චන්දිම සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

සංයුත්ත නිකාය

ප්‍රථම භාගය

______

සගාථවර්‍ගයේ

2 වෙනි දේවපුත්ත සංයුත්තයේ

1.සූරිය වර්‍ගයේ

 

2.1.9

චන්දිම සූත්‍රය

 

 

90. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ ආනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

එකල්හි සඳ දෙව්පුත් තෙමේ රාහු අසුරිඳු විසින් ගන්නා ලද්දේ වෙයි. එකල්හි සඳ දෙව්පුත් ‍තෙමේ භාග්‍යවතුන් වහන්සේ සිහි තෙරෙමින් ඒ වෙලාවෙහි මේ ගාථාව කීය.

“බුද්ධවීරයන් වහන්ස, මුබවහන්සේට නමස්කාර වේවා. සියලු තන්හි මිදුනේ වෙහි (මම) පීඩාවට පැමිණියෙම් වෙමි. ඒ මට පිහිට වනු මැනවි.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඳ දෙව්පුතු ඇරබ රාහු අසුරිඳුහට ගාථායෙන් වදාළ සේක.

“සඳ දෙව්පුත් තෙමේ අර්හත් වූ තථාගතයන් වහන්සේ  සරණ ගියේ ය. එම්බා රාහු අසුරය, සඳ මුදව, බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.”

ඉක්බිති රාහු අසුරිඳු තෙමේ සඳ දෙව්පුතු මුදා වෙළෙවිසැහැවි ඇත්තේ වේපවිත්ති අසුරිඳු වෙත එළඹියේ ය. එළඹ සංවේගයට පැමිණියේ හට ගත් ලොමුදහ ගැණුම් ඇත්තේ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි රාහු අසුරිඳු හට වෙපවිත්ති අසුරිඳු තෙමේ ගාථායෙන් කීය.

එම්බා රාහු අසුරය, කුමක් හෙයින් වෙළෙවිගති ඇතියකු මෙන් සඳ මිදුවෙහි ද? සංවේගස්වභාව ඇත්තේ අවුත් කුමක් හෙයින් බිය වූවකු මෙන් සිටිහි ද?

බුද්ධ ගාථායෙන් අභිගීත‍යෙමි. ඉදින් සඳ නොමිදුයෙම් නම් මාගේ මුදුන සත්කඩකට පැළෙන්නේ ය. ජීවත් වන්නෙම් සැප නොලබන්නෙමි.