බාහිරදුක්ඛ සූත්‍රය

බාහිරදුක්ඛ සුත්‍රය

5.  මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඩු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි‘යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

මහණෙනි, රූ දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “ මේ මාගේ නො වෙයි. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ“ යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි.

         මහණෙනි, සද දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “ මේ මාගේ නො වෙයි. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ“ යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි.

මහණෙනි, ගඳ දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “ මේ මාගේ නො වෙයි. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ“ යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි.

මහණෙනි, රස දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “ මේ මාගේ නො වෙයි. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ“ යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි.

මහණෙනි, පහස්  දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “ මේ මාගේ නො වෙයි. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ“ යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි.

මහණෙනි, දහම්  දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “ මේ මාගේ නො වෙයි. මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නොවේ“ යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.

මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රැත අරීසවු රූපයෙහි දු කලකිරෙයි, ශබ්දයෙහි දු කලකිරෙයි, ගඳෙහි දු කලකිරෙයි, රසෙහි දු කලකිරෙයි, පහස්හි දු කලකිරෙයි, දහම්හි දු කලකිරෙයි, කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් සසරින් මිදෙයි. මිදුණු කල්හි ‘මිදිණැ‘යි දැනීම වෙයි. ජාතිය ක්ෂීණ විය. බඹසර වැස නිමවන ලද. කටයුතු කරන ලද. මේ රහත් බව පිණිස අනෙකක් නැතැ“යි දැන ගනි යි.

පස්වැනි බාහිරදුක්ඛ සූත්‍රය නිමියේ ය.

සළායතන සංයුත්තය