උදෙසා පැවිදි වූයේ වන, මම් ඕහටදහම් දෙසම් නම් මැනැවැ’ යි. ඉක්බිති බුදුහු ආයුෂ්මත් පුක්කුසාති කුලපුත් ඇමැතූසේක: ‘මහණ, තොපට දහම් දෙසන්නෙමි, ඒ අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි’ යි.

‘එසේ යැ ඇවැත්නි’ යි ආයුෂ්මත් පුක්කුසාති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන්වහන්සේ තෙල ධාතුවිභඞ්ග වදාළෝ.

මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙක. සවැදෑරුම් ස්පර්ශායතන මාත්‍රයෙක. අටළොස්මනොපවිචාරමාත්‍රයෙක, සතර ප්‍රතිෂ්ඨා ඇත්තේ යැ යම් අධිෂ්ඨානයෙක පිහිටියහුට උත්සන්න වූ(තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද( ඒ සතර අධිෂ්ඨානයෝ යි.) උත්සන්න වූ මඤ්ඤනාවනො පවත්නා කල්හි ක්ෂීණාස්‍රව මුනි තෙම ‘උපශාන්ත’ යයි කියනු ලැබේ. (අර්හත්ඵලප්‍රඥාප්‍රතිවෙධය පිණිස) සමාධිවිදර්ශනා ප්‍රඥායෙහි අප්‍රමත්ත වන්නේ යැ. වාක්සත්‍යය රක්නේ යැ. ක්ලෙශපරිත්‍යාගය වඩන්නේය. ඒ මහණ ක්ලේශොපශමය මැ හික්මෙන්නේ යයි. ෂඩ්ධාතුවිභඞ්ගයාගේ මේ උද්දෙශ යැ.

‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙකැ’ යි මෙසේ තෙල කියන ලද, තෙල බස් කුමක් සඳහාකියනලද ද යත්: පෘථිවිධාතු යැ අබ්ධාතු යැ තෙජොධාතු යැ වායෝධාතු යැ ආකාශධාතු යැවිඥානධාතු යි. ‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙකැ’ යි මෙසේ යමක් කියන ලද ද මෙයතෙල සඳහා කියනලදි.

‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ස්පර්ශායතනමාත්‍රයෙකැ’ යි මෙසේ තෙල කියන ලද. තෙල කුමක්සඳහා කියනලද ද යත්: චක්ඛු සම්ඵස්සායතන යැ සොතසම්ඵස්සායතන යැ ඝානසම්ඵස්සායතන යැජිව්හාසම්ඵස්සායතන යැ කායසම්ඵස්සායතන යැ මනොසම්ඵස්සායතන යි. ‘මහණ, මේ පුරුෂසවැදෑරුම් ස්පර්ශායතනමාත්‍රයෙකැ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද මෙය තෙල පිණිස කියනලදි.

‘මහණ, මේ පුරුෂ අටළොස් මනොපවිචාරමාත්‍රයෙකැ’ යි මෙසේ තෙල බසෙක් කියන ලද, තෙලබස් කුමක් පිණිස කියන ලද යැ යත්: ඇසින් රූ දැක සොම්නසට කරුණු වූ රූපය විචාර කෙරෙයි. දොම්නසට කරුණු වූ රුපය විචාර කෙරෙයි. උපේක්ෂාවට කරුණු වූ රූපය විචාර කෙරෙයි. කනින්ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් පහස ස්පර්ශකොට ... සිතින් දහම් දැන සොම්නසට කරුණු වූ දහම විචාර කෙරෙයි. දොම්නසට කරුණු වූ දහමවිචාර කෙරෙයි. උපේක්ෂාවට කරුණු වූ දහම විචාර කෙරෙයි. මෙසේ සොමනස්සුපවිචාරයෝසදෙනෙක, දොමනස්සුපවිචාරයෝ සදෙනෙක, උපෙක්ඛුපවිචාරයෝ සදෙනෙක. ‘මහණ, මේ පුරුෂඅටළොස් මනොපවිචාරමාත්‍රයෙකැ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද මෙය තෙල පිණිස කියනලදි.

‘මහණ, මේ පුරුෂ චතුරධිෂ්ඨානමාත්‍රයෙකැ’ යි මෙසේ තෙල බසෙක් කියන ලද, තෙල කුමක්පිණිස කියන ලද යැ යත්: ප්‍රඥාධිෂ්ඨාන යැ සත්‍යාධිෂ්ඨාන යැ ත්‍යාගාධිෂ්ඨාන යැ උපශමාධිෂ්ඨානයි. ‘මහණ, මේ පුරුෂ චතුරධිෂ්ඨානමාත්‍රයෙකැ’ යි මෙසේ යම් බසෙක් කියන ලද ද, මෙය තෙලපිණිස කියන ලදි.

‘ප්‍රඥායෙහි නො පමා වන්නේ යැ, සත්‍යය රක්නේ යැ, ත්‍යාගය වඩනේ යැ, හේ ශාන්තිය මැහික්මෙන්නේ යැ’ යි මෙසේ තෙල බසෙක් කියනලද, තෙල බස් කුමක් පිනිස කියනලද යැ යත්: මහණ, කෙසේ ප්‍රඥාව පමා නො කරන්නේ වේ ද: මහණ, මේ ධාතුහු සදෙනෙකි: පෘථිවිධාතු යැඅබ්ධාතු යැ තෙජොධාතු යැ වායෝධාතු යැ ආකාශධාතු යැ විඥානධාතු යි.

මහණ, පෘථිවිධාතු කවර? පෘථිවිධාතු ආධ්‍යාත්මික වැ ඇත බාහිර වැ ඇත. මහණ, ආධ්‍යාත්මිකපෘථිවිධාතු කවර? ආධ්‍යාත්මික වූ තමා කෙරෙහි පිහිටි තද වූ රළු වූ උපාදින්නක් වූ යමක් ඇද්ද, හේමෙසේ යැ: කේශයෝ යැ රෝමයෝ යැ නඛයෝ යැ දන්තයෝ යැ ත්වක් යැ මාංශ යැ නහර යැඅස්ථිහු යැ අස්ථිමජ්ජා යැ වකුගඩු යැ හෘදය යැ අක්මා යැ ක්ලොම යැ ප්ලීහ යැ පුප්ඵුස යැ අන්ත යැඅන්තගුණ යැ නො පැසුණු අහර යැ මල යැ, යළි අන්‍ය වූත් අධ්‍යාත්ම වූ තමා කෙරෙහි පහිටි තද වූරළු වූ යම් කිසි උපාදින්නකයෙක් ඇද්ද, මහණ, මේ ආධ්‍යාත්මික පෘථිවිධාතු යයි කියනු ලැබේ. තවද යම් ආධ්‍යාත්මික පෘථිවිධාතුවකුත් ඇද්ද, යම් බාහ්‍ය වූ පෘථිවි ධාතුවකුත් ඇද්ද, තෙලපෘථිවිධාතු මැ යැ. තෙල මාගේ නො වෙයි. තෙලෙ මම් නො වෙව්මි. තෙලෙ මාගේ ආත්ම නො වේයයි මෙසේ තෙල පෘථිවිධාතුව ඇති සැටි විදර්ශනාප්‍රඥායෙන් දැක්කයුතු යැ. මෙසේ තෙල යථාභූතකොට විදසුන් නුවණින් දැක පෘථිවිධාතුයෙහි නිර්වෙදයට පැමිණෙයි. පෘථිවිධාතුයෙහි සිත නොඅලවයි.

මහණ, අබ්ධාතු කවරැ? අධ්‍යාත්මික අබ්ධාතුයෙක් ඇත. බාහ්‍ය අබ්ධාතුයෙක් ඇත. මහණ, ආධ්‍යාත්මික අබ්ධාතු කවරැ? අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් ආපයෙක් අබ්ගතයෙක්කර්මසමුත්ථානයෙක් ඇද්ද, හේ මෙසේ යැ: පිත යැ සෙම යැ සැරව යැ ලෙහෙ යැ සෝදිය යැ මෙදතෙලැ කඳුළු යැ වුරුණුතෙලැ කෙළ යැ මුකුණු යැ සඳමිදුළු යැ සුලුදිය යි. යළි අන්‍ය වූත් අධ්‍යාත්මවූ ප්‍රත්‍යාත්ම වූ යම්කිසි ආපයෙක් අබ්ගතයෙක් උපාදින්නකයෙක් ඇද්ද මහණ, මේ ‘ආධ්‍යාත්මිකඅබ්ධාතු’ යයි කියනුලැබේ. යම් ආධ්‍යාත්මික අබ්ධාතුයෙක් ඇද්ද බාහ්‍ය වූ යම් අබ්ධාතුවකුත් ඇද්ද, තෙල අබ්ධාතු මැ යැ. තෙල මාගේ නො වෙයි. තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්ම නොවේ යයි මෙසේ තෙල යථාභූත කොට සම්‍යක්ප්‍රඥායෙන් දැක්කයුතු යැ. මෙසේ තෙල යථාභූතකොට සම්‍යක්ප්‍රඥායෙන් දැක අබ්ධාතුයෙහි නිර්වෙදයට පැමිණෙයි. අබ්ධාතුයෙහි සිත නොඅලවයි.

මහණ, තෙජොධාතු කවරැ? අධ්‍යාත්මික වූ තෙජොධාතුයෙක් ඇත. බාහිර වූ තෙජොධාතුයෙක් ඇත. මහණ, ආධ්‍යාත්මික තෙජොධාතු කවරැ? තමා කෙරෙහි පිහිටි තෙජොගත වූ උපාදින්නක වූ යම්ආධ්‍යාත්මික තේජසෙක් වේ ද, ඒ කෙසේ යැ: යම් තේජසෙකින් තැවේ ද යම් තේජසකින් දිරා ද යම්තේජසකින් දැවේ ද යම් තේජසෙකින් බිදි පී කෑ ලෙවි දැය මොනොවට පැසීමට යේ ද, මෙයින්බැහැර යම්කිසි ද වූ තමා කෙරෙහි පිහිටි තේජොගත වූ උපාදින්නක වූ යම් අධ්‍යාත්මික තේජසෙක්වේ ද මහණ, මේ ආධ්‍යාත්මික තේජොධාතු යයි කියනුලැබේ. යම් ආධ්‍යාත්මික තේජොධාතුයෙක්ඇද්ද යම් බාහිර තේජොධාතුයෙක් ඇද්ද, තෙල තේජොධාතු මැ යැ. එය ‘තෙල මා ගැත්තේ නොවෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මා ආත්ම නො වෙයි’ මෙසේ යම් යථාභූතයසම්‍යක්ප්‍රඥායෙන් දතයුතු. මෙසේ මේ යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දැක තේජොධාතුයෙහිකලකිරෙයි. තේජොධාතුයෙහි සිත නො අලවයි.

මහණ, වායෝධාතු කවරැ? අධ්‍යාත්මික වායෝධාතුයෙක් ඇත. බාහිර වායෝධාතුයෙක් ඇත. මහණ, ආධ්‍යාත්මික වායෝධාතු කවරැ? තමා කෙරෙහි පිහිටි වායෝගත වූ උපාදින්න වූ යම්ආධ්‍යාත්මික වායෝධාතුයෙක් වේ ද, ඒ කෙසේ යැ? උද්ධඞ්ගම වාතයෝ යැ අධොගමවාතයෝ යැකුච්ඡිසයවාතයෝ යැ කොට්ඨසය වාතයෝ යැ අඞ්ගමඞ්ගානුසාරී වාතයෝ යැ ආශ්වාස ප්‍රශ්වාස යි. මෙසේ තමා කෙරෙහ්හි වූ වායෝගත වූ උපාදින්න වූ තදන්‍ය යම්කිසි වාතයෙක් ඇද්ද, මහණ, මේ‘ආධ්‍යාත්මිකවායෝධාතු’ යයි කියනුලැබේ. යම් ආධ්‍යාත්මික වායෝධාතුයෙක් ඇද්ද යම් බාහිරවායෝධාතුයෙක් ඇද්ද තෙල වායෝධාතු මැ වෙයි. ඒ ‘තෙල මා ගැති නො වෙයි. මම තෙලෙ නොවෙමි. තෙලෙ මා ආත්ම නො වෙයි’ මෙසේ යම් යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු යැ. මෙසේමේ යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දැන වායෝධාතුයෙහි කලකිරෙයි. වායෝධාතුයෙහි සිත නොඅලවයි.

මහණ, ආකාසධාතු කවරැ? අධ්‍යාත්මික ආකාසධාතුයෙක් ඇත. බාහිර ආකාසධාතුයෙක් ඇත. මහණ, ආධ්‍යාත්මික ආකාසධාතු කවරැ? තමා කෙරෙහි වූ ආකාසගත වූ උපාදින්න වූ යම්ආධ්‍යාත්මික ආකාසයෙක් වේ ද, ඒ කෙසේ යැ? කන්සිදුරැ නැහැසිදුරැ මුවදොරැ යම් ආකාසයෙකින්බිදි පී කෑ ලෙවි දැය ගිලගනී ද, යම් අහසෙක බිදි පී කෑ ලෙවි දැය සිටුනේ වේ ද, යම් අහසෙකින් බිදිපී කෑ ලෙවි දෑ අධොභාගයෙන් නික්මේ ද, තමා කෙරෙහි වූ ආකසගත වූ ඝර්ෂණ රහිත වූ අඝගත වූවිවර වූ විවරගත වූ මස්ලෙහෙයින් නො පහළ උපාදින්න වූ යම් තදන්‍ය කිසිදු ආකාසයෙක් වේ ද, මහණ, මේ ‘ආධ්‍යාත්මික ආකාසධාතු’ යයි කියනුලැබේ. යම් ආධ්‍යාත්මික ආකාසධාතුයෙක් ඇද්දයම් බාහිර ආකාසධාතුයෙක් ඇද්ද, තෙල ආකාසධාතු මැ යැ. එය ‘තෙල මා ගැති නො වෙයි. මමතෙල නො වෙමි, තෙලෙ මා ආත්ම නො වෙයි’ මෙසේ මේ යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු. මෙසේ තෙල යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දැන ආකාසධාතුයෙහි කලකිරෙයි. ආකාසධාතුයෙහිසිත නො අලවයි.

ඉක්බිති අපර වූ පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ විඥානය මැ ඉතිරි වෙයි. ඒ විඥානයෙන් කුමක් දනී ද? ‘සුඛ’ යයි ද දනී. ‘දුඃඛ’ යයි ද දනී. ‘අදුඃඛ අසුඛ’ යයි ද දනී. මහණ, සුඛවේදනාවට කරුණු වූ ස්පර්ශයනිසා සුඛවේදනා උපදී. හේ සුඛවේදනා විඳුනේ ‘සුඛවේදනා විඳිමී’ යි දනී. ඒ සුඛවේදනීයස්පර්ශයාගේ නිරොධයෙන් එයින් හටගත් යම් වේදනායෙක් ඇද්ද, සුඛවේදනීය ස්පර්ශය නිසා උපන්සුඛවේදනායෙක් ඇද්ද, ඒ වේදනා නිරුද්ධ වේ යයි ඒ වේදනා සන්හිඳේ යයි නුවණින් දනී.

මහණ, දුඃඛවේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා දුඃඛ දුඃඛවේදනා උපදී. හේ දුඃඛවේදනා විඳුනේ‘දුඃඛවේදනා විඳිමී’ යි නුවණින් දනී. එ මැ දුඃඛ දුඃඛවේදනාවට කරුණු වූ ස්පර්ශයාගේ නිරෝධයෙන්එයින් හටගත් යම් වෙදයිතයෙක් ඇද්ද දුඃඛවේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා උපන්දුඃඛවේදනායෙක් ඇද්ද, ඒ නිරුද්ධ වේ යයි ඒ සන්හිඳේ යයි නුවණින් දනී.

මහණ, උපේක්ෂාවේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා උපෙක්ෂා වේදනා උපදී. හේ උපේක්ෂාවේදනාවිඳුනේ උපේක්ෂාවේදනා විඳිමි’ යි නුවණින් දනී. උපේක්ෂාවේදනාවට කරුණු වූ එ මැ ස්පර්ශයාගේනිරොධයෙන් එයින් හටගත් යම් වෙදයිතයෙක් ඇද්ද උපෙක්ෂා වේදනාවට කරුණු වූ ස්පර්ශය නිසාඋපන් උපේක්ෂාවේදනා ඇද්ද, ඒ වේදනා නිරුද්ධ වේ යයි ඒ වේදනා සන්හිඳේ යයි නුවණින් දනී.

මහණ, යම් පරිදි උභය කාෂ්ටයන්ගේ ස්පර්ශසමවධානයෙන් හුණුසුම් හටගනී ද ගිනිත් නිපදවා ද ඒඋභයකාෂ්ටයන්ගේ මැ වෙන් වීමෙන් විසුරුවාලීමෙන් එයින් උපන් යම් උණුසුමෙක් වේ නම් ඒනිරුද්ධ වේ ද ඒ සන්හිඳේ ද, මහණ, එපරිදි මැ සුඛවේදනාවට කරුණු වූ පහස නිසා සුඛවේදනාඋපදී. හේ සුඛවේදනා විඳුනේ ‘සුඛවේදනා විඳිමී’ යි ප්‍රකාරයෙන් දනී. සුඛ වේදනාවට කරුණු වූ එමැ ස්පර්ශයාගේ නිරෝධයෙන් එයින් උපන් යම් වෙදයිතයෙක් ඇද්ද, සුඛ වේදනාවට කරුණු වූපහස නිසා උපන් සුඛවේදනාවෙක් ඇද්ද, ඒ නිරුද්ධ වේ යි ඒ සන්හිඳේ යයි ප්‍රකාරයෙන් දනී.

මහණ, දුඃඛවේදනාවට කරුණු වූ පහස නිසා දුඃඛවේදනා උපදී. හේ දුඃඛවේදනා විඳුනේ ‘දුඃඛවේදනාවිඳිමී’යි ප්‍රකාරයෙන් දනී. දුඃඛවේදනාවට කරුණු වූ එ මැ ස්පර්ශයාගේ නිරෝධයෙන් එයින් උපන්යම් වේදයිතයෙක් ඇද්ද දුඃඛවේදනාවට කරුණු වූ පහස නිසා උපන් දුඃඛවේදනාවෙක් ඇද්ද, ඒනිරුද්ධ වේ යයි එය සන්හිඳේ යයි ප්‍රකාරයෙන් දනී.

මහණ, උපේක්ෂාවේදනාවට කරුණු වූ පහස නිසා උපේක්ෂාවේදනා උපදී. හේ උපේක්ෂාවේදනාවිඳුනේ ‘උපේක්ෂාවේදනා විඳිමී’යි ප්‍රකාරයෙන් දනී. උපේක්ෂාවේදනාවට කරුණු වූ එ මැස්පර්ශයාගේ නිරෝධයෙන් එයින් උපන් යම් වේදයිතයෙක් ඇද්ද උපේක්ෂාවේදනාවට කරුණු වූපහස නිසා උපන් උපේක්ෂාවේදනායෙක් ඇද්ද, ඒ නිරුද්ධ වේ යයි එය සන්හිඳේ යයි ප්‍රකාරයෙන්දනී.

ඉක්බිති පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ මෘදු වූ කර්මණ්‍ය වූ ප්‍රභාස්වර වූ උපේක්ෂාව මැ ඉතිරි වෙයි. මහණ යම් පරිදි දක්ෂ වූ ස්වර්ණකාරයෙක් වේවයි ස්වර්ණකාර අන්තේවාසිකයෙක් වේවයිකෝවයක් බඳනේ වේ ද කෝවය බැඳ කෝවාමුව ආලිම්පනය කෙරේ ද කෝවාමුව ආලිම්පනකොට අඬුවෙන් රන් ගෙන කෝවාමුවෙහි බහනේ වේ ද, ඒ රන කලින් කල පිඹිනේ වේ දකලින්කල කින් ඉස්නේ වේ ද කලින් කල උපේක්ෂා කෙරේ ද ඒ රන මල පිඹහළ මොනොවටපිඹහළ නිඃශෙෂයෙන් පිඹහළ නෙරාගත් නෙරැලූ කසට ඇති මෘදු වූත් කර්මණ්‍ය වූත් ප්‍රභාස්වර වූත්රනෙක් වෙයි. යම් යම් පිලන්ධනවිකෘතියක් පිණිස කැමැති වේ ද හිණුදම් පිණිස වේවයිකුණ්ඩලාභරණ පිණිස වේවයි ග්‍රීවාහරණ පිණිස වේවයි රන් මල්දම් පිණිස වේවයි ඔහුගේ ඒඅර්ථය ද සිදු කෙරෙයි.

මහණ, එපරිදි මැ ඉක්බිති පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ මෘදු වූ කර්මණ්‍ය වූ ප්‍රභාස්වර වූ උපේක්ෂාවමැ ඉතිරි වෙයි. හේ මෙසේ දනී: ඉදින් මම මෙසේ පරිශුද්ධ වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්ෂාවආකාසානඤ්චායතනයට එළවන්නෙම් නම් තදනුධර්ම වූ චිත්තය ද වඩන්නෙම් නම් මෙසේ මාගේමේ උපේක්ෂාව එය ඇසිරි කළා එය උපාදාන විසින් ගත්තී දීර්ඝකාලයක් සිටුනී යැ. ඉදින් මමමෙසේ පිරිසුදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්ෂාව විඤ්ඤාණඤ්චායතනයට එළවන්නෙම් නම්තදනුධර්මචිත්තය ද වඩන්නෙම් නම් තන්නිශ්‍රීත වූ තදුපාදාන වූ මෙසේ මාගේ මේ උපේක්ෂාවදීර්ඝකාලයක් සිටුනී යැ. මෙසේ පාරිශුද්ධ වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්ෂාව ඉදින් මමආකිඤ්චඤ්ඤායතනයට එළවන්නෙම් නම් තදනුධර්මචිත්තය ද වඩන්නෙම් නම් තන්නිඃශ්‍රීත වූතදුපාදාන වූ මෙසේ මාගේ මේ උපේක්ෂාව දිගුකල් සිටුනී යැ. ඉදින් මම මෙසේ පාරිශුද්ධ වූ මෙසේපර්‍ය්‍යවදාත වූ මේ උපේක්ෂාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට එළවන්නෙම් නම්තදනුධර්මචිත්තය ද වඩන්නෙම් නම් තන්නිඃශ්‍රීත වූ තදුපාදාන වූ මෙසේ මාගේ මේ උපේක්ෂාවදිගුකල් සිටුනී යැ කියා යි.

හේ මෙසේ දනී: ‘ඉදින් මම මෙසේ පිරිසිදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්ෂාවආකාසානඤ්චායතනයට එළවම් නම් තදනුධර්ම චිත්තය ද වඩම් නම් තෙල සඞ්ඛතධර්මයෙකි. ඉදින්මම මෙසේ පිරිසුදු වූ මෙසේ පිරිසුදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්ෂාවවිඤ්ඤාණඤ්චායතනයට එළවම් නම් තදනුධර්ම චිත්තය ද වඩම් නම් තෙල සඞ්ඛතධර්මයෙකි. ඉදින්මම මෙසේ මෙසේ පිරිසුදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්ෂාව ආකිඤ්චඤ්ඤායතනයට එළවම්නම් තදනුධර්ම චිත්තය ද වඩම් නම් තෙල සඞ්ඛතධර්මයෙකි. ඉදින් මම මෙසේ මෙසේ පිරිසුදු වූමෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්ෂාව නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළවම් නම් තදනුධර්මචිත්තය ද වඩම් නම් තෙල සඞ්ඛතධර්මයෙකි කියා යි. හේ එය අභිසංස්කරණ නො කෙරෙයි. භවයපිණිස වේවයි. විභවය පිණිස වේවයි. අභිසඤ්චෙතනා නො කෙරෙයි. හේ අභිසංස්කරණ නොකරන්නේ අභිසඤ්චෙතනා නො කරන්නේ භවය පිණිස හෝ විභවය පිණිස හෝ ලොකයෙහි කිසිදුඋපාදාන වශයෙන් නොගනී. උපාදාන වශයෙන් නො ගන්නේ තෘෂ්ණා වශයෙන් පරිතස්සනා නොකෙරෙයි. තණ්හා පරිතස්සනා නො කරනුයේ තමා තුළ මැ පිරිනිවෙයි. ජාතිය ක්ෂය වී. බඹසර වැසනිමවනලද, කරණී කරන ලද, මේ අර්හත්ත්වය පිණිස කළමනා අනි කිසෙක් නැති’යි දනී.

ඉදින් හේ සුඛවේදනා විඳී නම් ඒ වේදනා අනිත්‍ය යැ’යි දනී. ‘බැසගෙන සිටුනට නො නිසි ය’යි දනී. ‘තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් අභිනන්‍දන කරනට නො නිසි යැ’යි දනී. ඉදින් දුඃඛවේදනා විඳී නම් ඒවේදනා අනිත්‍ය යැ’යි දනී. ගැලගෙන සිටුනට නො නිසි ය’යි දනී. තෘෂ්ණාදෘෂ්ටි වශයෙන්අභිනන්‍දනයට නො නිසි යැ’යි දනී. ඉදින් උපෙක්ෂා වේදනා විඳී නම් ඒ වේදනා අනිත්‍ය යැ’යි දනී. ගැලගන්නට නො නිසි යැ’යි දනී. අභිනන්‍දනාර්හ නො වෙති’ යි දනී.

ඉදින් හේ සුඛවේදනා විඳී නම් විසංයුක්ත වැ ඒ සුඛවේදනා නො විඳි. ඉදින් හේ දුඃඛවේදනා විඳී නම්විසංයුක්ත වැ ඒ දුඃඛවේදනා නො විඳී. ඉදින් හේ උපේක්ෂාවේදනා විඳී නම් විසංයුක්ත වැ ඒඋපෙක්ෂා වේදනා නො විඳී. හේ කායපර්‍ය්‍යන්තිකවේදනා විඳුනේ කායපර්‍ය්‍යන්තිකවේදනා විඳිමි’යිදනී. ජීවිතපර්‍ය්‍යන්තිකවේදනා විඳුනේ ජීවිතපර්‍ය්‍යන්තිකවේදනා විඳිමි’යි දනී. කාබුන් මරණින් මතුජීවිතපර්‍ය්‍යාදානයෙන් මතු මෙලොව මැ අනභිනන්දිත වූ සියලු වේදනාවෝ මේ ආයතනයන්හි මැසන්හිඳෙති’යි දනී.

මහණ, යම් පරිදි තෙල් ද නිසා වැටි ද නිසා තෙල්පහන් දිලියේ ද ඒ තෛලයාගේ ද වැටියගේ දක්ෂය වැ යෑමෙන් අනෙකක්හුගේ නො ගැනීමෙන් අනාහාර වැ නිවියේ ද, මහණ, එපරිදි මැකායපර්‍ය්‍යන්තික වේදනා විඳුනේ කායපර්‍ය්‍යන්තිකවේදනා විඳිමි’යි දනී. ජීවිතපර්‍ය්‍යන්තිකවේදනාවිඳුනේ ජීවිතපර්‍ය්‍යන්තිකවේදනා විඳිමි’යි දනී. කාබුන් මරණින් මතු ජිවිතක්ෂයෙන් මතු මේආයතනයන්හි මැ අනභිනන්‍දන සියලු වේදනාවෝ සන්හිඳෙති’ යි දනී. එහෙයින් මෙසේ සමන්වාගතමහණ මේ පරම ප්‍රඥාධිෂ්ඨානයෙන් සමන්වාගත වූයේ නම් වෙයි. මහණ, මේ පරම ආර්‍ය්‍යප්‍රඥාවයි. කිමෙක යත්: සර්වදුඃඛක්ෂයෙහි ඥානය යි.

ඔහුගේ ඒ අර්හත්ඵලවිමුක්තිය පරමාර්ථසත්‍ය වූ නිවනෙහි සිටියා (කෙලෙසුන් විසින්) අකොප්‍යවෙයි. මහණ, යමක් නැසෙන පියවි ඇද්ද එය විතථ වෙයි. නො නැසෙන පියවි ඇති යම් නිවනෙක්ඇද්ද, එය සත්‍ය වෙයි. එහෙයින් මෙසේ එයින් සමන්වාගත මහණ මේපරමාර්ථසත්‍යාධිෂ්ඨානයෙන් සමන්විත වෙයි. මහණ, යම් නො නැසෙන ස්වභාව වූ නිවනෙක් ඇද්දතෙල පරම වූ ආර්‍ය්‍යසත්‍ය යි.

පෙර පෘථග්ජන කාලයෙහි අවිද්‍යායෙන් යුත් ඔහු විසින් මැ සම්පූර්ණ කරනලද ගන්නාලද ස්කන්ධාදිඋපධීහු වෙත් ද ඔවුහු ඔහුට ප්‍රහීණ වූවාහු වෙති. උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරනලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා පියවි ඇත්තාහු වෙත්. එහෙයින් මෙයින්සමන්වාගත මහණ මේ උත්තම වූ ත්‍යාගාධිෂ්ඨානයෙන් සමන්විත වෙයි. මහණ, යම් සියලුඋපධීන්ගේ දුරැලීමෙක් ඇද්ද තෙල උත්තම වූ ආර්‍ය්‍යත්‍යාගයවෙයි. පෙර පෘතග්ජන වූ අවිද්‍යායෙන්යුත් අභිධ්‍යායෙක් ඡන්‍දයෙක් බලවත් රාගයෙක් වේ ද, ඔහුට ඒ රාගය ප්‍රහීණ වෙයි. උසුන්මුල්ඇත්තේ තාලවස්තුවක් මෙන් කරන ලද්දේ අනු අභාවය කරනලද්දේ මත්තෙහි නූපදනා පියවිඇත්තේ වෙයි.

පෙර අවිද්‍යායෙන් යුත් ඔහුට මැ ආඝාතයයෙක් ව්‍යාපාදයෙක් සම්ප්‍රදොෂයෙක් වේ ද ඔහුට ඒසම්ප්‍රදොෂය ප්‍රහීණ වෙයි. උසුන්මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරනලද්දේ අනුඅභාවයකරනලද්දේ මත්තෙහි නුපදනා ස්වභාව ඇත්තේ වෙයි.

පෙර පෘථග්ජන කාලයෙහි අවිද්‍යායෙන් යුත් ඔහුට මැ යම් අවිද්‍යායෙක් සම්මොහයෙක්සම්ප්‍රදොෂයෙක් වී ද, ඔහුට ඒ සම්මොහ සම්ප්‍රදොෂය ප්‍රහීණ වෙයි. උසුන්මුල් ඇත්තේතාලවස්තුවක් මෙන් කරනලද්දේ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තා එහෙයින් මේ උපශමයෙන්සමන්විත වූ මහණ මේ උත්තම වූ උපශමාධිෂ්ඨානයෙන් සමන්වාගත වෙයි. මහණ, තෙල උත්තමවූආර්‍ය්‍ය උපශමය වෙයි, යම් රාගද්වේෂමොහයන්ගේ උපශමයෙක් ඇද්ද එයයි.

‘විදර්ශනාප්‍රඥායෙහි නො පමා වන්නේ යැ වාක්සත්‍යය රක්නේ යැ, ක්ලෙශත්‍යාගය වඩනේ යැ, හේ නිර්වාණ ශාන්තිය මැ හික්මෙන්නේ යයි මෙසේ යමක් කියනලද ද තෙල බස් මේ සඳහාකියනලදි.

යම් අධිෂ්ඨානයෙකැ පිහිටියහුට උත්සන්න වූ (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද, උත්සන්නවූ මඤ්ඤනාව නො පවත්නා කල්හි ක්ෂීණාස්‍රව මුනි තෙම උපශාන්ත යැ යි කියනු ලැබෙයි යන්තෙල බස් කුමක් සඳහා කියනලද ද යත්: මහණ (මම් නිත්‍ය) වෙමි’ යන් තෙල දෘෂටිකල්පනයෙකි. ‘මේ මම් වෙමි’ යන තෙල තණ්හා මඤ්ඤිතයෙකි. ‘(මම්) අනායෙහි වෙමි’ යන තෙලදෘෂටිකල්පනයෙකි. ‘අනායෙහි නො වෙමි’ යන තෙල දෘෂටිකල්පනයෙකි. ‘රූපවත් වෙමි’ යන තෙලදෘෂටිකල්පනයෙකි ‘අරූපි වෙමි’ යන තෙල දෘෂටිකල්පනයෙකි. ‘සංඥාවත් වෙමි’ යන තෙලදෘෂටිකල්පනයෙකි. ‘අසංඥ වෙමි’ යන තෙල දෘෂ්ටි කල්පනයෙකි. ‘නෛවසංඥනාසංඥවෙමි’ යනතෙල දෘෂ්ටිකල්පනයෙකි. මහණ, මඤ්ඤිතය රොගයෙක. මඤ්ඤිතය ගණ්ඩයෙක. මඤ්ඤිතයශල්‍යයෙක. මහණ, මඤ්ඤිතයන්ගේ මැ, ඉක්මවාලීමෙන් ක්ෂීණාස්‍රව මුනි ‘ශාන්ත යැ’ යි කියනුලැබේ. තවද මහණ, ක්ෂීණාස්‍රව මුනි ශාන්ත වූයේ නූපදී, නො දිරයි, නො මියෙයි, කෙලෙසුන්විසින් අකොප්‍ය වෙයි. නො වෙහෙසෙයි. මහණ, යම් කරුණෙකින් උපදනේ ද, එකරුණ ඔහුටනැත. නුපදනේ කිම දිරන්නේ ද, නො දිරනුයේ කිම මියන්නේ ද, නො මියනුයේ කිම (කෙලෙසුන්විසින්) කොප්‍ය වේ ද, අකොප්‍ය වනුයේ කුමක් හෙයින් වෙහෙසේ ද? යම් අධිෂ්ඨානයෙකපිහිටියහුට උත්සන්න වූ (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද උත්සන්න වූ මඤ්ඤනාව නොපවත්නා කල්හි ක්ෂීණාස්‍රව මුනි තෙම ‘උපශාන්ත යැ’ යි කියනුලැබේ යයි මෙසේ යමක් කියනලදද, මෙය තෙල කරුණ සඳහා කියනලදි. මහණ, තෙපි මා විසින් සැකෙවින් ප්‍රකාශ කළ මේෂඩ්ධාතුවිභඞ්ගය ධරව යි.

එසඳ පුක්කුසාති කුලපුත් මාගේ ශාස්තෘන් වහන්සේ වැඩිසේක, මාගේ සුගතයන් වහන්සේවැඩිසේක, මාගේ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ වැඩිසේකැ’ යි හුනස්නෙන් නැඟී සිවුර එකස් කොටගෙන බුදුන්ගේ දෙපාමුල හිසින් වැටී සිට වැදහෙව භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: වහන්ස, වරද මා මැඩගත. බාලභාවය වූ සැටියෙනි, මූඪභාවය වූ සැටියෙනි, අකුශලභාවය වූසැටියෙනි, මම භාග්‍යවතුන් වහන්සේ ‘ආවුසො වාදයෙන්’ බිණියයුතු කොට සිතීම් ද, එහෙයිනි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ වරද වරද විසින් පිළිගන්නාසේක්වා, ආයතිසංවරය පිණිසයයි.

මහණ, බාලයකු මැඩගන්නා සෙයින් මුඪයකු මැඩගන්නා සෙයින් අදක්ෂයකු මැඩගන්නා සෙයින්ඒකාන්තයෙන් වරද තා මැඩගත, යම් හෙයෙකින් තෝ මා ‘ආවුසොවාදයෙන්’ බිණියයුතු කොටසිතුයෙහි ද, එහෙයිනි. මහණ, යම් හෙයෙකින් තෝ වරද වරද විසින් දැක ධරමානුකූල කොටප්‍රතික්‍රියා කෙරෙහි ද, අපි තාගේ ඒ ක්‍රියා පිළිගනුම්හ. මහණ, යමෙක් වරද වරද විසින් දැකධර්මය නො ඉක්ම පිළියම් කෙරේ ද, ආයතිසංවරයට පැමිණේ ද, තෙල ආර්‍ය්‍යවිනයෙහි වෘද්ධියෙක්මැ යැ.

වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උපසම්පදාව ලබම්වා!

මහණ, තාගේ පාසිවුරු පරිපූර්ණ වැ ඇද්ද?

වහන්ස, මාගේ පාසිවුරු පරිපූර්ණ නො වෙ.

මහණ, තථාගතවරු නො පිරිපුන් පාසිවුරු ඇතියහු උපසපන් නො කෙරෙති.

එසඳ පුක්කුසාති කුලපුත් භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැහුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට පාත්‍රචීවර පර්යේෂණයට බැසගියේ.

ඉක්බිති පාසිවුරු පිරිසෙයුම් කරන පුක්කුසාති කුලපුත්හු භ්‍රාන්ත වූ දෙනක් දිවියෙන් තොර කළා.

එසඳ බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසාවැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළෝ: වහන්ස, පුක්කුසාති නම් යම් කුලපුතෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂිප්ත අවවාදයෙකින්ඔවා දෙනලද ද, හේ කාලක්‍රියා කෙළේ, ඔහුගේ ගති කවර? පරලොව කවරෙ? යි.

මහණෙනි, පුක්කුසාති කුලපුත් පණ්ඩිත යැ, ධර්මානුධර්ම අවබොධ කෙළේ යැ. ධර්මහේතුයෙන් මානො පෙළී. මහණෙනි, පුක්කුසාති කුලපුත් පස්වැදෑරුම් ඕරම්භාගිය සංයොජනයන් ක්ෂය කිරීමෙන්ඕපපාතික වැ ඒ බඹලොවින් වටාලා නො එනසුලු වැ එහි මැ පිරිනිවන්පානේ යයි.

භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේභාෂිතය අභිනන්‍දන කළහ.

දස වැනි ධාතුවිභඞ්ග සූත්‍රය නිමියේ ය.