මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර (ලෙහෙනුනට නිම දුනුයෙන්) කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි විසාඛ උවසු ධම්මදින්නා මෙහෙණ කරා එළඹිණ. එළඹ ධම්මදින්නා මෙහෙණ ඇදුරු කොට වැඳ එකත්පසෙක හින. එකත්පස් ව හුන් විසාඛ උපාසක ධම්මදින්නා මෙහෙණට (සක්කායො - ආදි) තෙලබස් කී:
1. ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය, සත්කාය’ යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් කවර දහමෙක් ‘සත්කාය’ යි වදාරන ලද්දේ ද?
ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයනට ප්‍රත්‍යය වූ ස්කන්ධ පස ‘සත්කාය’යි වදාරන ලද්දේය. හෙ කෙසේය යත්: රූපොපාදානස්කන්ධය, වෙදනොපාදානස්කන්ධය, සංඥොපාදානස්කන්ධය, සංස්කාරොපාදානස්කන්ධය, විඥානොපාදානස්කන්‍ධයි. ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤෙචාපාදානස්කන්‍ධ ‘සත්කාය’ යි වදාරන ලදී.
2. විසාඛ උපාසක ‘ආර්‍ය්‍යාවෙනි, බුණුසේ මැනැව’යි ධම්මදින්නා මෙහෙණගේ බසට තුටු ව, අනුමෝදන් ව, ධම්මදින්නා මෙහෙණ මතුයෙහි (ආපුච්ඡා විසින්) පැන පිළිවිත්: ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය සමුදය, සත්කාය සමුදය’ යි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කිනම් දහමෙක් ‘සත්කාය සමුදය’යි වදාරන ලද්දේ ද?
ඇවැත විශාඛයෙනි, පුනර්භවය පිණිස වැටෙන, නන්දිරාගසහගත, ඒ ඒ භවයෙහි ඇලුම් කරන යම් මේ තෘෂ්ණා ඇද්ද, ඕ කවර යත්: කාමතෘෂ්ණාය, භවතෘෂ්ණාය, විභවතෘෂ්ණායි. ඇවැත විශාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තෘෂ්ණා ‘සත්කාය සමුදය’ විසින් වදාරන ලදු.
3. ආර්‍ය්‍යාවෙනි, ‘සත්කායනිරොධය, සත්කායනිරොධය’ යි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කිනම් දහමෙක් ‘සත්කාය නිරොධය’යි වදාරන ලද්දේ ද?
ඇවැත, විශාඛයෙනි, එම තෘෂ්ණාවගේ යම් අශෙෂවිරාගනිරොධයෙක් ත්‍යාගයෙක් ප්රතිනිස්සර්ගයෙක් විමුක්තියෙක් අනාලයෙක් ඇද්ද, ඇවැත විශාඛයෙනි, තෘෂ්ණාවගේ මේ අශෙෂවිරාගනිරොධය ‘සත්කාය නිරොධය’ යි භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරන ලදී.
4. ආර්‍ය්‍යාවෙනි, ‘සත්කායනිරොධගාමිනී ප්‍රතිපදාය, සත්කායනිරොධගාමිනී ප්‍රතිපදාය’ යි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කිනම් ප්‍රතිපදා ‘සත්කාය නිරොධගාමිනීප්රතිපදාය’යි වදාරන ලදු ද?
ඇවැත විශාඛයෙනි, භාග්‍යවතුන්වහන්සේ විසින් මේ අරීඅටඟිමඟ ම ‘සත්කාය නිරොධගාමිනීප්‍රතිපදා’ යයි වදාරනලදු. හෙ කෙසේය යත්: සම්‍යග්දෘෂ්ටිය, සම්යක්සඞ්කලපය, සම්යග්වාචාය, සම්යක්කර්මානතය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්යක්සමාධියි.
5. ආර්‍ය්‍යාවෙනි, ඒ උපාදාන හා ඒ පඤෙචාපාදානස්කන්‍ධ හා එක් ම වේ ද? නොහොත් පඤෙචාපාදානස්කන්‍ධ පියා උපාදාන අනෙකෙක් වේ ද?
ඇවැත විශාඛයෙනි, ඒ උපාදාන හා ඒ පඤෙචාපාදානස්කන්‍ධ එකෙක් ම නොවේ. පඤෙචාපාදානස්කන්‍ධ පියා උපාදාන නො ද අනෙකෙක් වෙයි. පඤෙචාපාදානස්කන්‍ධ කෙරෙහි යම් ඡන්‍දරාගයෙක් ඇද්ද, ඒ එහි උපාදාන නම් වෙයි.
6. ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සත්කායදෘෂ්ටි ඇති වේ ද?
ඇවැත විශාඛයෙනි, මෙ ලොව ආර්‍ය්‍යයන් නොදක්නා සුලු, ආර්ය්යධර්මය පිලිබඳව අකොවිද, ආර්ය්යධර්මයෙහි අවිනීත, (බුද්ධාදි) සත්පුරුෂයන් නොදක්නාසුලු, සත්පුරුෂධර්මය පිලිබඳ අකොවිද, සත්පුරුෂධර්මයෙහි අවිනීත අශ්‍රැතවත් පෘථග්ජන ශුද්ධරූපය ආත්මවශයෙන් (අද්වය කොට) දක්නේ ය. අරූප ආත්මයා රූපවත් කොට හෝ, රූපය ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා රූපයා කෙරෙහි එළවා හෝ (දෘෂ්ටිදර්ශනයෙන්) දක්නේය. වෙදනා ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා වෙදනාවත් කොට හෝ වෙදනා ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා වෙදනා කෙරෙහි එළවා හෝ දක්නේය. සංඥා ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා සංඥාවත් කොට හෝ, සංඥා ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා සංඥා කෙරෙහි එළවා හෝ දක්නේය. සංස්කාරයන් ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා සංස්කාරවත් කොට හෝ, සංස්කාර ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා සංස්කාර කෙරෙහි එළවා හෝ දක්නේය. විඥාන ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා විඥානවත් කොට හෝ, විඥාන ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා විඥාන කෙරෙහි එළවා හෝ දක්නේය. ඇවැත විශාඛයෙනි,මෙසෙයින් සත්කාය දෘෂටි ඇති වෙතියි කියු.
7. ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සත්කායදෘෂ්ටි ඇති නොවේ ද?
ඇවැත විශාඛයෙනි, මෙ ලොව ආර්‍ය්‍යයන් දක්නා සුලු, ආර්ය්යධර්මය පිලිබඳව කොවිද, ආර්ය්යධර්මයෙහි සුවිනීත, සත්පුරුෂයන් දක්නාසුලු, සත්පුරුෂධර්මය පිලිබඳ ව කොවිද, සත්පුරුෂධර්මයෙහි සුවිනීත ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්මවශයෙන් නො දක්නේ ය. ආත්මයා රූපවත් කොට හෝ, රූපය ආතමයෙහි පිහිටියේය යි හෝ, ආතමය රූපයෙහි පිහිටියේය යි හෝ, නො දක්නේ ය. වෙදනා ආත්ම වශයෙන් නො දක්නේ ය. ආත්මයා වෙදනාවත් කොට හෝ වෙදනා ආතමයෙහි පිහිටියේය යි හෝ, ආතමය වෙදනායෙහි පිහිටියේය යි හෝ නොදක්නේය. සංඥා ආත්ම වශයෙන් නො දක්නේ ය. ආත්මයා සංඥාවත් කොට හෝ, සංඥා ආතමයෙහි පිහිටියායි හෝ, ආතමය සංඥායෙහි පිහිටියේය යි හෝ, නො දක්නේය. සංස්කාර ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය සංස්කාරවත් කොට හෝ, සංස්කාර ආත්මයෙහි පිහිටියේ ය යි හෝ, ආත්මය සංස්කාරයෙහි පිහිටියේ ය යි හෝ, නො දක්නේය. විඥාන ආත්මවශයෙන් නො දක්නේ ය. ආත්මයා විඥානවත් කොට හෝ, විඥානය ආත්මයෙහි පිහිටියේ ය යි හෝ, ආත්මයා විඥානයෙහි පිහිටියේ ය යි හෝ නො දක්නේය. ඇවැත විශාඛයෙනි,මෙසෙයින් සත්කාය දෘෂටි නොවෙතියි කියු.
8. ආර්‍ය්‍යාවෙනි, අරීඅටඟිමඟ කවරේ ද?
ඇවැත විශාඛයෙනි, මේ ම අරීඅටඟිමඟ වෙයි. හෙ කෙසෙය යත්: සම්යග්දෘෂටිය, සම්යක්සඞ්කලපය, සම්යග්වාචාය, සම්යක්කර්මානතය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්යක්සමාධියි.
9. ආර්‍ය්‍යාවෙනි, අරීඅටඟිමඟ කිසි ප්‍රත්‍යයෙකින් කරන ලද වේ ද?
ඇවැත විශාඛයෙනි, අරීඅටඟිමඟ කිසි ප්‍රත්‍යයෙකින් කරන ලද වෙයි.
10. ආර්‍ය්‍යාවෙනි, ආර්ය්යාඅෂ්ටාඞ්ගිකමාර්ගය විසින් ත්රිවිධස්කන්ධයෝ සංග්‍රහ කොට ගන්නා ලද්දාහු ද? නොහොත් ත්රිවිධස්කන්ධයෝ විසින් ආර්ය්යාඅෂ්ටාඞ්ගිකමාර්ගය සංග්‍රහ කොට ගන්නා ලද්දේ ද?
ඇවැත විශාඛයෙනි, ආර්ය්යාඅෂ්ටාඞ්ගිකමාර්ගය විසින් ත්රිවිධස්කන්ධයෝ සඞ්ගෘහීත නො වෙති. ඇවැත විශාඛයෙනි, ත්රිවිධස්කන්ධ විසින් ආර්ය්යාඅෂ්ටාඞ්ගිකමාර්ගය සඞ්ගෘහීත වෙයි. ඇවැත විශාඛයෙනි, යම් සම්යග්වාචයෙක් ඇද්ද, යම් සම්‍යක් කර්මාන්තයෙක් ඇද්ද, යම් සම්‍යගාජීවයෙක් ඇද්ද, මේ දහම්හු ශීලස්කන්ධය විසින් සඞ්ගෘහීත වෙයි. යම් සම්‍යග්ව්‍යායාමයෙක් ඇද්ද, යම් සම්‍යක් ස්මෘතියෙක් ඇද්ද, යම් සම්‍යක්සමාධියෙක් ඇද්ද, මේ දහම්හු සමාධිස්කන්ධය විසින් සඞ්ගෘහීත වෙති. යම් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, යම් සම්යක්සඞ්කලපයෙක් ඇද්ද, මේ දහම්හු ප්රඥාස්කන්ධය විසින් සඞ්ගෘහීත වෙතියි කියු.
11. ආර්‍ය්‍යාවෙනි, සමාධි කවරේ ය? සමාධිනිමිතතයෝ කවරහු ය? සමාධිපරිෂ්කාරයෝ කවරහු ය? සමාධිභාවනා කවර?
ඇවැත විශාඛයෙනි, යම් චිතෛ්තකාග්රතායෙක් ඇද්ද, මේ ය සමාධිනම්. සතරසීවටන්හු සමාධිනිමිති වෙති. සතර සම්යක්ප්රධන්වීර්ය්යයෝ සමාධිපරිෂ්කාර වෙති. එම දහමුන් පිලිබඳ යම් ආසෙවනායෙක් භාවනායෙක් බිහිලිකමෙක් ඇද්ද, මේය එහි සමාධි භාවනා නම්.
12. ආර්‍ය්‍යාවෙනි, සංස්කාරයෝ කෙතෙක් ඇද්ද?
ඇවැත විශාඛයෙනි, සංස්කාරයෝ මොහු තුන් දෙනෙකි. කායසංස්කාරය, වාක්සංස්කාරය, චිත්තසංස්කාරයි.
13. ආර්‍ය්‍යාවෙනි, කායසංස්කාර කවරේ ය? වාක්සංස්කාර කවරේ ය? චිත්තසංස්කාර කවරේ ය?
ඇවැත විශාඛයෙනි, ආශ්වාසප්‍රශ්වාස කායසංස්කාර යි. විතර්කවිචාර වාක්සංස්කාර යි. සංඥා හා වෙදනා චිතතසංස්කාර යි.
14. ආර්‍ය්‍යාවෙනි, කවරහෙයෙකින් ආශ්වාසප්‍රශ්වාස කායසංස්කාර වේද? කවරහෙයෙකින් විතර්කවිචාර වාක්සංස්කාර වේද? කවරහෙයෙකින් සංඥා හා වෙදනා චිත්තසංස්කාර වේද?
ඇවැත විසාඛයෙනි, ආශ්වාසප්‍රශ්වාසයෝ කායික වෙති. මේ ධර්මයෝ කාය ප්‍රතිබද්ධයහ. එයින් ආශ්වාස ප්‍රශ්වාසයෝ කායසංස්කාර වෙති. ඇවැත විසාඛයෙනි, කැලැම විතර්ක කොට විචාර කොට පසු ව බස බිඳුනේ ය. එයින් විතර්කවිචාරයෝ වාක්සංස්කාර වෙති. සංඥා ද වෙදනා ද චෛතසිකයහ. මේ ධර්මයෝ චිත්ත ප්‍රතිබද්ධයහ. එයින් සංඥා ද වෙදනා ද චිත්තසංස්කාර වෙති.
15. ආර්‍ය්‍යාවෙනි, කෙසෙයින් සංඥාවෙදයිත නිරෝධ සමාපත්ති වේද?
ඇවැත විසාඛයෙනි, සංඥාවෙදයිතනිරෝධසමවතට සමවදනා මහණහට මෙවන් සිත් නොවෙයි: “මම සංඥාවෙදයිතනිරොධයට (මතු) සමවදින්නෙම් කියා හෝ, (දැන්) සමවදිමි කියා හෝ, (අන්තොනිරොධ විසින්) සමවැදිණිමි කියා හෝයි. වැලිදු, යම් භාවිත චිත්තයෙක් ඒ මහණ (අන්තොනිරොධ විසින් අවිත්තකභාව සඞ්ඛ්‍යාත) තථාත්වයට එළවා ද, ඒ මහණහුගේ කාලය පිරිසිඳුනා සිත (නිරොධසමාපත්තියෙන්) පළමු කොට ම එසෙයින් භාවිත වෙයි.
16. ආර්‍ය්‍යාවෙනි, සංඥාවෙදයිතනිරොධසමවතට සමවදනා මහණහට කිනම් ධර්මකෙනෙක් පළමු ව නිරුද්ධ වෙද් ද, කායසංස්කාර හෝ නිරුද්ධ වේද? වාක්සංස්කාර හෝ නිරුද්ධ වේද? චිතතසංස්කාර හෝ නිරුද්ධ වේද?
ඇවැත විසාඛයෙනි, සංඥාවෙදයිතනිරෝධයට සමවදනා මහණහට පළමු ව වාක්සංස්කාර නිරුද්ධ වෙයි. ඉන් පසු කායසංස්කාර නිරුද්ධ වෙයි. ඉන්පසු චිතතසංස්කාර නිරුද්ධ වෙයි.
17. ආර්‍ය්‍යාවෙනි, සංඥාවෙදයිතනිරොධසමවතින් නැගී සිටීම කෙසේ වේද?
ඇවැත විසාඛයෙනි, සංඥාවෙදයිතනිරෝධසමවතින් නැගෙන මහණහට මෙබඳු සිත් නොවෙයි: “මම සංඥාවෙදයිතනිරෝධසමවතින් නැගෙන්නෙමි කියා හෝ, නැගෙමි කියා හෝ, නැගුණෙමි කියා හෝ” යි. ‘වැලිදු, යම් භාවිත චිත්තයෙක් ඒ මහණ (අවිත්තකභාව සඞ්ඛ්‍යාත) තථාත්වයට ගෙන යේද, ඒ මහණහුගේ (අද්ධාන පරිච්ඡෙද) චිත්තය කැලැම (අද්ධාන පරිච්ඡෙදකාලයෙහි ම) එසෙයින් භාවිත වෙයි.
18. ආර්‍ය්‍යාවෙනි, සංඥාවෙදයිතනිරොධ සමවතින් නැඟෙන මහණහට කිනම් ධර්ම කෙනෙක් පළමු ව උපදනාහු ද, කායසංස්කාර හෝ උපදනේ වේද? වාක්සංස්කාර හෝ උපදනේ වේ ද? චිත්තසංස්කාර හෝ උපදනේ වේ ද?
ඇවැත විසාඛයෙනි, සංඥාවෙදයිතනිරොධ සමවතින් නැගෙන මහණහට පළමු ව චිත්තසංස්කාර උපදනේය. ඉන්පසු කායසංස්කාර උපදනේය. ඉන්පසු වාක්සංස්කාර උපදනේය.
19. ආර්‍ය්‍යාවෙනි, කෙතෙක් ස්පර්ශයෝ සංඥාවෙදයිතනිරොධසමවතින් නැගි මහණ පැහැස ගනිද්ද?
ඇවැත විසාඛයෙනි, ස්පර්ශයෝ තුන් දෙනෙක් සංඥාවෙදයිතනිරොධසමවතින් නැගි මහණ පැහැස ගනිති: සුඤ්ඤත පහස, අනිමිත්ත පහස, අප්පණිහිත පහසයි.
20. ආර්‍ය්‍යාවෙනි, සංඥාවෙදයිතනිරොධසමවතින් නැගි මහණහුගේ සිත කිමෙක අවනත ව ඇද්ද? කිමෙක ප්රවණව (නැමී) ඇද්ද? කිමෙක ප්‍රාග්භාර ව (නැඹුරු) ව ඇද්ද? ඇවැත විසාඛයෙනි, සංඥාවෙදයිතනිරොධසමවතින් නැගි මහණහුගේ සිත උපධිවිවේකය (නිවන) කෙරෙහි අවනතව ඇත. උපධි විවෙකය කෙරෙහි ප්‍රවණ ව සිටියේ වෙයි. උපධිවිවේකය කෙරෙහි (හෙන්නාක් සෙයින්) ප්රාග්භාරව සිටියේ වෙයි.
21. ආර්‍ය්‍යාවෙනි, වෙදනාවෝ කෙතෙක් ඇද්ද? ඇවැත විසාඛයෙනි, මේ වෙදනාවෝ තුන් දෙනෙකි: සුඛවෙදනාය, දුඃඛවෙදනාය, අදුඃඛසුඛවෙදනායි.
22. ආර්‍ය්‍යාවෙනි, සුඛවෙදනා කවර? දුඃඛවෙදනා කවර? අදුඃඛසුඛ වෙදනා කවර?
ඇවැත විසාඛයෙනි, (පඤ්චද්වාරික විසින්) කායික වූ (මනොද්වාරික) විසින් මිහිර සැහැවි ඇති යම් සුඛවෙදනායෙක් ඇද්ද, මේ සුඛ සහගිය වෙදනා වෙයි. ඇවැත විසාඛයෙනි, කායික වේවයි, චෛතසික වේවයි, නොමිහිරි සැහැවි ඇති යම් දුකඛවෙදනායෙක් ඇද්ද, මේ දුක්වෙදනා වෙයි. ඇවැත විසාඛයෙනි, කායික වේවයි, චෛතසික වේවයි, මධුරත් අමධුරත් නො වූ යම් වෙදනායෙක් ඇද්ද, මේ අදුඃඛසුඛ වෙදනායි කියු.
23. ආර්‍ය්‍යාවෙනි, සුඛවෙදනා කුමක් සුඛ කොට ඇති වේ ද, කුමක් දුක් කොට ඇති වේ ද? දුඃඛවෙදනා කුමක් දුක් කොට ඇති වේ ද, කුමක් සුඛ කොට ඇති වේ ද? උපෙක්ෂාවෙදනා කුමක් සුඛ කොට ඇති වේද, කුමක් දුක් කොට ඇති වේ ද?
ඇවැත විසාඛයෙනි, සුඛවෙදනා ස්ථිති (අස්තිභාවයෙහි) සුඛ වෙයි. විපරිණාම (නාස්තිභාවයෙහි) දුඃඛ වෙයි. දුඃඛවෙදනා ස්ථිති දුඃඛ වෙයි. විපරිණාම සුඛ වෙයි. උපෙක්ෂාවෙදනා ඥාන සුඛ (දන්නාබව සුව කොට ඇති) වෙයි. අඥාන දුඃඛ (නොදන්නාබව දුක්කොට ඇති) වෙයි.
24. ආර්‍ය්‍යාවෙනි, සුඛවෙදනායෙහි කිනම් අනුශය දහමෙක් (නොපුහුන් බැවින් සතන්හි) හෝනේ වේ ද? දුඃඛ වෙදනායෙහි කිනම් අනුශය දහමෙක් (සතන්හි) ලගනේ වේ ද? උපෙක්ෂාවෙදනායෙහි කිනම් අනුශය දහමෙක් ලුහුබැඳ ලැගගන්නේ වේ ද?
ඇවැත විසාඛයෙනි, සුඛවෙදනායෙහි රාගානුශය අනුශයන කෙරෙයි. දුඃඛවෙදනායෙහි ප්‍රතිඝානුශය හෝනේ වෙයි. උපෙක්ෂාවෙදනායෙහි අවිද්‍යානුශය හෝනේ වෙයි.
25. ආර්‍ය්‍යාවෙනි, හැම සුඛවෙදනායෙහි රාගානුශය ලුහුබැඳගෙන ලගනේ වේ ද? හැම දුඃඛවෙදනායෙහි ප්‍රතිඝානුශය ලුහුබැඳගෙන ලගනේ වේ ද? හැම උපෙක්ෂාවෙදනායෙහි අවිද්‍යානුශය ලුහුබැඳගෙන ලගනේ වේ ද?
ඇවැත විසාඛයෙනි, හැම සුඛවෙදනායෙහි රාගානුශය නො ලගනේය. හැම දුඃඛවෙදනායෙහි ප්‍රතිඝානුශය නො ලගනේය. හැම උපෙක්ෂාවෙදනායෙහි අවිද්‍යානුශය නො ලගනේය.
26. ආර්‍ය්‍යාවෙනි, සුඛවෙදනායෙහි කිමෙක් ප්‍රහාතව්‍ය වේ ද? දුඃඛ වෙදනායෙහි කිමෙක් ප්‍රහාතව්‍ය වේ ද? උපෙක්ෂාවෙදනායෙහි කිමෙක් ප්‍රහාතව්‍ය වේ ද?
ඇවැත විසාඛයෙනි, සුඛවෙදනායෙහි රාගානුශය ප්‍රහාතව්‍ය වේ. දුඃඛවෙදනායෙහි ප්‍රතිඝානුශය ප්‍රහාතව්‍ය වේ. උපෙක්ෂාවෙදනායෙහි අවිද්‍යානුශය ප්‍රහාතව්‍ය වේ.
27. ආර්‍ය්‍යාවෙනි, හැම සුඛවෙදනායෙහි රාගානුශය ප්‍රහාතව්‍ය වේ ද? හැම දුඃඛවෙදනායෙහි ප්‍රතිඝානුශය ප්‍රහාතව්‍ය වේ ද? හැම උපෙක්ෂාවෙදනායෙහි අවිද්‍යානුශය ප්‍රහාතව්‍ය වේ ද?
ඇවැත විසාඛයෙනි, හැම සුඛවෙදනායෙහි රාගානුශය ප්‍රහාතව්‍ය නො වේ. හැම දුඃඛවෙදනායෙහි ප්‍රතිඝානුශය ප්‍රහාතව්‍ය නො වේ. හැම උපෙක්ෂාවෙදනායෙහි අවිද්‍යානුශය ප්‍රහාතව්‍ය නො වේ.
ඇවැත විසාඛයෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව අකුසල් දහමින් වෙන් ව සවිතර්ක, සවිචාර, විවෙකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා ගෙන වාස කෙරෙ. ඒ ප්‍රථමධ්‍යානයෙන් රාගය ප්‍රහීණ කෙරෙ. ඒ ප්‍රථමධ්‍යාන (සුඛවෙදනා)යෙහි රාගානුශය ලුහුබැඳ ගෙන හෝනේ නො වෙයි.
ඇවැත විසාඛයෙනි, මෙ සස්නෙහි මහණ මෙසෙයින් ප්රත්යවෙක්ෂා කෙරෙ: “ආර්‍ය්‍යයෝ දැන් යම් රහත්බවක් (ඇටිඇටිසඳ) සමවැද වෙසෙද්ද, මම කිනම් දිනෙක ඒ අර්හත්ත්වායතනයට සමවැද වෙසෙම් දෝ” කියායි. මෙසේ අනුත්තරවිමොක්ෂයෙහි (අර්හත්ත්වයෙහි) ප්‍රාර්ථනා එළවා තබනුවහට තත්ප්රාර්ථනා නො ලැබීම හෙතුයෙන් දොම්නස් උපදනේ වෙයි. ඒ දෞර්‍මනස්‍යයෙන් ප්‍රතිඝ දුරුකෙරෙ. තද්රූපදෞර්මනස්ය (දුඃඛවෙදනා) යෙහි ප්‍රතිඝානුශය අනුශයන නො කෙරෙ.
ඇවැත විසාඛයෙනි, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ද දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් සොම්නස් දොම්නසුන් කලින් ම පහව යෑමෙන් අදුඃඛ වූ, අසුඛ වූ, උපෙක්ෂාවෙන් ජනිත ස්මෘතිපරිශුද්ධි ඇති චතුර්ථධ්යාන සමවැද වෙසෙයි. ඒ චතුර්ථධ්‍යානයෙන් අවිද්‍යා පුහුන් කෙරෙ. ඒ ධ්‍යාන (උපෙක්ෂා වෙදනා) යෙහි අවිද්‍යානුශය ලුහුබැඳ ලගනේ නො වෙයි.
28. ආර්‍ය්‍යාවෙනි, සුඛවෙදනාවට ප්‍රතිභාග කිම?
ඇවැත විසාඛයෙනි, සුඛවෙදනාවට දුඃඛවෙදනා විසභාග (විරුදධ) ප්‍රතිභාග වෙයි.
29. ආර්‍ය්‍යාවෙනි, දුඃඛවෙදනාවට ප්‍රතිභාග කිම?
ඇවැත විසාඛයෙනි, දුඃඛවෙදනාවට සුඛවෙදනා විසභාග (විරුදධ) ප්‍රතිභාග වෙයි.
30. ආර්‍ය්‍යාවෙනි, උපෙක්ෂාවෙදනාවට ප්‍රතිභාග කිම?
ඇවැත විසාඛයෙනි, උපෙක්ෂාවෙදනාවට අවිද්‍යා විසභාග (අවිරුදධ) ප්‍රතිභාග වෙයි.
31. ආර්‍ය්‍යාවෙනි, අවිද්‍යාවට ප්‍රතිභාග කිම?
ඇවැත විසාඛයෙනි, අවිද්‍යාවට විද්‍යා විසභාගප්රතිභාග වෙයි.
32. ආර්‍ය්‍යාවෙනි, විද්‍යාවට ප්‍රතිභාග කිම?
ඇවැත විසාඛයෙනි, විද්‍යාවට විමුක්ති සභාගප්‍රතිභාග වෙයි.
33. ආර්‍ය්‍යාවෙනි, විමුක්තියට ප්‍රතිභාග කිම?
ඇවැත විසාඛයෙනි, විමුක්තියට නිවන සභාගප්‍රතිභාග වෙයි.
34. ආර්‍ය්‍යාවෙනි, නිවනට ප්‍රතිභාග කිම?
ඇවැත විසාඛයෙනි, පැන පන්වා ගියෙහි නො. ප්රශ්නයන්ගේ පර්‍ය්‍යන්තය ගන්නට නොහැකි විහි නො. ඇවැත විසාඛයෙනි, බ්රම්සරවස නිවන් බැසගෙන ඇත. නිවන් පරමගති කොට ඇත. නිවන් කෙළවර කොට ඇත. ඇවැත විසාඛයෙනි, තෙපි කැමැතියහු නම් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ තෙල අරුත් විචාරව භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි තොපට විභාග කොට වදාරද්ද, එ අරුත් එපරිදි ගෙන් ධරව.
එක්බිති විසාඛ උපාසක ධම්මදින්නා මෙහෙණගේ තෙපුල් අභිනන්දන කොට අනුමොදන් ව හුනස්නෙන් නැගී ධම්මදින්නා මෙහෙණ සකසා වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ මැනැවින් වැඳ එකත්පසෙක හින. එකත්පස්ව හුන් විසාඛ උපාසක ධම්මදින්නා මෙහෙණ හා සමග යම්තාක් කථා සංලාප වී ද, එහැම භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය.
මෙසේ සැළකළකල්හි භාග්‍යවතුන් වහන්සේ විසාඛ උපාසකහට තෙල වදාළහ: විසාඛයෙනි, ධම්මදින්නා මෙහෙණ පණ්ඩිතභාව ඇතියක. විසාඛයෙනි, ධම්මදින්නා මෙහෙණ මහපැන ඇතියහ. විසාඛයෙනි, තෙපි මයිත් තෙල පැන පුළුවුස්නහු නම්, යම් පරිදි ධම්මදින්නා මෙහෙණ විසින් පවසන ලද නම්, මම ද එය එපරිදි ම ප්‍රකාශ කරමි. තෙල භාෂිතයාගේ අර්ථ තෙල ම වෙයි. තෙල අරුත් එපරිදි ම ධරව.
භාග්‍යවතුන් වහන්සේ මෙ බස් වදාළ සේක. (ප්‍රීතිසෞමනස්‍යයෙන්) ගත් සිතැති විසාඛ උපාසක භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව ගෙන සතුටු වී.
චූළවෙදල්ලසුත්රය සතරවැනියි.