පොක්‌ඛරණී සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

සංයුත්තනිකාය

ද්විතීය භාගය

නිදානවර්ගය

1.අභිසමය සංයුත්‌තය

10. අභිසමය වර්ගය

1.10.2

පොක්‌ඛරණී සූත්‍රය

   

215. සැවැත්නුවර-

මහණෙනි, යම් සේ අයමින් පණස්යොදනක් ඇති විතරින් පණස් යොදනක් ඇති ගැඹරින් පණස්යොදනක් ඇති දියෙන් පිරුණු මුවවට සම වූ කවුඩන් විසින් පිය හැකි පොකුණක් වේ ද, පුරුෂයෙක් තෙමේ ඒ පොකුණෙන් කුසතණ අගින් දිය නගන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, කුසතණඅඟින් නගන ලද යම් දියෙක් හෝ පොකුණෙහි වූ යම් දියෙක් හෝ දැ යි?

වහන්ස, පොකුණෙහි වූ යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉබොහෝ ය. කුසතණ අගින් නගන ලද දිය ඉමඳ ය. පොකුණෙහි දිය හා සැසඳීමෙහි දී කුසතණ අගින් නගන ලද දිය සියවන කලාවටත් නො ම පැමිණෙ යි. දහස්වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ.

මහණෙනි, එපරිද්දෙන් ම ධර්මය අවබෝධ කළ දෘෂ්ටිසම්පන්න ආර්යශ්‍රාවක පුද්ගලයා විසින් ක්‍ෂය කරණ ලද අවසන් කරණ ලද යම් මේ දුකෙක් වේ ද, මෙය ම ඉබොහෝ ය. ඉතිරි වූ දුක ඉමඳ ය. සත්වරක් ඉපදීම පරම කොට ඇති යම් මේ දුකෙක් වේ ද, එය ක්‍ෂය කරණ ලද අවසන් කරණ ලද පළමු දුක්රැස හා සැසදීමේ දී සියවැනි කලාවටත් නො ම පැමිණෙයි. දහස්වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, ධර්මාවබෝධය මෙසේ මහදර්තථයක් නිපදවන්නේ ය. දහම්ඇස පිළිලැබීම මෙසේ මහදර්තථයක් නිපදවන්නේ වේ යි.

 

 

‍ෙදවැනිවූපොක්‌ඛරණී සූත්‍රය නිමියේය.