නන්දති සූත්‍රය

4. 1. 8

නන්දති සූත්‍රය. 

144. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

දරුවන් ඇත්තේ දරුවන් හේතු කොට ගෙණ සතුටු වෙයි. එසේ ම ගෙරින් ඇත්තේ ගෙරින් හේතු කොට ගෙණ සතුටු වෙයි. උපධීහු මිනිසාගේ නන්දනයෝ ය යමෙක් උපධි රහිත වේ නම් හෙ තෙමේ සතුටු නො වෙයි.

[භගවතුන් වහන්සේ:]

දරුවන් ඇත්තේ දරුවන් හේතු කොට ගෙණ ශෝක කෙරෙයි. එසේ ම ගෙරින් ඇත්තේ ගෙරින් හේතු කොට ගෙණ ශෝක කෙරෙයි. උපධීහු මිනිසාගේ ශෝචනයෝ ය. යමෙක් උපධි රහිත නම් හෙ තෙමේ ශොක නො කෙරේ මැයි.

ඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනීය යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.

අටවැනි වූ නන්දති සූත්‍රය නිමියේ ය.