සුත්රාන්තපිටකයෙහි
සංයුත්තනිකාය
ද්විතීය භාගය
නිදානවර්ගය
2. ධාතු සංයුත්තය
3.කම්මපථ වර්ගය
2.3.1
අසමාහිත සූත්රය
247. සැවැත්නුවර -
මහණෙනි, සත්වයෝ අදහස් වශයෙන්ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … අසමාහිත (උපචාර-අපර්ණා සමාධි රහිත)යෝ අසමාහිතයන් සමග … දුෂ්ප්රාඥයෝ දුෂ්ප්රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … සමාහිතයෝ සමාහිතයන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
පළමු වැනි වූ අසමාහිත සූත්රය නිමියේ ය.