මායා සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි,

සංයුත්ත නිකායේ,

ප්‍රථම භාගයේ

 

සගාථවර්ගයට අයත්

__________________

11. සක්‌ක සංයුත්‌තයේ

සක්කපඤ්චකය

 

11.3.3

 මායා සූත්‍රය

   

269. සැවැත්නුවර -

මහණෙනි, පෙර වූවක් කියමි. වෙපචිති අසිරිඳු (ඉසිගණයාගේ සාපයෙන්) හටගත් ආබාධ ඇත්තේ දුකට පත්වූයේ දැඩිසේ ගිලන් වූයේ විය. මහණෙනි, ඉක්බිති, සක්දෙවිඳු තෙමේ ගිලන්සේ විමසන්නක් ව වෙපචිත්ති අසුරිඳු වේත එළඹියේ ය.

මහණෙනි, වෙපචිත්ති අසුරිඳු එන්නා වූ සක්දෙවිඳු දුර දී ම දැක්කේ ය. දැක සක් දෙවිඳුට ‘දේවේන්ද්‍රය, මට පිළියම් කරව’යි මෙය කී ය.

‘වෙපචිත්ති, මා සම්බරීමායාව හදාරවාලව’යි (සක්දෙව් කී ය.) නිදුකානෙනි, මම අසුරයන් පුළුවුස්නා තෙක් නො හදාරව’යි වෙපචිත්ති කී ය.

ඉක්බිති වේපචිත්ති අසුරිඳු “පින්වත්නි, මම සක්දෙවිඳු සම්බරීමායාව හදාරවම් දැ යි අසුරයන් පිළිවිසී ය. නිදුකානෙනි, තෙපි සක් දෙවිඳු සම්බරීමායාව නො ම හදාරවාලවු.”

මහණෙනි, එකල්හි වෙපචිත්ති අසුරිඳු සක්දෙවිඳුට ගාථායෙන් කී ය:

“මඝ යන නම් ඇත්තව, ශ්‍රක්‍රය, දේවෙන්ද්‍රය, සුජාවගේ හිමිය, මායා ඇති පුද්ගල තෙමේ සම්බර නම් අසුරයා මෙන් සියවසක් පැසෙන දරුණු නිරයට පැමිණෙයි.”

තුන්වැනි වූ මායාසූත්‍රය නිමියේ ය.