එකපුග්‌ගල සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

     3. අනමතග්ග සංයුත්‌තය

1. තිණකට්ඨ වර්ගය

3.1.10

එකපුග්‌ගල සූත්‍රය

 

   

273. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමිපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එහි දි … මෙය වදාළ සේක.

මහණෙනි, මෙසසර නැවත නැවත බලයි දු නොපිරිසුන් කෙළවර ඇතියේ යි. මහණෙනි, කපක් මුළුල්ලේ දිවෙන සැරිසරණ එක් පුඟුලකුගේ ඇටසැකිල්ල ඇටගොඩ ඇටරැස ඉදින් රැස් කරන්නෙක් වන්නේ නම්, රැස් කරණ ලදුයේත් නො වැනසේ නම්, මේ වෙපුල්ල පර්වතය යම් සේ ද, එසේ මහත් වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො දන්නා ලද කෙළවර ඇතියේ ය. … එයින් මිදෙන්නට නිසි මැ යි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ යලි මතුදු මෙය වදාළ සේක:

එක් කපෙකින් එක් පුඟුලකුගේ ඇට රැස (වෙපුල්ල) පර්වතය බඳු රැසෙක් වන්නේ ය යි මහර්ෂි වූ බුදුරජානන් වහන්සේ විසින් වදාරණ ලදි.

ඒ මේ මහත් වෙපුල්ල පර්වතය මගධජනපදයෙහි ගිරිව්‍රජයෙහි (පර්වථ පරික්ෂෙපයෙහි) ගිජුකුළු පව්වට උතූරුදික්හි (පිහිටියේ) ය යි කියන ලදී.

යම් කලෙක දුක, දුක හට ගැණිම, දුක ඉක්මීම, දුක ඉක්මීමට යන අරිඅටගිමග යන ආර්යය සත්‍යයන් මනා නුවණින් දකී ද,

ඒ (සෝවන්) පුද්ගල තෙමේ සත්වරක් පරම කොට සැරිසරා සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් දුක් කෙළවර කරන්නෙක් වේ යි.

 

දසවැනි වූ එකපුග්‌ගල සූත්‍රය නිමියේ ය.

 

තිණකට්ඨවර්ගය පළමුවැ නි යි.

එහි උද්දානය:

තිණකට්ඨ, පඨවි, අස්සු, බීර, පබ්බත, සාසප, සාවක, ගඞ්ගා, දණ්ඩ, පුග්ගල ය යි සූත්‍ර දශයෙකි යි.