මාතුථඤ්ඤ සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

     3. අනමතග්ග සංයුත්‌තය

1. තිණකට්ඨ වර්ගය

3.1.4

මාතුථඤ්ඤ සූත්‍රය

 

  

267. සැවැත්නුවර -

මහණෙනි, මෙ සසර නො පිරිසුන් අග ඇතියේ ය, අවිද්‍යාවෙන් ඇවුරුණු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්වයන්ගේ මුල් කෙළවර නො පෙණේ. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? මේ දිගුකල දිවෙන සැරිසරණ තොප විසින් (එක්නම් ඇති මිනිස්) මවකගේ යම් කිරක් පූ ද, සිවුමහ සමුදුරෙහි යම් ජලයෙක් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි ද?

මහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, මා විසින් දේශනා කරණ ලද ධර්මය තෙපි මෙසේ දනිවු නම් මැනවි. මහණෙනි, මේ දිගුකල් දිවෙන සැරිසරණ තොප විසින් යම් මවුකිරෙක් පූ නම්, එය ම ඉතා වැඩි ය. සිවුමහසමුදුරෙහි දිය නො වැඩි ය. ඒ කුම් හෙයින යත්: මහණෙනි, මෙසසර නො දන්නා ලද කෙළවර ඇතියේ ය ... මිදෙන්නට සුදුසුමැ යි.

           

සිවුවැනි වූ මාතුථඤ්ඤ සූත්‍රය නිමියේ ය.