සහායක සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි 

සංයුත්තනිකාය

                                                 ද්විතීය භාගය                           

නිදානවර්ගය 

9. භික්ඛු සංයුත්‌තය

1. ප්‍රථම වර්ගය

9.1.12

සහායක සූත්‍රය

 

406. සැවැත්නුවර-

එකල්හි ආයුෂ්මත් මහාකප්පින තෙරුන්ගේ සද්ධිවිහාරික වූ යහලු භික්ෂූහූ දෙනමක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ ඔවුන් දුරදී ම දුටු සේක. දැක භික්ෂූන් ඇමැතූ සේක: මහණෙනි, තෙපි මහාකප්පිනගේ සද්ධිවිහාරික වූ තෙල එන යහලු භික්ෂූන් දෙනම දකිවු ද? වහන්ස, එසේ ය.

මහණෙනි, තෙල භික්ෂූහූ මහත් ඍද්ධි ඇතියහ. මහත් ආනුභාව ඇතියහ. ඒ භික්ෂූන් විසින් යම් සමවතක් නො සමවන් විරූ නම් එවැනි සමවතක් නො ම සුලබ ය. කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, මගබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර අර්‍හත්ත්වය මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසෙති යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි මෙය ද වදාළ සේක:

මේ යහලු භික්ෂූහු දිගුකලක් සමෙතිකා (මනා සේ සැසඳීම් වසයෙන් සම වූ සම්මදිට්ඨි ආදි ලබ්ධි) ඇතියෝ ම ය. (එහෙයින් ම දැන්) බුදුරජුන් විසින් පැවසූ ධර්‍ම්යෙහි ඔවුන්ගේ ප්‍රතිපත්ශාසන ධර්‍ම්ය සම වේ. (හොබනේ වේ.)

ආර්‍ය්‍ය බුදුරජුන් දෙසූ ධර්මයෙහි කප්පින විසින් මැනැවින් හික්මවන ලද ඔහු සේනා සහිත මරු දිනා අවසන් සිරුර දරත්.

 

දොළොස් වැනි වූ සහායක සූත්‍රය නිමියේ ය.

 

පළමුවන වර්ගය යී.