සංයුත්තනිකායෙහි,
සංයුත්ත නිකායේ,
ප්‍රථම භාගයේ
සගාථවර්ගයට අයත්
__________________
11. සක්ක සංයුත්තය
11.1.8
වේරෝචන අසුරින්ද සූත්‍රය
254. සැවැත්නුවර -
එකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහරණයට වැඩි සේක් පිළිසලන ඇතිසේක. ඉක්බිති සක්දෙවිඳු ද වේරොචන අසුරිඳු ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ වෙන වෙන ම දොරඹා ඇසුරු කොට සිටියහ. එකල්හි වෙරොචන අසුරිඳු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
අර්ථනිෂ්පත්තිය තෙක් පුරුෂ තෙමේ වෑයම් කරන්නේ ම ය. අර්ථවයෝ නිෂ්පත්තිය නිසා හොබනසුලු වෙත්. මේ වෙරොචන අසුරිඳුගේ බස යි.
[සක්දෙවිඳු:]
අර්ථනිෂ්පත්තිය තෙක් පුරුෂ තෙමේ වෑයම් කරන්නේ ම ය. අර්ථවයෝ නිෂ්පත්තිය නිසා හොබනසුලු වෙත්. ඉවසීමට වඩා වැඩසිටි අරුනෙක් නැත. (මේ සක්දෙවිඳුගේ බසයි.)
[වෙරොචන:]
සියලු සත්වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිද්දෙන් හටගත් කටයුතු ඇත්තෝ ය. සියලු සතුන්ගේ සම්භෝගයෝ සංයෝගය පරම කොට ඇත්තෝ ම ය. අර්ථයෝ නිෂ්පත්තිය නිසා බබලනසුලු වෙත්. මේ වෙරොචන අසුරිඳුගේ බස යි.
[සක්දෙවිඳු:]
සියලු සත්වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිද්දෙන් හටගත් කටයුතු ඇත්තෝ ය. සියලු සතුන්ගේ සම්භෝගයෝ සංයෝගය පරම කොට ඇත්තාහු ම ය. අර්ථයෝ නිෂ්පත්තිය නිසා හොබනාහු වෙත්. ඉවසීමට වඩා වැඩසිටි අරුතෙක් නැත. (මේ සක්දෙවිඳුගේ බසයි).
අටවැනි වූ වේරෝචන අසුරින්ද සූත්‍රය නිමියේ ය