අනුරුද්ධ සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

9. වන සංයුත්තය

____________________

1.වන වර්ගය

 

9.1.6

 

අනුරුද්ධ සූත්‍රය

 

   

226. එක්කලෙක අනුරුද්ධ ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ පෙරඅත්බව්හි බිරියක් වූ තව්තිසාවැසි ජාලිනී නම් එක්තරා දෙව්දුවක් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළඹියා. එළඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට ගාථායෙන් කිවු ය.

පෙර යම් දෙව්ලොවෙක නුඹවහන්සේ විසීම වී ද, එහි සිත පිහිටුවනු මැනව. සියලු කාමයෙන් සමෘද්ධ වූ තව්තිසා දෙවියන් කෙරෙහි දෙවඟනන් විසින් පෙරටු කරණ ලදු ව, පිරිවරණ ලදු ව බැබළුනුහු,

දෙවඟනෝ (ප්‍රතිපත්ති දුර්ගතියෙන්) දුර්ගතයහ. සත්කායයෙහි පිහිටියෝ ය. දෙවඟනන් විසින් පතන ලද ඒ සත්වයෝ ද දුර්ගතයහ.

යම් කෙනෙක් පිරිවර - යශස් ඇති තිදස්වැසි දේවපුරුෂයන්ගේ නදුනුයන නො දකිද්ද ඔහු සුවය නො දනිත්.

[අනුරුද්ධ:]

බාල තැනැත්තිය, “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සංහිඳීම සුව ය” යන රහතුන්ගේ වදන පරිදි තෝ නො දන්නහු.

එම්බා, ජාලිනි, දැන් දේවකායෙහි නැවත විසීමෙක් (මට) නැත. ඉපදීම යයි කියන ලද සංසාරය ක්ෂීණ වූයේ ය. දැන් පුනර්භවයෙක් (මට) නැත.

 

සවැනි වූ අනුරුද්ධ ‍සූත්‍රය නිමියේ ය.