පඨමසුක්කා සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

10. යක්ඛ සංයුත්තය

____________________

1.ඉන්දක වර්ගය

 

10.1.9

 

පඨමසුක්කා සූත්‍රය

   

243. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි සුක්කා මෙහෙණ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දී දහම් දෙසයි. ඉක්බිති සුක්කා මෙහෙණ කෙරෙහි බෙහෙවින් පහන් යක්ෂයෙක් රජගහනුවර වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට එළඹ ඒ වෙලාවෙහි මේ ගාථා කී ය:

යම් කෙනෙක් නිවන්පදය දෙසන්නා වූ සුක්කා මෙහෙණ වෙත නො එළඹෙද්ද, රජගහනුවර (වෙසෙන) මේ මිනිස්සු කුමක් කෙරෙද්ද? සුරාපානය කළවුන්සේ හොවිත්.

ඇසීමෙන් තෘප්තියට නො පැමිණෙන ස්වභාවයෙන් ම මිහිරි වූ ඕජෝගුණවත් වූ ඒ දහම වලාකුළු අතරෙන් නික්මෙන දිය බොන මගියන් මෙන් නුවණැත්තන් බොන්නාක් මෙනි.

 

නවවැනි වූ පඨමසුක්කා සූත්‍රය.