මණිභද්ද සූත්‍රය

 

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

10. යක්ඛ සංයුත්තය

____________________

1.ඉන්දක වර්ගය

 

10.1.4

 

මණිභද්ද සූත්‍රය

   

238. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගද දනව්වෙහි මණිමාළක චෙතියෙහි මණිභද්ද යකුගේ භවනෙහි වැඩ වසන සේක. එකල මණිභද්දයක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:

සිහි ඇත්තාහට හැමකල්හි යහපත වේ. සිහි ඇත්තේ සුවය වඩයි. සිහි ඇත්තහුගේ (ස්වාභාවය) හැමකල්හි ශ්‍රේෂ්ඨ ය. වෛරයෙන් ද මිදෙයි.

[භගවත්හු:]

සිහි ඇත්තාහට හැමකල්හි යහපත වේ. සිහි ඇත්තේ සුවය වඩයි. සිහි ඇත්තහුගේ (ස්වාභාවය) හැමකල්හි ශ්‍රේෂ්ඨ ය. (එහෙත් එපමණකින්) වෛරයෙන් නො මිදේ.

යමෙකුගේ සිත මුළු රෑදෙවෙහි අහිංසාවෙහි ඇලුනේ ද, හෙ තෙමේ සියලු සත්වයන් කෙරෙහි මෛ‍ත්‍රිය වඩයි. ඕහට කිසිවකු හා වෛරයෙක් නැත.

සිව්වැනි වූ මණිභද්ද සූත්‍රය නිමියේ ය.