සකලික සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගය

1 . දේවතාසංයුත්තයේ

 

4. සතුල්ලපකායික වර්ගය

1.4.8

සකලික සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි මද්දකුච්ඡි නම් වූ මුව වෙනෙහි වැඩ වසන සේක.

 

එකල්හි භාග්‍යවතුන් වහන්ගේ පාදය ගල්පතුරෙකින් පහළේ වේ. භාග්‍යවතුන් වහන්සේට දුක් වූ දැඩි වූ රළු වූ තියුණු වූ නොමිහිරි වූ අමනාප වූ බලවත් ශාරීරික වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේඳනාවන් ඉවසන සේක.

 

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර සිව්ගුණ කොට පණවා දකුණු පයෙහි වම් පය මඳක් මෑත් කොට තබා දකුණුපසින් සංහශෙය්‍යාව කරණ සේක.

ඉක්බිති මනා ඡවිවර්ණ ඇති පන්සියයක් සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු මද්දකුච්ඡිය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේ ය:

භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් සිංහයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවෙන් සිංහ බැවින් ම මනා නුවණ ඇති ව නො පෙළෙමින් ඉවසයි.

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේය:

භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් ආජනීයයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් ආජානීය බැවින් ම සිහි ඇතිව මනා නුවණ ඇතිව නොපෙළෙමින් ඉවසයි.

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේය:

භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් නිසභයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් නිසභ  බැවින් ම සිහි ඇතිව මනා නුවණ ඇතිව නොපෙළෙමින් ඉවසයි.

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේය:

භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් ධොරය්හයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් ධොරය්හ  බැවින් ම සිහි ඇතිව මනා නුවණ ඇතිව නොපෙළෙමින් ඉවසයි.

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේය:

භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් දාන්තයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් දාන්ත බැවින් ම සිහි ඇතිව මනා නුවණ ඇතිව නොපෙළෙමින් ඉවසයි.

 

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේය:

බල, සමාධිය මොනවට වඩන ලදි. සිත ද සුවිමුක්ත ය (රාගානුගත වශයෙන්) පෙරට නැමිනේ නො ද වෙයි. (දෝසානුගතවශයෙන්) විමුඛ ව නැමුණේ නො ද වෙයි. (අල්පගුණසාස්‍රව සමිධිය සෙයින්) සප්‍ර යෝගචිත්තයෙන් ප්‍රත්‍යනීකධර්මයන් නිගෙන කෙලෙස් වළහා සිටියේ ද නො ම වෙයි. යමෙක් මෙබඳු පුරුෂනාගයකු පුරුෂ සිංහයකු පුරුෂාජාණීයකු පුරුෂනිෂභයකු පුරුෂධොරය්හයකු, පුරුෂ දාන්තයෙකු සැටිය යුතු කොට හඟනේ නම් නුනුවණ හැර අන් කිමෙක.

 

වේද පස දරණ සියක් වසක් මුළුල්ලේ තපස් ඇතිව හැසිරෙන බ්‍රාහ්මණයෝ වෙත් ද, ඔවුන් සිත ද මැනවින් නො මිදුණේ ය. ලාමක ස්වභාව ඇති ඔහු පරතෙරට නො යන්නෝ ය.

 

තෘෂ්ණායෙන් මඩනා ලද ව්‍රත ශීල දෙකින් බැඳුණු සියක් වසක් මුළුල්ලෙහි රූක්ෂ තපස් කරන (යම් බමණෝ වෙත් ද) ඔවුන්ගේ සිත ද මැනවින් නොමිදුණේ ය. හීනාත්මස්වබාව ඇති ඔහු පරතෙරට නො යන්නෝ .

 

මෙහි මානය කැමැත්තහුට දමයෙක් නැත. සමාධිවනයෙහි හුදකලා ව ප්‍රමත්තව වසන්නේ සසර පරතෙරට හෙවත් නිවනණට නොපැමිණෙන්නේ ය.

 

[භාග්‍යවතුන් වහන්සේ:]

 

මානය දුර ලා මැනවින් එකඟ වූ සිත් ඇති සියලු උපධීන්ගෙන් මිදුනු අප්‍රමත්ත ව හුදකලා ව වෙනෙහි හෙ තෙමේ සසර පරතෙරට හෙවත් නිවණට පැමිණෙන්නේ ය.

 

තිස් අට වැනි සකලික සූත්‍රය නිමියේ යේ ය.