සීහ සූත්‍රය

4. 2.2

සිහ සූත්‍රය

148. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දාහු දහම් දෙසන සේක.

එකල්හි පවිටු මරුට “මේ මහණ ගොයුම් තෙමේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. (බණ අසන්නවුන්ගේ) නුවණැස වනසන්නට මහණ ගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු”යි මේ අදහස වි ය. ඉක්බිති පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:

කිම? පිරිස්හි සිංහයකු මෙන් විශාරද ව (=නො බිය පත් ව) නාද කෙරෙහි නු? දුනු විජය ඇතියෙමි යි හඟිහි ද? මුබට ප්‍රතිමල්ලයෙක් (=සතුරෙක්) ඇත් ම ය.

[භාග්‍යවතුන් වහන්සේ:]

ලොව තෘෂ්ණාව තරණය කළ බලයට පැමිණි මහාවීර වූ තථාගතයෝ ඒකාන්තයෙන් පිරිස්හි විශාරද වූවාහු නාද කෙරෙත්.

ඉක්බිති පවිටු මාර තෙමේ තථාගත තෙමේ මා දනී. සුගත තෙමේ මා දනී යයි දුකට පත්වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.

දෙවැනි සීහ සූත්‍රය නිමියේ ය.