වජ්ජිපුත්ත සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

9. වන සංයුත්තය

____________________

1.වන වර්ගය

 

9.1.9

 

වජ්ජිපුත්ත සූත්‍රය

 

 

   

229. එක්කලෙක එක්තරා වජ්ජිපුත්තක මහණෙක් විසල්පුර සමීපයෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි විසල්පුරයෙහි සව්රෑකෙළියෙක් වෙයි. ඉක්බිති ඒ මහණ තෙමේ විසල්පුරයෙහි තැළු තුරුයෙහි හා වැයු වෙණෙහි හා ගොස හා හඬ අසා හඬමින් ඒ වේලයෙහි මේ ගාථාව කී ය:

අපි වෙනෙහි පියන ලද දරකඩක් මෙන් මෙබඳු රැයෙහි එකලාවමෝ අරණෙහි වසම්හ. කවරෙක් නම් අප වරා අතිශය පාප ඇතියෙක් වේ ද?

ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමැති ඒ දෙවි ඒ මහණහට සංවෙග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:

තෙපි වෙනෙහි ලූ දරකඩක් මෙන් අරණෙහි එකලා ව වසව. ඒ තොපට දෙව්ලොව යන්නවුන් ට (කැමති වන්නා වූ) නිරීසතුන් මෙන් බොහෝ දෙනෙක් කැමති වෙති.

ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට (ඔතප් බියට) පමුණුවන ලද්දේ සංවිග්න වූයේ ය.

 

නවවැනි වූ වජ්ජිපුත්ත සූත්‍රය නිමියේ ය.