සාවක සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

     3. අනමතග්ග සංයුත්‌තය

1. තිණකට්ඨ වර්ගය

3.1.7

සාවක සූත්‍රය

 

  

270. සැවැත්නුවර -

එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ … එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: "වහන්ස, කෙතෙක් බොහෝ කල්පයෝ ගත වූවාහු ද, ඉක්මුනා ද"

මහණෙනි, අතීත වූ කල්පයෝ බොහෝ ය. මෙතෙක් කපැ යි හෝ මෙතෙක් කප් සියෙකැ යි හෝ මෙතෙක් කප්දහසැ යි හෝ මෙතෙක් කප් සියදහසැ යි හෝ එය ගිණුමට සුකර නො වෙයි වහන්ස, උපමාවක් කරනට හැකි දෑයි? මහාණෙනි, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණෙනි, මෙහි සියවස් ආයු ඇති සියවස් ජීවත් වන සුලු සව්වෝ සිවුදෙනෙක් වෙත් නම්, ඔහුත් දිනපතා කප් සියදහසක් කප් සියදහසක් සිහි කෙරෙත් නම්, මහණෙනි, ඔවුන් විසින් කල්පයෝ සිහි නො කළහු ම වෙත්. වැලි දු සියවස් ආයු ඇති සියවස් ජීවත්වන සුලු ඒ සිවුසව්වෝ සියවස් සියවස්හුගේ ඇවැමෙන් කලුරිය කරන්නාහු ය.

මහණෙනි, මෙසේ ගෙවී ගියා වූ ඉක්ම ගියා වූ කල්පයෝ බොහෝ ය. ඔහු මෙතෙක් කපැ යි හෝ, මෙතෙක් කප් සියෙකැයි හෝ, මෙතෙක් කප් දහසැයි හෝ, මෙතෙක් කප් සියදහසැයි හෝ ගිණීමට සූකර නො වෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර අපරිමාණ ය … එයින් මිදෙන්නට නිසි මැ යි.

 

 

සත්වැනි වූ සාවක සූත්‍රය නිමියේ ය.