සජ්ඣාය සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

සගාථවර්ගයට අයත්

__________________

9. වන සංයුත්තය

____________________

1.වන වර්ගය

 

9.1.10

 

සජ්ඣාය සූත්‍රය

 

 

 

   

230. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ පෙර අතිමාත්‍රකාලයක් හැදෑරීම් බහුල කොට ඇත්තේ වෙසෙයි. (එහෙත්) හෙ තෙමේ පසුකලෙක උත්සාහ රහිත වූයේ කල් ගෙවයි.

එකල්හි ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ දෙවි ඒ මහණහුගේ ධර්මය නො අසන්නේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය.

මහණ, නුඹ වහන්සේ භික්ෂූන් සමග වෙසෙමින් කුමක් හෙයින් ධර්මපදයන් නොහදාරන්නහු ද? ධර්මය අසා පැහැදීම ලබ යි. ඉහාත්මයෙහි ම පැසැසීම ද ලබයි.

යම්තාක් ආර්යමාර්ගය හා එක් වූවමෝ ද, (ඊට) පෙර ධර්මපදයන්හි ඡන්දරාගය වී ය. යම් හෙයකින් ආර්යමාර්ගය හා එක් වුවමෝ ද (එහෙයින්) යම් කිසි ඇසින් දුටු රූපයෙක් හෝ කණින් ඇසූ ශබ්දයෙක් හෝ කයින් පහස්නා ලද ස්ප්‍රෂ්ටව්‍යයෙක් හෝ වේ ද, (ඒ සියල්ල අනිත්‍යාදි වශයෙන්) දැන දුර ලීම කළම්හ. ආර්යයෝ එය කියත්.

 

දසවැනි වූ සජ්ඣාය සූත්‍රය නිමියේ ය.