සුත්රාන්තපිටකයෙහි
සංයුත්තනිකාය
ද්විතීය භාගය
නිදානවර්ගය
1.අභිසමය සංයුත්තය
10. අභිසමය වර්ගය
1.10.7
සමුද්ද සූත්රය
220. සැවැත්නුවර-
මහණෙනි, යම් සේ පුරුෂයෙක් මහසමුදුරෙන් දියබිඳු දෙකක් හෝ තුනක් හෝ නගා ලන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉතා බොහෝ ද, නගන ලද යම් දියබිඳු දෙක හෝ තුන හෝ ද, මහසමුදුරෙහි යම් දිය හෝ දැයි?
වහන්ස, යම් මේ මහසමුදුරෙහි දිය වේ ද, මෙය ම ඉතා බොහෝ ය. නගන ලද දියබිඳු දෙක හෝ තුන හෝ ඉතා මඳ ය. මහසමුදුරෙහි දිය හා සැසඳිමෙහි දී නගන ලද දියබිඳු දෙක හෝ තුන හෝ සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසේයින් ම … දහම් ඇස පිළිලැබීම මහදර්ථයක් නිපදවන්නේ වේ යි.
සත්වැනි වූ සමුද්ද සූත්රය නිමියේය.