අයොනිසො සූත්‍රය

 

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

9. වන සංයුත්තය

____________________

1.වන වර්ගය

 

9.1.11

 

අයොනිසො සූත්‍රය

 

   

231. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ දිවා විහාරයට ගියේ ලාමක අකුසල විතර්කයන් (කාමවිතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය) විතර්කනය කෙරෙයි.

ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණහට සංවෙග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:

නුනුවණින් මෙනෙහි කිරීමෙන් ඒ තෙපි පාපවිතර්කයන් විසින් කනු ලැබහු. නුනුවණින් මෙනෙහි කිරීම බැහැර කොට නුවණින් මෙනෙහි කරව.

ශස්තෲන් වහන්සේ ද ධර්මය ද සඞ්ඝයා ද තමාගේ සිල් ද ඇරබ ඒකාන්තයෙන් ප්‍රමෝද්‍යයත් ප්‍රීතිය හා සුවත් ලබව. එයින් ප්‍රමෝදය බහුල කොට ඇතිව දුක් කෙළවර කරන්නාහු ය.

ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවිග්න වූයේ ය.

 

එකොළොස්වැනි වූ ‍අයොනිසො සූත්‍රය නිමියේ ය.