සච්චවිභංග සුත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

සතරවැනි විභඞ්ග (විභංග) වර්ගය

3.4.11

සච්චවිභංග සූත්‍රය

 

මා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර මිගදාය නම්ඉසිපතනාරාමයෙහි වැඩ වාස කරනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා මහණුන්ඇමතූසේක. ඒ මහණහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේතෙල වදාළසේක:

මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් විසින් බරණැස ඉසිපතන නම් මුවළෑව්හි දීමහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහුවිසින් වේවයි, ලොවැ කිසිවක්හු විසින් වේවයි, නො පැවැත්විය හෙන අනුත්තර ධර්මචක්‍රයපවත්වනලද, එ කිසෙ යැ යත්: චතුරාර්‍ය්‍යසත්‍යයන් පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණයවිභාගය පළට කිරීම යි. කවර සතර දෙනකුන්ගෙන් යැ යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීමපැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීමපැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීමදෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනයඋත්තානීකරණ යි. මහණෙනි, අර්හත් සම්‍යක්‌ සම්බුද්ධ වූ තථාගතයන් විසින් බරණැස ඉසිපතනනම් මුවළැව්හි දී මහණකු වෙවයි, බමුණකු වෙවයි, දෙවියකු වේවයි, මරකු වේවයි, බඹකු වේවයි, ලොවැ කිසිවක්හු විසින් වේවයි, නො පැවැත්විය හෙන අනුත්තර ධර්මචක්‍රය පවත්වන ලද. මේචතුරාර්‍ය්‍යසත්‍යයන්ගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය ප්‍රකට කිරීම යි.

මහණෙනි, සැරියුත්මුගලන් දෙදෙන සෙවනය කරව. මහණෙනි, සැරියුත්මුගලන් දෙදෙන භජනයකරව, ඒ භික්ෂූහු දෙදෙන පණ්‍ඩිතයහ, සබ්‍රහ්මචාරීනට අනුග්‍රාහකයෝ යි. මහණෙනි, ශාරීපුත්‍රයෝ විජාතමාතෘ සදෘශයහ. මහණෙනි, මෞද්ගල්‍යායනයෝ පොෂක උපමාතෘ සදෘශයහ. මහණෙනි, ශාරිපුත්‍රයෝ සෝවන්පෙළෙහි විනයන කෙරෙති, මෞද්ගල්‍යායනයෝ උත්තමාර්ථ වූඅර්හත්වයෙහි පිහිටුවති. මහණෙනි, ශාරීපුත්‍රයෝ චතුරාර්‍ය්‍යසත්‍යයන් විස්තර විසින් පවසන්නටපනවන්නට පිහිටුවන්නට විවරණ කරන්නට විභාග කරන්නට ප්‍රකට කරන්නට ප්‍රභු වෙති’ යි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. සුගතයන් වහන්සේ මේ වදාරා හුනස්නෙන් නෑඟී විහාරයටවැඩියෝ.

එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වඩනා හා ම ‘ඇවැත්නි, මහණෙනි’ යිභික්ෂූන් ඇමතූහ. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට පිළිවදන් ඇස්වුහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල සච්චවිභඞග සුතත් වදාළෝ.

ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් විසින් බරණැස ඉසිපතන නම් මුවළෑව්හි දීමහණකු වේවයි, දෙවියකු වේවයි, මරකු වේවයි, බඹකු වේවයි, ලොවැ කිසිවක්හු විසින් හෝ නොපැවැත්විය හෙන අනුත්තර ධර්මචක්‍රය පවත්වන ලද. ඒ කිසෙ යැ යත්: චතුරාර්‍ය්‍යසත්‍යයන්ගේපැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණය යි. කවර සතර දෙනකුන්ගේයැ යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණයැ, දු:ඛසමුදයාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනයඋක්තානීකරණය යැ, දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණයවිභජනය උත්තානීකරණ යැ, දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීමතැබීම විවරණය විභජනය උත්තානීකරණ යි.

ඇවැත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ යැ: ජාතිය ද දුක් යැ, ජරාව ද දුකැ, මරණ ද දුකැ, ශොකපරිදෙවදුඃඛදෞර්‍මනස්‍ය - උපායාසයෝ ද දුක්හ. රිසි යමක් නො ලබා නම් ඒ ද දුකයැ, සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුක්හ.

ඇවැත්නි, ජාති කවර යැ: ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව නිකායයෙහි යම් (අපරිපූර්ණායතනවශයෙන්) ඉපැත්මෙක් (පරිපුර්ණායතන වශයෙන්) මොනොවට ඉපැත්මෙක් (අණ්ඩජ ජලාබුජවශයෙන්) අවක්‍රාන්තියෙක් (සංසෙදජ උපපාදුක වශයෙන්) ඉපැත්මෙක් ස්කන්ධයන්ගේපහළවීමේක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද ඇවැත්නි, මේ ‘ජාති’ යයි කියනු ලැබේ.

ඇවැත්නි, ජරා කවර: ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායයෙහි යම් දිරීමෙක් දිරන අයුරෙක්, කැඩුණු බවෙක්, පලිත ඇති බවෙක්, ඇඟ රැලි වැටුණු බවෙක්, ආයු පිරිහීමක් ඉදුරන් පැසීමෙක් වේද, ඇවැත්නි, මේ ‘ජරා’ යයි කියනු ලැබේ.

ඇවැත්නි, මරණ කවරෙ යත්: ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායෙන් යම් ව්‍යුතියෙක්වචනාකාරයෙක් බිදිමෙක් අතුරුදහනෙක් මෘත්‍යු සංක්‍යාත මරණයෙක් කාලක්‍රියායෙක්ස්කන්ධයන්ගේ බිඳීමෙක් ශරීරයාගේ නික්‍ෂෙපයෙක් ජිවිතෙන්ද්‍රියයාගේ උපචේඡදයෙක් වේ ද, ඇවැත්නි, මේ ‘මරණ’ යයි කියනුලැබේ.

ඇවැත්නි, ‘ශොක’ කවරෙ යත්: ඇවැත්නි, අන්‍යතර අන්‍යතර ව්‍යසනයෙකින් සමන්වාගතවූඅන්‍යතර අන්‍යතර දුඃඛයෙකින් පහරනලද්දහුගේ යම් ශොකයෙක් ශොචනායෙක් ශොක කළබවෙක් ඇතුළත ශොකයෙක් අභ්‍යන්තර පරිශොකයෙක් වේ ද ඇවැත්නි, මේ ‘ශොක’ යයි කියනුලැබේ.

ඇවැත්නි, පරිදෙව කවරෙ යැ යත්: ඇවැත්නි, අන්‍යතර අන්‍යතර ව්‍යසනයෙකින් සමන්වාගතවූඅන්‍යතර අන්‍යතර දුඃඛයෙකින් පහරන ලද්දහුගේ නම්ගොත් දක්වමින් හැඬීමෙක් ගුණ කියාහැඬීමෙක් නම් කියා හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම්ගොත් කියා හඬන බවෙක් ගුණකියා හඬන බවෙක් වේ ද ඇවැත්නි, මේ ‘පරිදෙව’ යයි කියනු ලැබේ.

ඇවැත්නි, දුඃඛ කවරෙ යැ යත්: ඇවැත්නි, යම් කායික දුඃඛයෙක් කායික අමධුරයෙක්කායසංස්පර්ශයෙන් උපන් දුකෙක් නො මිහිරෙක් වෙදනායෙක් වේ ද, ඇවැත්නි, මේ ‘දුඃඛ’ යයිකියනුලැබේ.

ඇවැත්නි, දෞර්මනස්‍ය කවරෙ යැ යත්: ඇවැත්නි, යම් චෛතසික දුඃඛයෙක් චෛතසිකඅමධුරයෙක් මනොසම්ඵස්සයෙන් හටගත් දුඃඛවෙදනායෙක් අමධුර වෙදනා යෙක් ඇද්ද? ඇවැත්නි, මේ දෞර්මනස්‍ය යයි කියනු ලැබේ.

ඇවැත්නි, ‘උපායාස’ කවරෙ යැ යත්: ඇවැත්නි, අන්‍යතර අන්‍යතර ව්‍යසනයෙකින් යුක්ත වුවහුගේඅන්‍යතර අන්‍යතර වූ දුඃඛධර්මයෙකින් පහළහුගේ යම් ආයාසයෙක් උපායාසයෙක්ආයාසාකාරයෙක් උපායාසාකාරයෙක් ඇද්ද, ඇවැත්නි, මේ ‘උපායාස’ යයි කියනු ලැබේ.

ඇවැත්නි, ‘යම් ඉච්ඡාවක් නො ලබා නම් එ ද දුක යැ’ යනු කවරෙ යැ යත්: ඇවැත්නි, ජාතිස්වභාවඇති සත්ත්වයනට මෙබඳු ඉච්ඡායෙක් උපදනේ යැ, ‘අපි ජාතිස්වභාව ඇත්තමෝ නො වන්නමෝනම් මනා මැනු ! උත්පත්තිය අප වෙත නො ඒ නම් මනා මැනු ! කියා යි. තෙල ඉච්ඡායෙන් නොලැබිය හැක්කෙකි. මෙ ද ‘යම් ඉච්ඡාවක් නො ලබා නම් එ ද දුක යැ යනු වෙයි. ඇවැත්නි, ජරාස්වභාව ඇති සත්ත්වයනට ... ඇවැත්නි, ව්‍යාධිස්වභාව ඇති සත්ත්වයනට ... ඇවැත්නි, මරණස්වභාව ඇති සත්ත්වයනට ... ඇවැත්නි, ශොක-පරිදෙව-දුඃඛ-දෞර්මනස්‍යස්වභාව ඇති සත්ත්වයනටමේබඳු ඉච්ඡායෙක් උපදනේ යැ, ‘අපි ශොක-පරිදෙව-දුඃඛ-දෞර්මනස්‍යස්වභාව ඇත්තමෝ නොවන්නමෝ නම් මනා මැ නු ! ශොක-පරිදෙව-දුඃඛ-දෞර්මනස්‍යස්වභාව-උපායාසයෝ අප කරා නොපැමිණෙත් නම් මනා මැ නු කියා යි. තෙල ඉච්ඡායෙන් නො ලැබිය හැක්කෙකි. මෙ ද ‘යම් ඉච්ඡාවක්නො ලබා නම් එ ද දුක යැ’ යනු නම් වෙයි.

ඇවැත්නි, සංක්ෂෙපයෙන් දුඃඛ වූ පඤ්චොපාදානස්‌කන්ධයෝ කවරහ යත්, හේ මෙසේ යැ, රූපොපාදානස්‌කන්ධ යැ වෙදනොපාදානස්‌කන්ධ යැ සංඥොපාදානස්‌කන්ධ යැසංස්කාරොපාදානස්‌කන්ධ යැ විඥානොපාදානස්‌කන්ධ යි. ඇවැත්නි, මොහු සැකෙවින් දුඃඛ වූපඤ්චොපාදානස්‌කන්ධයහ’යි කියනු ලැබෙත්. ඇවැත්නි,මේ ‘දුඃඛාර්ය්‍යසත්‍යය’ යයි කියනු ලැබේ

ඇවැත්නි, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවරෙ යැ යත්: පුනර්භවය පිණිස වැටෙන නන්දිරාග සහගත වූඒ ඒ භවයෙහි ඇලුම් කරන යම් තෘෂ්ණායෙක් ඇද්ද, ඒ කෙසේද යැ යත්: කාමතෘෂ්ණා යැභවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. ඇවැත්නි, මෙ දුඃඛසමුදය-ආර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.

ඇවැත්නි, දුඃඛනිරෝධ-ආර්‍ය්‍යසත්‍යය කවරේ යැ යත්: ඒ තෘෂ්ණාවගේ මැ යම් අශෙෂවිරාගනිරෝධයෙක් ත්‍යාගයෙක් නෙරැපීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් ඇද්ද ඇවැත්නි, මේ දුඃඛනිරොධ-ආර්‍ය්‍යසත්‍යය යි කියනුලැබේ.

ඇවැත්නි, දුඃඛනිරොධගාමිප්‍රතිපදා-ආර්‍ය්‍යසත්‍යය කවරෙ යැ යත්: මේ අරීඅටහිමග මැ යි. ඒකෙසේ යැ යත්: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක් සංකල්ප සම්‍යග්වචන යැ සම්‍යක් කර්මාන්ත යැසම්‍යක්ආජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යි.

ඇවැත්නි, සම්‍යග්දෘෂ්ටි කවර යත්: ඇවැත්නි, යම්, දුඃඛයෙහි ඥානයෙක් දුඃඛසමුදයෙහි ඥානයෙක්දුඃඛනිරොධයෙහි ඥානයෙක් දුඃඛනිරොධගාමිනීප්‍රතිපදායෙහි ඥානයෙක් ඇද්ද, ඇවැත්නි, මේසම්‍යග්දෘෂ්ටි යයි කියනුලැබේ.

ඇවැත්නි, සම්‍යක්සංකල්ප කවරෙ යැ යත්: නෛෂ්ක්‍රම්‍යසංකල්ප යැ අව්‍යාපාද සංකල්ප යැඅවිහිංසාසංකල්ප යි. ඇවැත්නි, මේ සම්‍යක්සංකල්ප යයි කියනු ලැබේ.

ඇවැත්නි, සම්‍යග්වචන කවරෙ යැ යත්: මුසාවායෙන් වැළකීම පිසුනුබසින් වැළකීම පරොස්බසින්වැළකීම පලපින් වැළකීම යි. ඇවැත්නි, මේ සම්‍යක්-වචන යයි කියනු ලැබේ.

ඇවැත්නි, සම්‍යක්කර්මාන්ත කවරෙ යැ යත්: පණිවායෙන් වැළකීම අයිනාදනින වැළකීම කාමයෙහිමිසහසිරින් වැළකීම යි. ඇවැත්නි, මේ සම්‍යක්කර්මාන්ත යයි කියනුලැබේ.

ඇවැත්නි, සම්‍යක්-ආජීව කවරෙ යැ යත්: ඇවැත්නි, මෙසස්නෙහි ආර්‍යශ්‍රාවක මිථ්‍යා-ආජීවහැරපියා සම්‍යක්-ආජීවයෙන් ජීවිකා කෙරෙයි. ඇවැත්නි, මේ සම්‍යක්-ආජීව යයි කියනුලැබේ.

ඇවැත්නි, සම්‍යක්-ව්‍යායාම කවරෙ යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ නූපන් ලාමකඅකුශලධර්මයන් නූපදනා පිණිස කර්තුකම්‍යතා කුශලච්ඡන්ද උපදවයි, ව්‍යායාම කෙරෙහි වීර්‍ය්‍යයපවත්වයි, සිත නඟයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. උපන් ලාමක අකුශල ධර්මයන් දුරු කරණු පිණිසකුශලච්ඡන්දය උපදවයි ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යය පවත්වයි, සිත නඟයි, ප්‍රධන්වීර්‍ය්‍යයකෙරෙයි. නූපන් කුශලධර්මයන් උපදනා පිණිස කුශලච්ඡන්ද උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යයපවත්වයි, සිත නඟයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. උපන් කුශලධර්මයන්ගේ පැවැත්ම පිණිස නොනැසීම පිණිස බහුලභාවය පිණිස විපුල භාවය පිණිස වර්ධනය පිණිස පරිපූර්ණය පිණිසකර්තුකම්‍යතාකුශලච්ඡන්ද උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යය පවත්වයි, සිත නඟයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. ඇවැත්නි, මේ සම්‍යග්ව්‍යායාම යයි කියනු ලැබේ.

ඇවැත්නි, සම්‍යක්ස්මෘතිය කවර යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ කයෙහි කය නුවණින්දක්නසුලු වැ කෙලෙස් තවන වැර ඇති වැ සම්ප්‍රඥාන ඇති වැ ස්මෘතිමත් වැ පඤ්චස්කන්ධලෝකයෙහි අභිධ්‍යා දෞර්මනස්‍ය දුරු කොට වාස කෙරෙයි. වෙදනා යෙහි ... චිත්තයෙහි … ධර්මයෙහි ධර්මය නුවණින් දක්නසුලු වැ කෙලෙස් තවන වැර ඇති වැ ... අභිධ්‍යා දෞර්මනස්‍යදුරුකොට වාසය කෙරෙයි. ඇවැත්නි, මේ සම්‍යක් ස්මෘති යයි කියනු ලැබේ.

ඇවැත්නි, සම්‍යක්සමාධි කවරෙ යැ යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව මැඅකුසල් දහමින් වෙන් වැ මැ විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති පළමුවන දැහැන් උපයා වාස කෙරෙයි. විතර්ක විචාරයන්ගේ ව්‍යුපශම යෙන් සිය සතන්හි පැහැදීම කරනචිත්තයාගේ ඒකාග්‍රභාව ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති දෙවනදැහැන් ... තුන් වන දැහැන් ... සිව් වන දැහැන් ... උපාය වාස කරෙයි. ඇවැත්නි, මේ සම්‍යක්සමාධියයි කියනුලැබේ. ඇවැත්නි, මේ දුඃඛනිරොධගාමිනිප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.

ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස්නුවර මිගදාය නම් වූඉසිපතනාරාමයෙහි දී මහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි දෙවියකු විසින් වේවයි මරහුවිසින් වේවයි බඹහු විසින් වේවයි ලෝකයෙහි අන් කිසිවකු විසින් වේවයි ප්‍රතිවර්තන නොකටහෙන අනුත්තර ධර්මචක්‍රය පවත්වනලදී. කිමෙක යත්: මේ චතුරාර්‍ය්‍යසත්‍යයන්ගේ විභාගකොට පැවැසීමෙක් වේ ද දෙසීමෙක් වේ ද පැනවීමෙක් වේ ද ස්ථාපනයෙක් වේ ද විවෘත කිරීමෙක්වේ ද බෙදාලීමෙක් වේ ද ප්‍රකට කිරීමෙක් වේ ද එය යි.

ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මේ සච්චවිභඞ්ගසූත්‍රය දෙසුහ. සතුටුසිත් ඇති ඒ මහණහු ආයුෂ්මත්සැරියුත් තෙරණුවන්ගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

එකොළොස් වැනි සච්චවිභඞ්ග සූත්‍රය නිමියේ ය.