අනෝම සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

1 . දේවතාසංයුත්තයේ

_____

5වෙනි ආදිත්ත වර්ගය

1.5.5

අනෝම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල මනා ඡවිවර්ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:

පිරිපුන් නම් ඇති සියුම් අරුත් දන්නාසුලු නුවණ දෙන කාම වස්තූන්හි නො ඇලුනු සියල්ල දන්නා මනා නුවණ ඇති ආර්‍යමාර්ගයෙහි ගියා වූ ඒ මහර්ෂිහු බලව.

සතළිස් පස් වැනි වූ අනෝම සූත්‍රය නිමියේ ය.