දුක්කර සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

දේවතාසංයුත්තය

2

නන්දන වර්‍ගය

ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.

 

1.2.7

 

දුක්කර සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදි. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි මනා වර්‍ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය.

 

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කීය:

 

[දෙවි:]

 

බාලයා විසින් මහණදම නොකට හැක්කේ ද, නො ඉවසිය හැක්කේ ද වේ. යම් මහණදමෙක්හි බාලයා පසුබසී ද, එහි ඔහුට සම්බාධයෝ බොහෝ වෙති.

 

[භාග්‍යවතුන් වහන්සේ:]

 

ඉදින් සිත (වරදින්)නොවළකන්නේ නම් කී දවසක් මහණකම කරන්නේ ද? පාපවිතර්‍කයන්ට වසඟ වූයේ පියවරක් නොහොත් අරමුණකක් පාසා පසු බසින්නේ ය.

 

ඉදිබුවා අවයව සිය කබලෙහි බහන්නාක් මෙන් මහණ තෙමේ මනෝවිතර්‍කයන් (භාවනාවලම්බන නැමැති කපල්ලෙහි) බහන්නේ නික්ශ්‍රය රහිත වූයේ අනුන් නොවෙහෙසන්නේ (කෙලෙස් පිරිනිවුමෙන්) පිරිනිවියේ කිසිවකුට උපදාව නො කරන්නේ යි.