සුත්රාන්තපිටකයෙහි
සංයුත්තනිකාය
ද්විතීය භාගය
නිදානවර්ගය
5. ලාභසක්කාර සංයුත්තය
4. සඞ්ඝභේද වර්ගය
5.4.1
සඞ්ඝභේද සූත්රය
327. සැවැත්නුවර -
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්රශංසා දරුණු ය ...
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්රශංසායෙන් මැඩුණු ක්ෂය කොට ගන්නා ලද සිත් ඇති දෙව්දත් තෙමේ සඞ්ඝයා බින්දේ ය. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාරකීර්තිප්රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
පළමුවැනි වූ සඞ්ඝභේද සූත්රය නිමියේ ය.