වෙණ්හු සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගයේ

2 වෙනි දේවපුත්ත සංයුත්තයේ

 

2.      අනාථපිණ්ඩික වර්ගය 2.2.2.

වෙණ්හු සූත්‍රය

93. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ ආනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

එකල්හී වෙණ්හු දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මනා ඡවිවර්ණ ඇත්තේ, මුළු වේළුවනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි වෙණ්හු දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේ ය:

(යම්) මිනිස් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පර්යුපාසනා(ඇසුරුකොට) කොට ගොයුම්සස්නෙහි යෙදෙන්නාහු නොපමාව හික්මෙත් ද, ඔහු ඒකාන්තයෙන් සුවපත් වූවෝ ය.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: එම්බා වෙණ්හු දේවපුත්‍රය, ධ්‍යාන කරණ යම් කෙනෙක් මා විසින් ප්‍රකාශ කරණ ලද අනුශාසනපදයෙහි සුදුසු කල්හි නොපමාවෙමින් හික්මෙද් ද, ඔහු මරුවසඟ වූවෝ නොවන්නාහ යි.

වෙණ්හු සූත්‍රය නිමියේ ය.