සාසප සූත්‍රය

 

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

     3. අනමතග්ග සංයුත්‌තය

1. තිණකට්ඨ වර්ගය

3.1.6

සාසප සූත්‍රය

 

   

269. සැවැත්නුවර -

ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළබියේය... එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: වහන්ස, "කල්පය කෙතෙක් දිග ද?

මහණ, කල්පය දිගය. එය මෙතෙක් වසැ යි හෝ … මෙතෙක් වස් සියදහසැයි හෝ ගණනට සූකර නොවේ වහන්ස, උපමාවක් කරනට හැකි ද? මහණ, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යම් සේ දිගින් යොදුනක් වූ පුළුලින් යොදුනක් වූ උසින් යොදුනක් වූ අබැටින් සිළු බැද පිරුණු යපවුරෙන් පිරිකෙවු නුව‍රෙක් වේද, පුරුෂයෙක් සියවස් සියවස් ඇවෑමෙන් එයින් එක් එක් අබැටක් උදුරන්නේද, මහණ, ඒ මහත් අබැටරැස මේ උපක්‍රමයෙන් ඉතා වහා ගෙවීමට නිමාවට යන්නේ ය. කල්පය(එසේ ගෙවීමට) නො ම යන්නේ ය.

මහණ, මෙසේ කල්පය දිගය. මහණ, මෙසේ දික් වූ කල්පයන් අතුරෙන් ගෙවුනේ එක් කපෙක් නො වෙයි. ගෙවුනේ කප්සියෙක් නො වෙයි. ගෙවුනේ කප් දහසෙක් නො වෙයි. ගෙවුනේ කප් සියදහසෙක් නොවේ. ඒ කවර හෙයින යත්: මහණ, මෙසසර අනවරාග්‍රය ... එයින් මිදෙන්නට නිසි මැ යි.

 

 

සයවැනි වූ සාසප සූත්‍රය නිමියේ ය.