නතුම්හ සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

ද්විතීය භාගය 

නිදානවර්ගය 

1. අභිසමය සංයුත්‌තය

4.කළාරඛත්තිය වර්ගය

1.4.7

නතුම්හ සූත්‍රය

 

 

   

 

37. සැවැත්නුවර -

මහණෙනි, මේ කය තොපගේ නො වේ. අනුන්ගේ ද නො වේ. මහණෙනි, මේ පුරාණ කර්‍මයෙකි. ප්‍රත්‍යයයෙන් කරණ ලද්දේ ය. වේතනාව මුල් කොට ඇත්තේ ය. වේදනාවට වස්තු වූයේ යයි දතයුතු යි.

මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රවක තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදුදුක් රැසේ හට ගැණීම වේ. අවිද්‍යාවගේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදුදුක්රැසේ නිරෝධය වේය යන යමක් ඇද්ද, මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදි. මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධ වේ ය” යි පටිච්චසමුප්පාදය ම මනා කොට නුවණින් මෙනෙහි කෙරෙයි.

 

 

සත්වැනි වූ නතුම්හ සූත්‍රය   නිමියේ ය.