අජ්ඣත්තානත්ත සූත්‍රය
3. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඩු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි‘යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, ඇස අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ“ යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනා නුවණින් දැක්ක යුතු ය.
මහණෙනි, කණ අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ“ යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනා නුවණින් දැක්ක යුතු ය.
මහණෙනි, නැහැය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ“ යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනා නුවණින් දැක්ක යුතු ය.
මහණෙනි, දිව අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ“ යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනා නුවණින් දැක්ක යුතු ය.
මහණෙනි, කය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ“ යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනා නුවණින් දැක්ක යුතු ය.
මනස අනාත්ම ය, යමෙක් අනාත්ම නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙයි. තෙලෙ මාගේ ආත්මය නොවේ“ යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රැත ආර්යශ්‍රාවක ඇසෙහි දු කලකිරෙයි. කනෙහි දු කලකිරෙයි. නැහැයෙහි දු කලකිරෙයි. දිවෙහි දු කලකිරෙයි. කයෙහි දු කලකිරෙයි. සිතෙහි දු කලකිරෙයි (හේ) කලකිරෙන්නේ විරක්ත වෙයි. විරාග හේතුයෙන් (සසරින්) විමුක්ත වෙයි. විමුක්ත වත් මැ ‘ විමුක්ත‘ යැ යන ඥානය උදාවෙයි, උත්පත්තිය ක්ෂීන වියැ. බඹසර වැසැ නිමවන ලදි. කරණී කරන ලදි. මේ රහත්බව පිණිස කළයුතු අනෙක් කිසෙක් නැතැයි නුවණින් දනියි.
තෙවෙනි අජ්ඣත්ත දුක්ඛ සූත්‍රය නිමියේ ය.