පතිරූප සූත්‍රය

4. 2. 4

පතිරූප සූත්‍රය. 

150. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි ඒකසාල නම් බමුණූගම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දාහු දහම් දෙසන සේක.

ඉක්බිති පවිටු මරුහට මේ මහණ ගොයුම් තෙමේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. (බණ අසන්නවුන්ගේ) පැණැස වනසන්නට මහණ ගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි! මේ අදහස වි ය. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය.

යම් හෙයකින් මෙරමාහට අනුශාසනා කෙරෙහි ද, එය මුබට සුදුසු නො වේ. එය කෙරෙමින් රාග ප්‍රතිඝ දෙක්හි නො ලැගව

[භාග්‍යවතුන් වහන්සේ:]

යම් හෙයෙකින් සර්‍වඥ තෙමේ හිතානුකම්පා ඇති ව මෙරමාහට අනුශාසනා කෙරේ ද, (ඒ) තථාගත තෙමේ රාග ප්‍රතිඝ දෙකින් විශේෂයෙන් මිදුනේ වේ.

ඉක්බිති පවිටු මාර තෙමේ තථාගත තෙමේ මා දනී. සුගත තෙමේ මා දනී යයි දුකට පත්වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.

සිව්වැනි වූ පතිරූප සූත්‍රය නිමියේ ය.