නාගදත්ත සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

9. වන සංයුත්තය

____________________

1.වන වර්ගය

 

9.1.7

 

නාගදත්ත සූත්‍රය

 

   

227. එක්කලෙක ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ ඉතා කලින් ගමට පිවිසෙයි. ඉතා දවල් පෙරළා එයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහීත වූ ආයුෂ්මත් නාගදත්ත තෙරුන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ආයුෂ්මත් නාගදත්ත තෙරුන් සංවිග්න කරවනු කැමැත්තේ ආයුෂ්මත් නාගදත්ත තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් නාගදත්ත තෙරුන්ට ගාථායෙන් කී ය:

නාගදත්ත, අලුයම් කාලයෙහි (පිඬු පිණිස) පිවිස වෙලාව ඉක්මවා හැසිරන සුලු වූයෙහි ගිහියන් හා හැනුනෙහි ඉතා දවල් පෙරළා අවුත් (ගිහියන් හා) සමාන සුවදුක් ඇත්තෙහිය.

ඉතා බුහුටි වූ කුලයන්හි බැඳුනා වූ නාගදත්ත (මහණහු ගැණ) බමි. බලවත් වූ මෘත්‍යුරාජ වූ මරුගේ වශයට නො ම පැමිණෙව.

ඉක්බිති ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ ඒ දේවතාව විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවිග්න වි ය.

 

සත්වැනි වූ නාගදත්ත සූත්‍රය නිමියේ ය.