සොප්පසි සූත්‍රය

4. 1. 7

සොප්පසි සූත්‍රය. 

143. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් අබවස සක්මන් කොට රෑ පහන් වේලෙහි පා දෙව වෙහෙරට පිවිස (දකුණු) පය මත (වම්) පය මඳක් හැදැ තබා සිහි නුවණ ඇති ව නැඟී සිටුනා වෙලාව මෙනෙහි කොට දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක.

එකල්හි පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:

කිම නිදයි ද? කුමක් හෙයින් නිදයි ද? මළ එකකු මෙන් කුමකට නිදයි ද? ශුන්‍යාගාරයක් මා විසින් (ලදැ) යි නිදයි ද? කුමක් හෙයින් හිරු නැගි කල්හි නිදයි ද?

[භගවතුන් වහන්සේ:]

යමකුගේ ජාලිනී නම් වූ විසත්තිකා නම් වූ තෘෂණා තොමෝ කිසි භවයෙක්හි පමුණුවන්නට නැද් ද, ඒ සර්‍වඥ තෙමේ සියලු උපධීන් ක්ෂය කිරීමෙන් හොවී. මරුව, මෙහිලා තට කිම?

ඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනීය යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.

සත්වැනි වූ සොප්පසි සූත්‍රය නිමියේ ය.