පිණ්ඩ සූත්‍රය

4. 2. 8

 පිණ්ඩ සූත්‍රය.

154. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගද දනව්වෙහි පඤචශාලා නම් බමුණුගම්හි වැඩවසන සේක. එකල්හි පඤචශාලා බමුණුගමෙහි කුමරුන්ගේ (ඔවුනොවුන් යවන) තුටුපඬුරු කෙනෙක් වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ පඤචශාලා නම් බමුණුගමට පිඬු පිණිස පිවිසි සේක. එකල්හි පඤචශාලා වැසි බමුණු ගැහැවියෝ පවිටු මරු විසින් “මහණගොයුම් තෙමේ පිඬු නොලබාවා!” යි ආවිෂ්ට වෙත්.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ යථාධෞත පාත්‍රයෙන් (සිස්පයින්) යුක්ත ව පඤචශාලා බමුණුගමට පිඬු පිණිස පිවිසි සේක් ද, තථාධෞත පාත්‍රයෙන් (සිස්පයින්) යුක්ත ව පෙරළා වැඩි සේක.

ඉක්බිති පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: ශ්‍රමණය, පිඬු ලැබුවෙහි ද?

පවිට, මම යම්සේ පිඬු නො ලබන්නෙම් නම් තෝ එසේ කෙළෙහි නො?

වහන්ස, එසේ නම් භගවත් තෙමේ දෙවනවට දු පඤචශාලා බමුණුගමට පිවිසේවා. භගවත් තෙමේ යම්සේ පිඬු ලබන්නේ නම් මම එසේ කරන්නෙමි.

[භාග්‍යවතුන් වහන්සේ:]

මාර තෙමේ ඒ තථාගතයන් ගටා පව් රැස් කෙළේ ය. පවිට, “මාගේ පව් නොපැසෙති”යි කිම සිතයි ද?

යම්බඳු වූ අපට (රාගාදි) ක්ලේශජාතයෙක් නැද්ද (එසේ වූ අපි) ඒකාන්තයෙන් ඉතා සැපසේ ජීවත් වම්හ. ආභස්සර බඹලොව වැසි දෙවියන් මෙන් ප්‍රිතිය ම ආහාර කොට ඇත්තමෝ වම්හ.

ඉක්බිති පවිටු මාර තෙමේ තථාගත තෙමේ මා දනී. සුගත තෙමේ මා දනී යයි දුකට පත්වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.

අටවැනි වූ පිණ්ඩ සූත්‍රය නිමියේ ය.