කුලඝරණී සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

9. වන සංයුත්තය

____________________

1.වන වර්ගය

 

9.1.8

 

කුලඝරණි සූත්‍රය

 

 

   

228. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ එක්තරා කුලයක් කෙරෙහි අතිශය ඇතුළත් බවට පැමිණියේ අතිමාත්‍රකාලයක් වැඩ වෙසෙයි.

ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණ සංවිග්න කරවනු කැමැත්තේ ඒ කුලයෙහි ඒ කුලගෙහඹු වෙස් ගෙණ ඒ මහණ වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:

ගං තෙර ද, විඩා සංහිඳුවන තැන ද, සභායෙහි ද, වීථියෙහි ද, ජනයෝ මුළු දී මා ගැණ ද, නුඹ වහන්සේ ගැණ ද කථා කෙරෙත්. කුමන හේතු ද?

තපස්වීහු විසින් ඉවසියයුතු වූ ප්‍රතිලොමශබ්දයෝ බොහෝහ. ඒ තපස්වීහු විසින් නිතෙද නො වියයුතුයි. එයින් නො ම කිලිටි වේ.

යමෙක් වෙනෙහි වාතමෘගයකු මෙන් ශබ්දයෙන් තැති ගන්නාසුලු වේ ද, ඔහු ලුහු සිත් ඇතියහ යි කියත්. ඔහුගේ ව්‍රතය නොසැපයේ.

අටවැනි වූ කුලඝරණී සූත්‍රය නිමියේ ය.