දුතිය අජඣත්තානිච්ච සූත්‍රය

දුතිය අජ්ඣත්තානිච්ච සූත්‍රය

 7. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඩු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි‘යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

මහණෙනි, අතීත වූ ද, අනාගත වූ ද ඇස අනිස ය. පවත්නා රූපය පිළිබඳ ව  කිනම් කතාවේ ක් ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රැත අරිසවු ඉකතුත් ඇසෙහිත් නිරපේක්ෂ වෙයි. අනාගත ඇස නො පතයි. පවත්නා ඇස පිළිබඳ ව නිර්වේදය පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. 

         මහණෙනි, අතීත වූ ද, අනාගත වූ ද කණ අනිස ය. පවත්නා රූපය පිළිබඳ ව  කිනම් කතාවේ ක් ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රැත අරිසවු ඉහාත්ම කණෙහිත් නිරපේක්ෂ වෙයි. අනාගත කණ නො පතයි. පවත්නා කණ පිළිබඳ ව නිර්වේදය පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

මහණෙනි, අතීත වූ ද, අනාගත වූ ද නැහැය අනිස ය. පවත්නා රූපය පිළිබඳ ව  කිනම් කතාවේ ක් ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රැත අරිසවු ඉහාත්ම නැහැයෙහිත් නිරපේක්ෂ වෙයි. අනාගත නැහැය නො පතයි. පවත්නා නැහැය පිළිබඳ ව නිර්වේදය පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

මහෙණෙනි, ඉකුත් වු ද නොපැමිණියා වූ ද දිව අනිස ය, පවත්නා දිව පිළිබඳ කිනම් කතාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රැත අරිසවු ඉකුත් දිවෙහි නිරපේක්ෂ වෙයි අනාගත දිව නො පතයි. පවත්නා දිවෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

         මහණෙනි, අතීත වූ ද, අනාගත වූ ද කය අනිස ය. පවත්නා රූපය පිළිබඳ ව  කිනම් කතාවේ ක් ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රැත අරිසවු ඉකතුත් කයෙහිත් නිරපේක්ෂ වෙයි. අනාගත කය නො පතයි. පවත්නා ඇස පිළිබඳ ව නිර්වේදය පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

මහණෙනි, ඉකුත් වූ ද නොපැමිණියා වූ ද මනස අනිස ය. වර්‍තමාන මනෙසහි  කිනම් කථා යැ. මහණෙනි මෙසේ දක්නා බහුශ්‍රැත අරිසවු අතීත මනසෙහි නිරපේක්ෂ වෙයි. අනාගත මනස නො පතයි. වර්‍තමාන මනසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රැත අරීසවු ඇසෙහි දු කලකිරෙයි, කණෙහි දු කලකිරෙයි, නැහැයෙහි දු කලකිරෙයි, දිවෙහි දු කලකිරෙයි, කයෙහි දු කලකිරෙයි, මනස්හි දු කලකිරෙයි, කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් සසරින් මිදෙයි. මිදුණු කල්හි ‘මිදිණැ‘යි දැනීම වෙයි. ජාතිය ක්ෂීණ විය. බඹසර වැස නිමවන ලද. කටයුතු කරන ලද. මේ රහත් බව පිණිස අනෙකක් නැතැ“යි දැන ගනි යි.

                                                    සත්වැනි වූ දුතිය අජ්ඣත්තානිච්ච සූත්‍රය නිමියේ ය.

සළායතන සංයුත්තය