දෙවැනි චෙතනා සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

1. අභිසමය සංයුත්‌තය

4.කළාරඛත්තිය වර්ගය

1.4.9

දෙවැනි චෙතනා සූත්‍රය

 

 

   

39. සැවැත්නුවර -

මහණෙනි, යමකුත් සිතා ද, යමකුත් කල්පනා කෙරේ ද, යමකුත් නැවත නැවත පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටිම වේ. ඒ විඥානයේ පිහිටි කල්හි වැඩුනු කල්හි නාමරූපයේ බැස ගැන්ම වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ ... තෘෂ්ණාව ... උපාදාන ... භවය ... ජාතිය ... ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසයෝ හට ගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැණීම වේ.

මහණෙනි, ඉදින් නො සිතා ද, ඉදින් කල්පනා නො කෙරේ ද, එහෙත් නැවත නැවත පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානයේ පිහිටි කල්හි වැඩුනු කල්හි නාමරූපයේ බැස ගැන්ම වේ. නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැන්ම වේ.

මහණෙනි, යම් කලෙක නො ද සිතා ද, නො ද කල්පනා කෙරේ ද, නො ද පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ නො වේ. අරමුණ නැති කල්හි විඥානයේ පිහිටීම නො වේ. ඒ විඥානය නො පිහිටි කල්හි නො වැඩුනු කල්හි නාමරූපයේ බැස ගැණීම නො වේ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.

 

 

නවවැනි වූ දෙවැනි චෙතනා සූත්‍රය නිමියේය.