සුත්රාන්තපිටකයෙහි
සංයුත්තනිකාය
ද්විතීය භාගය
නිදානවර්ගය
2. ධාතු සංයුත්තය
3.කම්මපථ වර්ගය
2.3.2
දුස්සීල සූත්රය
248. සැවැත්නුවර -
මහණෙනි, සත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග … පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … දුස්සීලයෝ දුස්සසීලයන් සමග … දුෂ්ප්රාඥයෝ දුෂ්ප්රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … සිල්වත්තු සිල්වතුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
දෙවැනි වූ දුස්සීල සූත්රය නිමියේ ය.