පුරිස සූත්‍රය

3.1.2

පුරිස සූත්‍රය

113. සැවැත්නුවර -

2. එකල්හි පසේනදී කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, කෙතෙක් ධර්මයෝ පුරුෂයාගේ සිය සතන්හි රසදනාහු අභිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදිත් දැ” යි තෙල සැළ කළේ ය.

මහරජ, දහම්හු තිදෙනෙක් පුරුෂයාගේ සිය සතන්හි උපදනාහු අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදිත්. කවර තිදෙනෙක යත්: මහරජ, ලෝභය පුරුෂයාගේ සිය සතන්හි උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, ද්වේෂය පුරුෂයාගේ සිය සතන්හි උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, මෝහය පුරුෂයාගේ සිය සතන්හි උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, මේ දහම්හු තුන්දෙන පුරුෂයාගේ සිය සතන්හි උපදනාහු අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදිත්.

ලෝභය ද ද්වේෂය ද මෝහය ද සිය සතන්හි හටගත්තාහු ළමු අදහස් ඇති පුරුෂයා සිය ඵලය (හුණ බට ආදී) පොතුහර ගසක් පෙළෙන්නාක් මෙන් පෙළත්.

කෝසල සංයුත්තයේ, බන්ධන වර්ගයේ දෙවෙනි පුරිස සූත්‍රය නිමියේ ය.