ඕඝතරණ සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

දේවතාසංයුත්තය

1.නළවර්‍ගය

ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. 

1.1.1

ඕඝතරණසූත්‍රය 

මා විසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක් සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: 

නිදුකානන් වහන්ස, නුඹ වහන්සේ කෙසේ ඕඝය තරණය කළ සේක ද? 

[භගවතුන් වහන්සේ:] 

ඇවැත්නි, මම නො පිහිටමින් වෑයම් ද නො කරමින් ඕඝය තරණය කෙළෙමි. 

[දෙවි:] 

නිදුකානන්  වහන්ස, නුඹ වහන්සේ කෙසේ නම් නො පිහිටමින් වෑයම් ද නො කරමින් ඕඝය තරණය කළෙ සේක් ද?

 [භගවතුන් වහන්සේ:] 

ඇවැත්නි, මම යම් විටෙක පිහිටා සිටීම් ද එකල්හි ගිලෙමි. ඇවැත්නි මම යම් විටෙක වෑයම් කෙරෙම් ද එකල්හි ඉල්ප යෙමි. ඇවැත්නි, මෙසේ මම නොපිහිටමින් වෑයම් ද නො කරමින් ඕඝය තරණය කළෙමි. 

 

[දෙවි:] 

නො පිහිටමින් වෑයම් ද නො කරමින් ලෝකයෙහි තෘෂ්ණාව තරණය කළ කෙලෙස් නැසූ ක්ෂීණාස්‍රවබ්‍රාහ්මණයකු කලෙකින් දකිමි.

 ඒ දෙවි තෙමේ මෙය කීය. ශාස්තෘන් වහන්සේ මැනවින් අනුදත් සේක. ඒ දෙවි තෙමේ “භාග්‍යවතුන් වහන්සේ මාගේ වචනය අනුදත් සේකැ” යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වීය. 

ඕඝතරණ සූත්‍රය නිමියේ ය.

 

 

............දේශනා පාළිය..........

1. ඔඝතරණසුත්‌තං

1. එවං මෙ සුතං – එකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමෙ. අථ ඛො අඤ්‌ඤතරා දෙවතා අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කෙවලකප්‌පං ජෙතවනං ඔභාසෙත්‌වා යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං අට්‌ඨාසි. එකමන්‌තං ඨිතා ඛො සා දෙවතා භගවන්‌තං එතදවොච –

 ‘‘‘කථං නු ත්‌වං, මාරිස, ඔඝමතරී’ති?   

‘අප්‌පතිට්‌ඨං ඛ්‌වාහං, ආවුසො, අනායූහං ඔඝමතරි’න්‌ති.

‘යථා කථං පන ත්‌වං, මාරිස, අප්‌පතිට්‌ඨං අනායූහං ඔඝමතරී’ති?

‘යදාස්‌වාහං, ආවුසො, සන්‌තිට්‌ඨාමි තදාස්‌සු සංසීදාමි ; යදාස්වාහං, ආවුසො, ආයූහාමි තදාස්‌සු නිබ්‌බුය්‌හාමි [නිවය්‌හාමි (ස්‍යා. කං. ක.)]. එවං ඛ්‌වාහං, ආවුසො, අප්‌පතිට්‌ඨං අනායූහං ඕඝමතරි’’’න්‌ති.

‘‘චිරස්‌සං වත පස්‌සාමි, බ්‍රාහ්‌මණං පරිනිබ්‌බුතං;

අප්‌පතිට්‌ඨං අනායූහං, තිණ්‌ණං ලොකෙ විසත්‌තික’’න්‌ති. –

ඉදමවොච සා දෙවතා. සමනුඤ්‌ඤො සත්‌ථා අහොසි. අථ ඛො සා දෙවතා – ‘‘සමනුඤ්‌ඤො මෙ සත්‌ථා’’ති භගවන්‌තං අභිවාදෙත්‌වා පදක්‌ඛිණං කත්‌වා තත්‌ථෙවන්‌තරධායීති.

ඕඝතරණී සුත්තං නිට්ඨිතං