අහිංසක සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

7. බ්‍රහ්මණ සංයුත්තයේ

______________________

1.අරහත්ත වර්ගය

 

7.1.5

 

අහිංසක සූත්‍රය

 

192. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි ජටාභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වි ය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ජටාභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:

ඇතුළත අවුල් ය, පිටත අවුල් ය. ප්‍රජාව අවුලෙන් වළඳනා ලද්දී ය. ගෞතමයන් වහන්ස, එය මුබ විචාරමි: කවරෙක් මේ අවුල නිරවුල් කරන්නේ දැයි.

[භගවත්හු:]

ප්‍රතිසන්ධිප්‍රඥා ඇති කෙලෙස් තවන වීර්යය ඇති පාරිහාරිය නුවණ ඇති (සසර) බිය දක්නාසුලු ඒ සත්ව තෙමේ ශීලයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව ද වඩමින් මේ (තෘෂ්ණා) අවුල නිරවුල් කරන්නේ ය.

යම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් දුරු කරණ ලද්දාහු ද, (ඔහු) ක්ෂීණාස්‍රව රහත්හුය. ඔවුන් විසින් (තෘෂ්ණා) අවුල නිරවුල් කරණ ලදී.

යම් තැනෙක නාමය ද, රූපය ද, ප්‍රතිඝය ද, රූපසංඥාව ද (යාම මොහු) නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් ද, එහි මේ තෘෂ්ණා අවුල සිඳෙයි.

මෙසේ වදාළ කල්හි ජටාභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි … ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.

 

පස්වැනි වූ අහිංසක සූත්‍රය නිමියේ ය.