සුත්රාන්තපිටකයෙහි
සංයුත්තනිකාය
ද්විතීය භාගය
නිදානවර්ගය
1. අභිසමය සංයුත්තය
9.සත්ථු වර්ගය
1.9.1.11
සඞ්ඛාර සූත්රය
92. මහණෙනි, සංස්කාරයන් තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් සංස්කාරයන්හි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. සංස්කාරසමුදය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් සංස්කාරසමුදයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. සංස්කාර නිරෝධය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් සංස්කාර නිරෝධයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. සංස්කාර නිරෝධගාමිනී ප්රතිපදාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් සංස්කාරනිරෝධාගමිනී ප්රතිපදාවෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
(සියල්ල චතුස්සත්යයෙන් යුක්ත කට යුතු යි.)
එකොළොස් වැනි වූ සඞ්ඛාර සූත්රය නිමියේය.