මානස සූත්‍රය

4. 2. 5

මානස සූත්‍රය 

151. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.

අන්තරික්ෂචර වූ (අහස හැසිරෙන්නවුන් පවා බඳනා වූ) සිත්හි හටගත්තා වූ යම් මේ (රාග) පාශයෙක් හැසිරේ ද, එයින් මුබ පෙළන්නෙමි. මහණ, මාගේ විෂයයෙන් නො මිදෙන්නෙහි ය.

[භාග්‍යවතුන් වහන්සේ:]

සිත්කලු වූ රූපයෝ ය, ශබ්දයෝ ය, රසයෝ ය, ගන්ධයෝ ය, සප්‍රෂ්ටව්‍යයෝ ය, යන මේ පඤචකාමවස්තූන් කෙරෙහි වූ මාගේ රාගය පහවූයේ ය. මරුව තෝ නටුයෙහි.

ඉක්බිති පවිටු මාර තෙමේ තථාගත තෙමේ මා දනී. සුගත තෙමේ මා දනී යයි දුකට පත්වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.

පස්වැනි වූ මානස සූත්‍රය නිමියේ ය.