නාග සුත්‍රය

4. 1. 2.

නාග සූත්‍රය.

138. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල් දනව්වෙහි නේරඤජරා තෙරැ අජපල්නුගරුක්මුල වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ දැඩිගනඳුරෙහි එළිමහනෙක වැඩහුන් සේක. වැස්ස ද එක් එක් පොද හෙළයි.

ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට බිය වෙවුළුම ලොමු දැහැගැන්ම උපදවනු කැමැත්තේ මහත් ඇත්රජවෙසක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ඔහුගේ හිස මහකළුගලක් වැන්න. ඔහුගේ දත් පිරිසිදු රිදී වැන්න. ඔහුගේ සොඬය නගුලිස්දඬක් වැන්න.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යි දැන පවිටු මාරයාහට ගාථායෙන් වදාළ සේක. දීර්‍ඝකාලයක් මුළුල්ලෙහි සැරිසරන්නේ ශුභාශුභ වෙශවිලාස කොට (මා වෙත) පැමිණියෙහි ය. මාරය, එයින් තට කම් නැත. මාරය, තෝ නටුයෙහි.

ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී. සුගත ‍තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටුසිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.

දෙවෙනි නාග සූත්‍රය නිමියේ ය.