සුභ සූත්‍රය

4. 1. 3  

සුභ සූත්‍රය 

139. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල් දනව්වෙහි නේරඤජරා තෙරැ අජපල්නුගරුක්මුල වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ දැඩිගනඳුරෙහි අබවස වැඩහුන් සේක. වැස්ස ද එක්එක් පොද හෙළයි.

එකල්හි පවිටු මරු තෙමේ භාග්‍යවතුන් වහන්සේට බියවෙවුළුම ලොමුදැහැගැන්ම උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඔ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ප්‍රිය වූත් අප්‍රිය වූත් විසිතුරු සටහන් දක්වයි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවලින් වදාළ සේක:

දීර්‍ඝකාලයක් මුළුල්ලෙහි සැරිසරන්නේ ශුභාශුභවේශ විලාස කොට (මා වෙත ආයෙහි ය.) එම්බල පවිටු මරුව, තට එයින් කම් නැත. මරුව තෝ නටුයෙහි.

යම් කෙනෙක් කයින් ද වචනයෙන් ද සිතින් දසංවෘත වෙද්ද, මරුව, ඔහු තට වසඟ නොවෙත්. ඔහු මාරයාගේ බැම්මට අසු (-අතැවැස්සෝ) නො වෙත්.

එකල්හි පවිටු මරු තෙමේ “භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී ය”යි දුකට පත් වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.

තෙවැනි වූ  සුභ සූත්‍රය නිමියේ ය.