ඒක මූල

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

1 . දේවතාසංයුත්තයේ

_____

5වෙනි ආදිත්ත වර්ගය

1.5.4

ඒකමූල සූත්‍රය

මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල මනා ඡවිවර්ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:

එක් මුලක් ඇති සළාවැටුම් දෙකක් ඇති මල තුණක් ඇති ප්‍රස්තර පසක් ඇති ආවර්ත දොළසක් ඇති අගාධ වූ සමුද්‍රය මහර්ෂි තෙමේ තරණය කළේ ය.

සතළිස් සතර වැනි වූ ඒක මූල සූත්‍රය නිමියේ ය.